Monday 17 August 2009

රහස් කියන්නෙ මෙහෙමයි...

කතා දෙකක් නෑ කොච්චර හොද දෙයක් උනත් පාවිච්විය අමාරු නම් ඉතින් අපිට ඉතින් වැඬි ආසාවක් ඇතිවෙන්නෙ නෑ නෙ කිසිම දේකට. නිවන් යන්නත් "පස්සෙ වෙලාවක නිවාඬු පාඬුව try එකක් දෙනවා, මේ වැඬ අස්සෙ ඕවට කොහෙද වෙලාවක්" කියල ඉන්න එකනෙ අපි කරනන්නෙ. ;) මේ කියන්න යන්නෙ ඒ වගේ බරපතල සීන් එකක් සරලව කරගන්න පුලුවන් සෙල්ලමක් ගැන. ඔයගොල්ලො හුගදෙනෙක් encryption ගැන අහලා ඇතුවට කිසිම සැකයක් නෑ. අපි හුගදෙනෙක් ඉතින් නමට බයයි නෙ. අපෝ ඕව අපිට තේරෙන්නෙ නෑ, අපි geekලා නෙමේ කියලා මග ඇරලා යනවා. සරලව වැඬේ කරගන්නෙ මෙන්න මෙහෙමයි.

මේක firefox plugin එකක්. මෙතනින් download කරගන්න පුලුවන්.(දන්නවනෙ ඉතින firefox plugin install කිරිල්ල කොව්චර ලේසිද කියලා. ඔක්කොටම default settings දෙන්න.) මේකෙන් කරලා දීලා තියෙන්නෙ GPG (gnu privacy guard) කියන encryption තාක්ශණය භාවිතය පහසු කරල දීලා තියන එක. GPG/PGP වලදි වෙන්නෙ ඔයාට keys දෙකක් දෙනවා. එකක් private key එක, ඒක දන්නෙ ඔයා විතරයි. ඒක password එකකිනුත් ආරක්ශිතයි. අනික public key එක. ඒක ඔයා එක්ක රහස් කියන්න ඕන අය අතරෙ බෙදාහරින්න පුලවන්. ඔය public key එක පාවිච්චි කරලා කෙනෙක් encrypt කරපු එකක් decrypt කරන්න පුලුවන් ඔයා ලග තියන private key එකයි password එකයි පාවිච්වි කරලා විතරයි. හරියට තැපැල් පෙට්ටියක් වගේ. ඕනා කෙනෙක්ට ලියුම් දාන්න පුලුවන්, නමුත් ලියුම් ගන්න පුලුවන් අයිතිකාරයට විතරයි. කතන්දරේ පැහැදිලිද?

plugin එක install කරගත්තට පස්සෙ තමන්ටම කියලා key එකක් හදාගන්න එපැයි. browser එකේ කොහෙ හරි right click කරලා බලන්න අලුත් menu item එකක් තියනවා නේද කියලා FireGPG කියලා? ඒකෙ තියන key manager කියන menu item එක click කරපුවම key manager කියලා dialog box එකක් දකින්න ලැබෙයි. ඒකෙ පල්ලෙහා වම් පැත්තට වෙන්න තියන new key කියන button එක click කරපුවම එන dialog box එකේ ඔයාලගෙ විස්තර දෙන්න.



ඔයා කැමති නම් the key never expires කියන check box එක select කරන්න පුලුවන්. මම නම් කලේ key එක අවුරුදු 5 කට වලන්ගු වෙන්න හදපු එක. Advanced options කියන check box එක click කලොත් ඔයාලට දකින්න පුලුවන් වෙයි 1024 විදියට තියන key length එක 4096 දක්වා වැඬි කරන්න පුලුවන් කියලා. වැඬිපුර security උචමනායි කියලා හිතෙනව නම් key length එක වැඬි කරන්න පුලුවන්. මතක තියාගන්න, key length එක ලොකු වෙන්න ලොකු වෙන්න encrypt, decrypt කරන්න ගතවෙන කාලයත් වෙනස් වැඬි වෙනවා. ආරක්ශාවත් වැඬි වෙනවා. generate key කියන button එක click කරපුවාව ටික වෙලාවකට මුලු browser එකම freeze වෙලා වගේ තියෙයි. key generated successfully කියලා message එක එනකන් ඉවසලා ඉන්න. අමාරු කොටස එච්චරයි.

දැන් තියෙන්නෙ පොඬි testing පාරක් දාල බලන්න. ඔයාගෙ gmail open කරගෙන අලුතෙන් ලියුමක් ලියන්න ගියපුවාම අලුතින් වැඬිපුර කෑලි ටිකක් එකතුවෙලා කියලා පෙනෙයි.


මුලින්ම ඔයාටම ලියමක් එවාගෙන බලමුකො. මොනව හරි ලියලා අර අලුත් වැඬකෑලි ගොඬේ තියන encrypt කියන icon එක click කරන්න. icon එකේ පාට වෙනස් උනා නේද? send button එක click කරපුවම මේ වගේ dialogue එකක් එයි.


දැනට ඉතින් key manager එකේ තියෙන්නෙ ඔයාගෙ නම විතරයි නෙ. ඒක select කරල ok කරන්නකො. (පස්සෙ ඔයා යාලුවන්ගෙ public keys add කරගත්තම ඒ ඔක්කොම මෙතන පෙන්නනවා. එතකොට කරන්න තියෙන්න ලියුම යවන එකකෙනාගෙ public key එක මෙතනින් select කරන්න)

ඊට පස්සෙ ඔයාගෙ gmail account එකේ password එක ඇහුවොත් ඒකත් දෙන්න. දැන් inbox එකට ගිහින් බලමුද?


open කරන්නකො ඔයාගෙ රහස.


ඔතන ඔයා දෙන්න ඕනා අර key එක හදද්දි දීපු password එක. මම කලින් කිව්ව වගේ ඕන කෙනෙක්ට ඔයාගෙ public key එකෙන් encrypt කරන්න පුලුවන් උනාට එහෙම encrypt කරපු එකක් decrypt කරන්න පුලුවන් private key එකයි password එකයි පාවිච්චි කරලා ඔයාට විතරයි.


ඔයා encrypt කරලා ඔයාම decrypt කරලා බලලා වැඬක් නෑ නේද? දැන් කරන්න ඕනා ඔයාගෙ public key එක යාලුවෝ අතෙර බෙදා හරින එක. ඒක කරන්නෙ මෙහෙමයි. යන්න key manager එකට(fireGPG->key manager). select කරන්න ඔයාගෙ key එක. තියනව නේද export to file කියලා button එකක්. ඒකෙ click කරපුවම save dialogue box එක එයි. කැමති නමකින් file එක save කරගෙන notepad එකෙන් open කරගන්නකො. පලෙලෙහයින් තියනව වගේ දෙයක් නේද තියෙන්නෙ? ඕක තමයි යාලුවන්ට යවන්න ඕනා. මේ තියෙන්නෙ මගෙ public key එක.

-----BEGIN PGP PUBLIC KEY BLOCK-----
Version: GnuPG v1.4.9 (GNU/Linux)

mQGiBEqIiYERBADuz/u8D5nMAiE2Zd5/eJ5eO5y3ESjErOwpWjwARLFxBv82UNlf
sxUiMwGS3l9R5WH+HanIoANZrsTfdq6zgSBJAJWKOfEvSp30Pb1P7aJM5p4ZwDZW
dfSAMsAXe+7lOF5F5M83MMOKbLp/ojkcDEM9JDXSptNQArANEmhlMwokAwCgxvAz
5vabrVK6t5WH86ogv6iJZKcEAMsZk6xT4PCwiE4o8e3oMqX17zSyUdrg9dQOimkD
dbAxFFKqtNBp9L73Zdhvjjxq58r0VGOX36LrkvN8qYZRX1dDErMfG5o10qhm6q33
uCrJGgt8u9TIipPXG3e/WdKgWiZPG4ugtdL+owSAXEYdYxr6v33mrtZUXH4MRPcS
9JQfBADix/l6Y8g/7M9kh4r/Ic7MNv/KPBNSTIT01EiDitt6SPgfL5Tq/YIW8fQq
LlJ/D4WosJKY5fYtIwwY/SKIBPHD4qUVZnwug3M9tcVfICLzss5xrIxRNMjNUzT3
GF/HusayLi4tZ/WU8L/unqoP/YKOjsW5Jw+nRcEe1j2H6fSeiLQdw6RudGhyw6RY
IDxhbnRocjZ4QGdtYWlsLmNvbT6IZgQTEQIAJgUCSoiJgQIbIwUJCWYBgAYLCQgH
AwIEFQIIAwQWAgMBAh4BAheAAAoJEBducqpKpO9Bo18An1cNA11XFhGl0HJaVLCq
YdqF15hvAKCtdRomT+VZVZvInRioqAqvKOJVl7kCDQRKiImBEAgAiQk8Ln0tOAIS
7y3YRNEnl3sGBcTtyFovVHmI1brBS1PHYGdbX7DMx29ZknXyXbVtVtMfDLZ//nsU
Le2MvLeWcphkbipzGJ0BRmTLMSmDecgsf8qXjYu5LPS+SKpoCI6Gf65cbkTLodHq
L/tAQLMlw7APVzLHe1A9INz78zBF7C1OCndTOts4l3kKGEjgWOwNYzlPSdNLR90l
x/fuaGCny2hHg4DqIlipP0TLhyBLQYil0+NZej88fh8czMHIwr2fiP1uJ1xaZdAJ
oQo5m+eJq0x2NxaZLM0Yxh8h67voLrF2Veb7sFxXRu7qyQmMQCm7RJzzP/gvSdLQ
ww7woLRY8wADBQf9G0wy7HoIOpbyt/kSLvc/uJNrA7pXrCMZ842oPHqL1+LQ9GRI
ljAv0rTy7ByrkfCsCSiWwmjVopJo/7pOuxtQiN1fJZQwdpIneAcvEOoWv4EOf1nN
EhWGf/msiFlyIK/X5wrj1QlUoWZBhAzo3r+nlcE2p9nGaYdnsN4SupnyiwoYq6mt
2vwDLQBl/g2zAMw/eojdrntFbsAmp6TLSfuJAHV9+Lx8qRkHvHRI+TgjnGkbqiRO
L2suzeYCSkfpKSPEkTsnx0vKNC69JXRLl1OnihW1vwTFveHq1Acm8yYhNNJSNuBE
I2ZnbtlI2pPnCc1ywU95N96Ua5ihO/kBDDnWEIhPBBgRAgAPBQJKiImBAhsMBQkJ
ZgGAAAoJEBducqpKpO9BDtsAoL6fpmNoSUgsGWc9hpjoTQbEtRVCAJ9UO4n/kooP
/0JEFneMH6vzNc359Q==
=qn7m
-----END PGP PUBLIC KEY BLOCK-----


ඔය කොටස select කරලා right click කරලා FirePGP->Import කියන option එක select කරන්නකො. '-----BEGIN' වල ඉදලා 'BLOCK-----' වෙනකන් මුලු කොටසම select කරන්න අමතක කරන්න එපා හොදද? දැන් ඔයා encrypt කරලා ලියුමක් යවන්න හදද්දි අර dialogue එකේ ඔයාගෙ key එකට අමතරව මගෙ public key එකත් තියනව නේද? (key manager dialogue එකට ගිහින් බලන්නකො). ඕන කුනුහරුපයක් ගහලා encrypt කරලා එවන්න. ඔයාටයි මටයි විතරයි පේන්නෙ. ඔයාගෙ public key එකත් එවන්න අමතක කරන්න එපා. එතකොට මටත් පුලුවන්නෙ ඔයාට encrypt කරලා reply එවන්න. ;). යාලුවන්ටත් ඔයාගෙ public key එක යවන්න අමතක කරන්න එපා. ප්‍රශ්ණ තිබ්බොත් අහන්නකො...

Wednesday 12 August 2009

නොපෙනෙන සෙවනැලි..

රොමියෝ වයලට් කියවපු කට්ටිය දැනටමත් හිතනව ඇති "එ පාර මේකා වැඬිහිටියන්ට පමනයි film එකක් කරන්න යනවා" කියලා. ගැලපෙන සිංහල වචනයක් හොයාගන්න බැරිවෙච්ච එකයි ඇබැද්දියට හේතුව. ජංජාලෙ ඇවිදලා ජංගිය පරිස්සම් කරගන්නෙ කොහොමද කියලා තමා මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ. සුද්ද සිංහලෙන් කිව්වොත් best practices ගැන කතා කරන්නයි යන්නෙ. මැණික් කැටේ බලාපොරොත්තුවෙන් ඉන්න අය තරහ ගන්න එපා.. මම එ වැඬේ සති අන්ත වල කරන්නම්.

බිලී බාන බුවාලා...
මේ e-mail එක මට එවලා තිබුනේ මම හොදට අදුනන අක්ක කෙනෙක්ගෙ account එකකින්.

මොක්ද්ද බොලේ මේ කියලා මාත් link එකේ click කලා. මේන් බලන්නකො ආපු page එක.

ඕක ඇවිත් තිබුනෙ මගෙ yahoo address එකට. yahoo එකේ සාමාන්‍යයෙන් password එක විතරයි නේ ඔහොම වෙලාවක ඉල්ලන්නෙ කියලා ඬෝංගාලා කම්පනාවට ඇවිත් address bar එක දිහෑ බැලුවා. මේං විස්තරේ..

ඔය mail එක එවලා තිබුන account එක අයිති අක්කත් සාමාන්‍යයෙන් හොද computer literacy එකක් තියන එක්කෙනෙක්. එ උනාට පොඬි අත්වැරැද්දකින් වෙච්ච දේ බලන්නකො. එයා හරියට තේරුම් ගන්නෙ නැතුව ඔතන්ට එයාගෙ user name එකයි password එකයි කොටපුවාම ඉතින් කතාව එච්වරයි නෙ.

කුණුහරුප වගේද කියන එව්වා? එහෙනම් කතන්දරේ කියන්නම් කො මුල ඉදලා.

අපි සාමාන්‍යයෙන් url එකක් කියවන්නෙ http වල ඉදලා නේද? ඔන්න ඔය වැරදි පුරුද්ද අපි හදාගන්න ඕනා. url එකක් දිහෑ බලද්දි පුරුදු වෙන්න .com හරි .lk හරි වගේ domain name එකේ ඉවර වෙන තැන දිහෑ බලන්න. අමාරු වැඬක් නෙමෙයි http වල(double foreword slashes) // වලට පස්සෙ පලවෙනියෙන්ම තියන / (foreword slash)එක හොයාගන්න. එතන ඉදලා වම් පැත්තට තමයි කියවන්න ඕනා domain name එකේ විස්තරේ බලාගන්න. (අරාබියෙ වගේ). එතනින් දකුනට තියන්නෙ domain එකේ file structure එක. ඒ ගැන පස්සෙ කතා කරමුකො.

ඕං / ඉදලා වමට යනකොට මුලටම හම්බවෙන(period mark) '.' එක තියනවා නේද? ඕක තමයි වැදගත්ම තැන. ඔය තිතත් එක්ක තමයි .com, .lk, .org වගේ root level names යෙදෙන්නෙ. තිතෙන් වමට තියන කොටස දිහැ බලලා අපි තේරුම් ගන්න ඕනා මේ ඇත්තටම අපිට යන්න ඕනා තැනද කියලා.

එතනින් ඉස්සරහට ඕන උලච්වක් තිබිච්චාවෙ කියලා අනිත් වැඬ ටික කරගෙන යන්න පුලුවන්. වැඬේ පැහැදිලි වෙන්න උදාහරන දෙක තුනක් බලමුද?

මේ genuine බඬු
http://uk.yahoo.com/?p=us
http://h10010.www1.hp.com/wwpc......

මෙහම තිබුනොත් ඉතින් හොරබඬු තමා..
http://yahoo.t35.com
http://microsoft.gilbuwa.com

මේ වගේ එකක් නම් ඉතින් එකපාරටම අදුනගන්න පොඬ්ඬක් අමාරුයි.
http://yfreecalls2.t35.com/
පොඬි trick එකක් කියන්නම්, හැබැයි ඒක හැම තිස්සෙමත් සාරතක නෑ. login page වලට නම් අනිවා.
http කියන්නෙ plain text protocol එකක්. ඒ කියන්නෙ http වල encryption එකක් නෑ. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ login page එකක නම් url එක අනිවාර්යයෙන්ම පටන් ගන්නෙ https වලින. http වලින් නෙමේ.

මම හිතනවා මේ post එකෙන් ඔයාලට වැඬක් උනා කියලා. මගෙ ලිපි වල අපිලිවල ගතියට සමාව දෙන්න. අදහස් එන වේගෙන් ලියන්න බෑ, අකුර හොයාගන්නකොට ලියන්න ගිය එක මතක නෑ. කල් යද්දි හරි යයි. ;)

ඕං එහෙනම් යුග ගීයකින්ම post එක ඉවර කරන්නම් කො..

ඔයා: මහා වැඬ ගොඬක්..... ඉන්ටනෙට් එකේ, බදාගන්න හිතයි මාරම වැඬ කෑලි තියෙන්නේ..
änthräX: මහා හොර ගුලක්.... ඉන්ටනෙට් එකේ, බදාගත්තෝතින් බඬුම තමා ලිස්සපන් මලේ..

Saturday 8 August 2009

මයෙ මැණික් කැටේ(පලමු කොටස)

ඔන්න ඉතින් මැණික් කැටේ එක්ක මොකුත් කරන්න ඉස්සෙල්ලා මැණික් කැටේ දාගන්න එපෑ. (වැරදියට අනං මනං කැත කතා හිතනව නෙමේ හොදද? මම කතා කරේ install කරගන්න එක ගෑන).

මේ ලිපියෙන් මම උත්සහ කරන්නෙ language එකට අත තියන්නයි, fundamentals ගැන අවබෝධයක් ගන්න උදව් වෙන්නයි. උපරිමයෙන් උත්සහ කරනවා ඕනම කෙනෙක්ට තේරෙන්න සරල විදියට තේරුම් කරන්න. අපැහැදිලි තැන් තිබ්බොත් අහන්න. මැණික් කැටේ ගැන මාකටින් පාරක් දාන්න බලාපොරොත්තුවක් නම් නෑ.

linux පාවිච්චි කරන අයට තියෙන්නෙ ruby කියන repository එක install කරගන්න (apt-get install ruby). වැඬ අල්ලන්න ඒක හොදටම ඇති. වැඬේ නැගලා ගියොත් අනික්වා ගැන බලමු. windows කට්ටිය මෙන්න මේක download කරගන්න. ඊට පස්සෙ ඉතින් next->next->next->finish නේ. ;)

ඕං එහෙනම් දෙයියනේ බුදුනේ කියලා notepad එක open කරගමු නේද? හැමෝම කරනවා වගේ ලෝකෙට "හලෝ" කියන්නෙ නැතුව අපිටම "හලෝ" කියාගෙන බලමුද? notepad එකේ මෙහෙම type කරන්නකො.

puts "adooo gemba"

අපි ඕක save කරගන්න ඕනා .rb කියන extension එකත් එක්ක. java කරපු කට්ටියට මතක ඇතිනෙ java code එක save කලේ ".java" කියලනෙ. එහෙනම් ඉතින් file->save ගිහිල්ලා "myfirst.rb" කියලා මේක save කරගමුකෝ. දැනට desktop එකේ save කරගන්න. (myfirst වෙනුවට ඔයාට කැමති නමක් දාගත්තට කිසිම අවුලක් නෑ හොදද?). මතක තියාගන්න file extension එක ".rb.txt" නෙමයි ".rb" යි කියලා. දැන command prompt එක අරගන "myfirst.rb" එක save කරපු තැනට (desktop එකට) මාරු වෙලා (cd ) මෙහෙම කොටන්න.

ruby myfirst.rb

ඔයා අර උඬින් ලියපු text එක(adooo gemba) display උනා නේද? (බැරිවෙලාවත් file not found කියලා ආවොත් extension එක .rb මිසක් .rb.txt නෙමේ නේද කියලා check කරන්න) double quotations ඇතුලෙ තියන text එක මාරු කරලා save කරලා දෙතුන් පාරක් run කරලා බැලුවට කවුරුත් බනින එකක් නෑ.

දැන් පොඬිඬක් විතර boring කොටස. theory චික් නෙ? හරි, සරලව කියන්න බලන්නම් කො. code එකක කොහෙන් ගියත් අඬංගු වෙන කොටස් තුනක් තියනවා. ඔයාලා දැනටමත් දන්නවනෙ මම මේ කියන්නෙ sequence selections සහ repetition ගැන කියලා. sequence කියන්නෙ කෝච්චිය වගේ statements එකින් එක execute කරගෙන යනවට. repetition කියන්නෙ අර වලිගෙ හපන්න try කරන බලුකුක්ක වගේ එකතැන කැරකෙනවට. එකකො ඌට කැරකිල්ල හැදිල නතර වෙන්න ඕනෙ නැත්තම් කවුරු හරි කෑගහන්න ඕනෙ. එතකන් පොර කැරකෙනවා. loops කියලා කියන්නෙත් එව්වට තමා. selection කියන්නෙ අර උගුල ලග නතරවෙච්ච මීය වගේ "කේක් කෑල්ල කනවද, චීස් කෑල්ල කනවද" කියලා හිත හිත ඉන්නවට. මම වැඬේ පටලුවෙ නෑ නේද?

අපි ඉතින් පලවෙනි කොටසට sequence වලට විතරක් සීමාවෙලා ඉමු. ඕන්න අපි අර කලින් කරපු "හලෝ" කිවිල්ල පොඬ්ඬක් පිලිවලට කරමු. අපි ඕක function එකක් ඇතුලට දාමු. මෙන්න මෙහෙමයි වැඬ් කරන්නෙ

def sayhi
puts "adoooo gemba"
end

sayhi

def කියන්නෙයි end කියන්නෙයි keywords. def කිලා නම දීලා ඊට පස්සෙ ඉදලා end වලට වෙනකන් එක කොටසක් විදියට තමයි ගනන් ගැනෙන්නෙ. java වල { යි }යි වගේ. vb වල sub යි end subයි වගේ. puts කියන්නෙ java වල print වගේ. vb වල ? වගේ. sayhi කියන්නෙ අර උඬ ලියපු function name එකනේ. අනතිමට sayhi කියලා තියෙන්නෙ ඒ function එක run කරන්න කියලා. සිද්දිය පැහැදිලීද? එහෙනම් තව අඬියක් ඉස්සරහට තියමුකෝ...

def sayhi(name)
puts "adooo #{name}"
end

sayhi "anthrax"

කරලා තියන වැඬේ පැහැදිලීද? function එකට parameter එකක් pass කරන්න පුලුවන් කරන එක තමයි ඔය වරහන් එක්ක කරලා තියෙන්නෙ. වෙනසක් තේරුනාද? sayhi කියන function එකට මම fixed name එකක් assign කරලා නෑ. sayhi function එක call කරද්දි දෙන නමට තමයි එයා greet කරන්නෙ. වැඬ් ලේසී නේද? #{} වලින් කරලා තියෙන්නෙ අර parameter එකේ තියන text එක output text වලට ඔබ්බවන එක. මොන programming language එක පාවිච්චි කලත් හොද internal documentation එකක් maintain කරන්න අමතක කරන්න හොද නෑ නෙ. # සලකූණ යොදලා තමයි අපි comment එකක් දාන්නෙ. හෝව් හෝව්, කෑගහන්න ඉස්සෙල්ලා මේ ටිකත් කියවලා ඉම්මුකො. දැන් ඔය කියන්න ලෑස්ති උනේ #{} පාවිච්චි කරපු විදියයි comment කරන විදියයි එකවගෙයි කියලා නේද? පොඬ්ඬක් හොදට බලන්න අපි #{} පාවිච්චි කරලා තියෙන්නෙ "" ඇතුලෙ නේද? ;)

#this is a commemt
def sayhi(name="gemba") #this is also a comment
puts "adooo #{name}" #here is another comment
end #this is a comment too

sayhi "anthrax"
sayhi

පොඬි වෙනස්කමක් කරලා තියනවා දැක්කද? name variable වලට default value එකක් assign කරලා තියනවා gemba කියලා. එතකොට ඔයා sayhi function එක parameter එකක් නැතුව call කලොත් adooo gemba කියලයි, parameter එකක් එක්ක call කලොත් adoo කියලයි වෙනස් output දෙකක් ලැබෙනවා.

දැනට මෙතනින් නවත්තන්නම්. කූරුගාලා ප්‍රශ්ණ එහෙම තිබ්බොත් අහන්නකො..

Wednesday 5 August 2009

මයෙ මැණික් කැටේ..

අපෝ ආයෙත් කතන්දරයක් කියන්න ද ලෑස්ති වෙන්නෙ? අනේ නෑ. ආ.. මුලින්ම පොඬි ඕපදූපයක් තියනවා කියන්න. änthräX ව මූණුපොතෙන් එලෙව්වනේ. fake names වලින් accounts තියාගන්න බෑලු. multiple accounts තියාගන්නත් බෑලු. එ ඔක්කොම විස්තරේ terms and conditionsවල තියනවලු. විහිලුවට වගේ අහන්නෙ. facebook account එක හදාගනිද්දි ඔයාලා කවුරු හරි ඔය t&c හෑල්ල කියෙව්වද හැබෑටම? ලොකූයි කියන්න තරම් අවුලක් නෑ. මොකද යාලුවො කියලා හිටියෙත් දෙන්නයි. හිකස්..

කලුවරට බැන බැන ඉන්නව විතරයි බලුප් එකක් වත් දානනෙ නෑ කියල පැමිනිල්ලකුත් තිබ්බනෙ. ඉතින් änthräX කල්පනා කෙරුවා පොඬි L.E.D එකක් දාන්න. එකම කතන්දරේ වෙන වෙන අයගෙන් අහගන්න ඕනෙ නෑ නෙ? වෙන අය ලියලා තියන එවා ආයෙ ආයෙ ලියන්නෙ නැතුව මුලින්ම ඔයාලගෙන් අහලා බලන්න හිතුවා. änthräXත් ලාවට වගේ ඔය programming languages දෙකතුනක් කටේ තොලේ ගාලා තියනවා. ඉතින් පොඬි getting started පාරක් ලියන්නයි කල්පනාව. Javaගැන දෙතුන්පොලකම දෑක්කා. කල්පනා කලේ Ruby වලට පොඬි beginners guide එකක් දෙන්න. වෙන කවුරු හරි "මයෙ මැණික් කැටේ"(Ruby)ගැන ගැන ලියලා තියනවද? පන දාගෙන කෝ කෝ කිය කිය type කරන එකේ වැඬක් තියෙන්න එපැයි. ඔයාලා මොකද හිතන්නෙ කියලා කියනවද?