Friday 2 July 2010

විරෝධය පලකිරීමක්

ලියන්නට හරිහමන් දෙයක් කම්පනාවට නොආ නිසා සහ බී.සී. වී සහ busy වී සිටි නිසා සෑහෙන කාලයකට ලිපියක් නොලිවීම ගැන පසුතැවෙමින් සිටියෙමි. ඒ අතර lunch hour එකේ හප හපා(දිවා ආහාරය) කොට කොටා(keyboard එකට) සිටි මට කොහේන් හෝ පාත්වුනු ලිංක් එකක කික් කර ඒ ලිපිය කියවාගෙන මග දුරක් යනවිට ඔලුවට බස බස ගා කුනුහරප ගලා එන්නට විය. ලිපිය අගටම කියවූ පසු ඇතිවූ හැකය නිසා පුංචි search පාරක් දැමූ විට මේ ලිපිය ඇස ගැටුනෙන් ඉහත කී ගලා ඒම දෙගුන තෙගුන වී වචන ලෙසද පිටවන්නට විය.

ලිපියේ අන්තර්ගතය ගැන හෝ එහි ප්‍රායෝගිකත්වය ගැන රචකයාට මී බෙට්ටක තරම් වත් අවබෝධයක් නැත. එය තනිකරම ඉංගිරිසි වාක්‍යය හිංගලට පරිවර්තනය කිරීමක් පමනි. ඒ හැරුනුකොට නිසැකවම රචකයාට foss promote කරන්නට කිසිම රුදාවක් ඇත්තේද නැත. original ලිපියේ පවා පියවර දක්වා ඇත්තේ මුලින් GUI එක භාවිතා කරන ආකාරය සහ පසුව command line එක භාවිතා කරන ආකාරය ය. එසේ තිබියදී තමන්ගේ ලිපියේ මුලට command line instructions දී ඇත්තේ, "linux අමාරුයි, පාවිච්චි කරන්න එපා" කියන්නා සේ ය. screenshots පවා original ලිපියෙන් කිසිම හිරිකිතක් නැතිව ගෙඩිය පිටින් කොපි කරගෙන තමන්ගේ පෝස්ට් එකට ඔබ්බවාගෙන original ලිපිය ගැන කිසිදු හාවක් හූවක් නැතිව ඉංගිරිසි ටික සිංහලට හරවා එය 'තමන්ගේ ලිපියක්' කරගෙන සැටි හැබෑවටම අපූරුය. අඩුම තරමේ ඉංගිරිසි ලිපියේ පියවර පිලිපදිමින් තමන්ගේ පරිගණකයෙන් screenshots ගන්නවත් බැරි ඇයිද යන පැණයට මට නම් හිතට එන්නේ එකම එක පිලිතරකි. ඒ රචකයා ubuntu හෝ වෙනත් linux බෙදාහැරීමක් පාවිච්චි කරන්නෙක් නොවේ යන්නය.

IT සිංහලෙන් කියාදෙන පරිගණක සගරාවක ලිපිවල ගුණාත්මක භාවයේ තරම ඔහොමය.

9 comments:

  1. අවසාන වාක්‍ය සමග එකඟ වෙමි..
    :)

    ReplyDelete
  2. මාත් පෝස්ට් ලියන්නේ ඔහොම්මමයි ..කොහෙන් හරි ඉංග්‍රීසි එකක් හොයාගෙන සිංහලට හරවනවා :D හරිම ලේසියි ...

    ReplyDelete
  3. ගොඩක් අය ඕක තමා කරන්නේ , බොහෝ වෙලාවට තමන්ගේ වාසියට තමා කටයුතු කරන්නේ

    ReplyDelete
  4. තමුන් නොදන්න මගුල් කරන්න යන එක කොහෙත්ම සාධාරණිකරණය කරන්න බෑ. මම දන්න (IT) ගුරුවරුත් ඉන්නවා නොදන්න උගන්නද්දි ලොවෙත් නැති බොරු දෙසාබාන.. :-/

    ReplyDelete
  5. මේ...
    ඔන්න ඕක අල්ලලා දාන්න.
    අච්චර ලියන්න දේවල් තියෙද්දි මේ සොච්චමක් අල්ලගෙන කියෝනවා...

    ජය වේවා...

    ReplyDelete
  6. එකි ලිපියට මාගේ බලවත් විරෝධය පල කරේ

    ඒක නෙමේ ඔය බැනර් කාරිය ඔන්න මමත් දාගත්තා :D

    ReplyDelete
  7. Ansh,
    :)

    Confiuzd ප්‍රෝග්‍රැමර්,
    හැබෑටම :P

    හිඟන්නා,
    link එකක් වත් දැම්මනම් original පpost එකට

    ගයන්ත,
    හපොයි, ගයන්තට මට වඩා තද වෙලා නොවැ

    රනා,
    better out than in කියලා මහාවංශයේ සදහන් වෙනවනෙ. මම මේ තරහ පිට කොලා.

    Dar[K],
    බොහොම ඉස්තූතියි සහයෝගයට.

    ReplyDelete
  8. google chrome වලින් ඉංග්‍රීසී ලිපියට (http://www.debianadmin.com/setting-up-dial-up-connection-in-ubuntu.html) යනකොට සයිඩ් එකේ මැල්වෙයා එකක් තියෙනවා කියනවා.

    ReplyDelete
  9. ආපෝ... මම නං ඔය වගේ දේවල් විවේචනය කරන්න කාලේ නාස්ති කරන්නෙවෙත් නෑ. වැරදිලාවත් විවේචනයක් කරනවනං ඔය වගේ ලිපි වලට DOFOLLOW ලින්ක් දෙන්නෙත් නෑ.

    හේතුව,
    * IT සිංහලෙන් කියාදෙන්නට රචකයාට මී බෙට්ටක තරම්වත් වුවමනාවක් නොතිබීම.
    * රචකයාගේ පූර්ණ පරමාර්ථය ඇඩ් කීයක් හරි ක්ලික් කරවාගෙන මුදල් ඉපැයීම.

    බ්‍රහ්මදණ්ඩණය තමා හොඳම උත්තරය!

    ReplyDelete