Friday 16 July 2010

මෘදුකාංග නිර්මාණය

මොට්ටසෝරියට යන කාලයේ a,b,c කියවන විට තිබුන ලොකුම බලාපොරොත්තුව නම් මොන ගේමක් දී හෝ z වෙනකම් කියවා ගැනීමටය. හැකි ඉක්මනින් ඔය 'ඉංගිරිසි ටික' ඉගගෙන සුද්දා වාගේ ඉන්නටය. දනි පනි ගා z වෙනකම් කියවූ විට 'ඉස්පෙලිං' කියා ජාතියක් ඉගනගතයුතු යැයි කියැවෙයි. ඉස්පෙලිං කෙලිය බාගෙට යනවිට grammar, idioms, cockney rhyming slang ආදී මේකී නොකී කතංදර අම්බානක් ගැන අහන්න දකින්න සිදුවෙයි. කාලයත් සමග ඔය කතංදර සියල්ල ගැන ටික ටික ඉගනගත් පසු 'සුද්දා සේ ඉංගිරිසි දැනගන්නට' නම් අහවල් අහවල් විභාග කලයුතු බව කටකතාව ඇසෙන්නට වෙයි. කතාවේ හොදම හරිය පටං ගන්නෙ සුද්දා සමග කඩු හරඹ පටන් ගත් විටය. අපිට පස්සා පැත්ත උන්ගෙන් එකෙක්ට 'ආස්' වනවිට තවෙකෙක්ට 'ඈස්' ය. එලකියුෂන් කියා දාස් ගනන් දී කටවල් උල් කරනහැටි පුරුදු වෙන්නට පංති ගියවුන් පවා කියන දේ තේරුම් ගන්නේ හත් අට සැරයක් 'ඈහ්' හෝ 'beg your pardon' කියාය.

කම්පීතර කෙරුවාවෙත් මේ හා සමානය. මුලින්ම උවමනා හසුරවන හැටි ඉගන ගන්ටය.ඊට පසු office පාවිච්චි කරන්ටය. ඊටත් පසු graphic design හෝ programming ය. ඔය ආදි වශයෙන් ඉගනගැනීමට කෙරවලක් නැති බව අපි කව්රුත් වටහාගත යුතුය. විශය කුමක් වුවත් අපි කොපමන නොදන්නවාද යන්න දෙනෙන්නේ එය ඉගෙනගන්නා තරමටය. වැරදි තැන්වලට යාම නිසා හෝ වැරදි කටකතා සිරාවට ගැනීම නිසා වැරදි මග යන්නන් බොහෝය.

අනිත් විශයන් කෙසේ වෙතත් IT සම්බන්ධව ප්‍රශ්ණයක් වෙතොත් එකම දේ අඩුම තරමේ තුන් හතර දෙනෙකුගෙන් වත් ඇසීම නුවනට හුරුය. හේතුව නම් මෙසේය. අප හුග දෙනෙක් මේ IT කෙරුවාව ඉගනගන්නේ අතපත ගෑමෙනි. ටියරිය සමග පැට්ටිකල් වලට අස්ප ගනං ගෙවන්නට ගෙවල් වලට කරදර කිරීම කල නොහැක්කකි. (මමද ඔය කී ගනයට අයත් එකෙක් මි). නමුත් ඔතන ඇති අලය නම් කෙසේ හෝ අටවා වැඩේ ගොඩදාගත් පසු (OS එකක් ස්ථාපණය කිරීමක් ගැන හිතන්න) ඒ විෂය සම්බන්ධයෙන් මහාවාර්ය හැගීම් පහල වන්නට පටන් ගැනීමය. ඉන් පසු හිතට එන එන පට්ටපල් කෙබර, තියරි ලෙස අනුන්ට කියාදෙන්නට පටන්ගැනීමය. ඒවා අසා වාදාරණ අහිසකයන්ට ඉතින් තුණුරුවන්ගේම සරණය. තටම තටමා හෙන අමාරුවෙන් යමක් ගොඩදාගත් පසු ඇතිවන සතුට නොදන්නෙක් සෙවීම අපහසුය. නමුත් වැඩේට පෙර user manual හෝ documentation හෝ README කියා දී ඇති අකුරු කන්දරාව කියවූයේ නම් වැඩේ සෑහෙන ලේසියෙන් ගොඩදැමියහැකි බව දැන දැන තමන්ට ඕනෑ විදියට වැඩ කරන්නට මිනිස්සුන්ට හිතෙන එක මහා අරුමයකි.

පහුගිය දිනවල දිගට දිගටම ඇසුනු ඔය ජාතියේ ලොකුම විහිලුව VB ය. හරියටම විස්තර සහිතව කිවහොත් vb6 ය. Mycrapsoft සමාගමෙන් අනාගත developer පරම්පරාව කාලකන්නින් කිරීමේ පරම පිවිතුරු වේතනාවෙන් දුටුගැමුනු රජ සමයේ හදුන්වාදුන් මේ පරිගණක භාෂාව ඉගනගන්න තටමන අලුත් බයියන් (newbie ලා) ට කතාව පැහැදිලිකරන්නට පටන්ගන්නා සංවාද හැමෙකක්ම ඉවරවන්නේ ඇන්ටාට යකා යන්නට මල පැනීමෙනි. vb6 outdated කියා කියාදෙන්නට තැනූ කල එකෙක් මට දුන් උත්තරය 'ඉතිං C පටට පරණයි නෙ' යන්නය. ඇති අයෙක් වෙතොත් VB6 ඉගෙනගෙන දියුනුකරගත් skill set එක ගැන පහදාදෙන්නේ නම් අතිශය ඉස්තූතිවන්න වෙමි. vb වලින් programming ඉගෙනගෙන හරිහමන් මෘදුකාංග සංවර්ධන රැකියාවකට ගොස්, ගලේ පැහැරූ බළලාට වූ හරිය සිදුනොවූ අයෙක් වෙතොත් ඌ හෝ ඈ ට දන ප්‍රසිද්ධියේ දන නමා වදින්නට ඇනටා සූදානම්ය. සංවර්ධන කටයුතු වලට vb6 ගෑවුනු අපි කවුරුත් දන්නා මෙහෙයුම් පද්ධතියේ features මේ ආකාර බව දැක නැත්තෙකු වෙතොත් අරුමයකි.



ඉරිදා දහම්පාසල් ගොස් ප්‍රශ්ණයකට පිලියම් කල යුත්තේ එහි මතුපිටට නොව හරයට යැයි පටිච්ච සමුප්පාදය ඉගෙනගගන්නා ඈයන් හෙනහුරාදා කංපීතර පන්තියට ගොස් inventory එකක් හදන්න පටන්ගන්නේ user interface design කිරීමෙනි. හරය ක්‍රියාකලයුතු ආකාරය ගැන අලගෙඩියක් නොදැන, පරිශීලකයා මෙහෙම මෙහෙම කලාම මෙහෙම වෙන්ට ඕනෑ යයි සිතන්න පුරුදු කිරීම අනාගතයට හැබෑ දක්ෂයන් හුරුකල හැකි හොදම මගය. error handling කියා කියාදෙන්නේ පිටුවේ උඩටම 'on error resume next' කියන්නටය. හිංගලෙන් කීවොත් 'අවුලක් උනොත් ගනං ගන්නැතුව දිගටම යන්න' කියාය. උදාහරණයක් ලෙස පුටාර් එකක් පැදියහැකි රොබෝ කටුවක් සදහා vb6 වලිං ලියන කේතයක් ගැන හිතමු. කේතය ලිවිය යුත්තේ රොබෝ බුවාට වම, දකුන, වම කර කර ඉන්නටය. programmer ට සිතීමට අමතක උනු මොකක් හෝ නොසිතූ විරූ නස්පැත්තියක් සිදුවුවහොත් (ඇණයක් බුරුල් වී රෝදයක් ගැලවී යාම, චේන් එක පැනීම, පාර මැද අඹ ගෙඩියක් තිබීම, පාරේ වෙනත් ඇස්සිඩොං ඒකක් සිදුවී තිබීම ආදී) කේතයේ පරිදි රොබෝ කල යුත්තේ එය පඩයකට මායිම් නොකර තමා ගේ වම, දකුන, වම instructions පිලිපැදීමය. එවන් අවස්ථාවක සිදුවන හරිය ඔබට සිතාගන්නට ඉඩහරිමි.

ශ්‍රම විභජනය යැයි එකක් ගැන දහය වසර සමාජ අධ්‍යනයට අපි අසා ඇත්තෙමු. එතනදී කියාදුන් උදාහරණය නම් ඇගලුම් කර්මාන්තයේ දී සිදුවන 'අත මහන්න පලපුරුද්ද', 'පිට මහන්න පලපුරුද්ද', 'කර මහන්න පලපුරුද්ද' ආදී වෙනස් වෙනස් කොටස් මහන්න වෙනස් වෙනස් පුද්ගලයන් පුරුදු කිරීමය. ඒ ආකාරයට අදාල කොටස වේගවත්ව සිදුකලහැකි ශ්‍රමිකයන් පිරිසක් තුලින් final product එක නිමවීමට යන කාලය අවම කරගත හැක. නමුත් ශ්‍රමිකයාගේ කෝණයෙන් බැලූ කල 'අත මහන්න' දන්නා එකා ඒ හැර වෙන අලගෙඩියක් කිරීමට කිසිදු අවබෝධයක් නැත. කර මසන ඒකාගේ කතාවද එසේමය. ඔබත් දැනටමත් වෘත්තීමය මෘදුකාංග ශිල්පියෙකු නම්, මෘදුකාංග නිර්මාණයේදීත් මේ ආකාරයට අත, කර මැස්සවීම සිදුවෙන බව මදක් සිතාබැලුවහොත් වැටහෙනු ඇති. එසේ නම් මේ කෙලිය දිගටම කලහොත් කවදා හෝ දවසක තමාගේම කියා ටේලර් සාප්පුවක් දමාගැනීම සිහිනයක් පමනක් බව විශේෂයෙන් කියාදීමේ උවමනාවක් නැත. කියවූ කෙනෙක්ට Mycrapsoft හී COM, .net හැර වෙනස් වෙනස් තාක්ෂණයන් ගැන සොයා බලා ඉගෙනගෙන 'තනියමම shirt එකක් මහන්න' ඉගනගන්න හිතක් පහලවේවා කියා පතමින් මෙසේ ලියා තබමි.

20 comments:

  1. එල මචන්.අපේ එවුන් හැම එකක්ම මොකෙක් හරි කියලා දෙනකන් ඉන්නවා.අද අපේ රටේ කැම්පස් වලත් සිද්ධ වෙන්නෙ ඔය දේමද කියලත් හිතෙනවා.ඒවත් ස්කෝල වාගෙම තමයි වෙලාවකට.අළුත් දෙයක් කියලා මෙලෝ දෙයක් නැහැ.

    ReplyDelete
  2. ලියන එක නම් ලියනවා ආයි.....(වචන නෑ), මරේ මරු . 100% ඇත්ත , නමුත් අධයාපන ක්‍රමය හෝ සමාජ ක්‍රමය නිසාදෝ ලංකාව කොපි කිරිල්ල රෑල්ලට යන්නා වගේ , කොපි කරන්න පුරුදු වෙලා !!!!!

    ReplyDelete
  3. änthräX ලොක්කා කියන කතාවට මම 100% ක් එකඟයි! VB6 ගැන පැහැදිලි කරපු විදිය කියලා වැඩක් නෑ.!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. පට්ටම පට්ටම පට්ටම පට්ටයි...කියන්න ඕනි දේ සිරාවටම කියලා තියෙනවා.....

    ReplyDelete
  6. එක නම් ඇත්තම ඇත්ත . vb6 කරපු කෙනා දෙපාරක් හිතන්නේ නැහැ. අනික් prog langs ඒවගේම කියල තමා හිතන් ඉන්නේ.vb6 වගේ එකක් O/L syllabus එකට දැම්ම අය ගැන නම කියල වැඩක් නැහැ.

    ReplyDelete
  7. ම්ම්... මේක මටත් ඩිංගක් විතර වදිනවා... මගේ පෞද්ගලික අත්දැකීම් වලට සම්බන්ධ නිසා.

    BASIC වලින් අයන්න ආයන්න කියපු මම ඊළඟට අතපත ගෑවේ VB6. නිසියාකාර මඟපෙන්වීමක් නොතිබීම තමා ඒ තෝරාගැනීමට හේතුව. රැල්ලක් තිබුණා.. මාත් ඒකට අහුවුණා.

    මෙන්න අගනුවරින් දුරබැහැර ගමක මීට අවුරුදු 8-10 කාලයකට කලින් තිබුණු තත්වය,
    * ගමට අන්තර්ජාලය නැහැ.
    * ක්‍රමලේඛණය ගැන සියබසින් ලියැවුණු පොත්පත් තිබුණේ එකක් දෙකක් වගෙ.
    * ටෙක් ශ්‍රී ලංකා එකෙන් වෝල්පේපර් මාරු කරන්න ඉගෙනගත් අයත් ගියෙ අඩියක් උඩින්.
    * නිසි මාර්ගෝපදේශනයක් දෙන්න කෙනෙක් නැහැ.
    * Computer = Windows

    ඔය හේතු නිසා කට්ට කාලා ඉගෙනගත් VB6 වුණත් මට වටිනවා. අනෙක, VB6 ඉගෙනගත් එකාට වුණත් කාලෙට ගැළපෙන අළුත් අළුත් දේවල් ගවේශණය කරන්න වුවමනාව තියෙනව නම් (මහාචාර්ය සිතිවිලි පහළ වෙලා නැත්නම්) නොවැටී සිටින්න පුළුවන්. හැබැයි VB6න් පටන් ගත්ත එක නම් වෙච්ච ලොකුම ලොකු වැරදීමක් කියල මමත් පිළිගන්නවා.

    ReplyDelete
  8. අදනේ මේක දැක්කේ ....

    කියලා තියන දේ සම්පූර්ණ ඇත්ත ..

    ලංකවේ වැඩ ඔක්කොම ඔය වගේ තමයි ... ඔහේ කරනවා ... තේරුමක් නැහැ ....

    ReplyDelete
  9. VB6 ගැන ප්‍රකාශය ඉතාම නිවැරදියි
    තවත් අළුතින් ඉගන ගන්න ඉන්න අය අමාරුවෙ නොවැටී ඉදිරියට යන විදිය කියල දුන්න නම් අගෙයි foundation එක මොන වගේ එකකින් පටන් ගන්නවද ඊලඟට මොන වගේ programming භාෂාවකට යනවද වගේ දේවල් ඇතුලත් කලා නම් අනර්ඝයි

    ReplyDelete
  10. නියම බ්ලොග් එක මචං. කියවන එකාට ආතල් එකට අමතරව තේරුමක් තියෙන දෙයක් ඉගෙන ගන්න ලැබුන සීමිත බ්ලොග් වලින් එකක්.
    මං Microsoft වලට කැමති නැත්තෙ ඒක නිකං හිරේ යනව වගේ වැඩක් නිසා. කරන එවුන් හිතන් ඉන්නෙ මේ ලෝකෙ තියෙන්නෙ එච්චරයි කියල.

    ReplyDelete
  11. ඇනා,
    කියාදෙනකං බලන් හිටියොත් ඉතිං බඩුම තමා. තම හිසට තම අතමය සෙවනැල්ල කියනවලු නෙ ;)

    හිගන්නා,
    පුරුද්ද පුරුද්ද, ජාතික නාලිකා වල pirated copy පාවිච්චි කරන්න කියාදෙන්නෙ මොන රටේද?

    Kanishka,
    ටැංකූ ටැංකූ :D

    කණියා,
    ;)

    මල්$han,
    අපේ අච්චිත් නිතරම කියපු කතාවක් ඔය, "කට නැත්තං උබව බල්ලොත් ඇදං ගිහිං" කියලා :P

    Manoj,
    සක්කරයගෙ පාන්ඩු කම්බලේ රත්වෙලා අපිට තොරතුරු තාස්සනේට දැනුම් තේරුම් ඇති ඇමතිතුමෙක්ව මවලා දෙනවනං නේ.

    ශාකුන්තල,
    තමන් කරන දේ වැරදී කියලා තේරෙනවනම්, ඒක හදාගන්න ඕනා කියලා හිතෙනවනම් තව මොනවද.
    ඔයා ඔය විස්තර කරලා තියන කරුනු එහෙම පිටින්ම මටත් අදාලයි. අවුරුද්දකට වතාවක් infotec ගහිල්ලා පුලුවාන් තරම් leaflet උස්සන් ඇවිත් බල බල හිටියා. code එක පොතේ ලියාගෙන හිටියා computer එකක් හම්බෙනකන්. pc එකක් ඉස්සරහා ඉදගන්න කරපුවා කියපුවා මතක්වෙද්දි ලැජ්ජත් හිතිලා හිනත් යනවා.

    Ansh,
    :D

    තීර්ථ යාත්‍රිකයා,
    thanks mate

    වැප්,
    තේරුමක් ඇතුව කලාම ගතියක් නෑ කියනවනෙ :P

    සිංහයා,
    බොහොම ඉස්තූතියි. අඩුපාඩුව පෙන්වා දීම ඉතාමත්ම අගේ කරනවා. ඉදිරි ලිපියකින් ඒක කරන්නම්.

    kanishka©,
    බොහොම ඉස්තූතියි දිරිමත් කලාට. ඇත්ත කතාව. කීයෙන් කී දෙනාද pc කියන්නෙ windows නෙමේ කියලා දන්නෙ.

    ReplyDelete
  12. Ow OW Mamath Oyage Katawata Ekagay. Ela Post ekakne Oya Dala Tiyenne.
    Mama Asa ne VB walata. Ekedi apata Godak dewal maga erenawa. mama Asa C++ walata. ewage ekak igena gattama apata serama denuma hodata lebenawa. VB wala api karanne mokak hari kalin hadapu command button ekak wage ekak eragena ekata monawa hari command poddak liyana ekane.
    Mama ewata asa ne. mokada mama tawama Igena Ganna nisa mata One Hema deyakma Coding walin liyala Purudu wenda. Mata one Command Button ekak unath Coding walin ma liyala Igena Ganda.

    Ela Ela Post Eka.

    Thanks

    ReplyDelete
  13. Sorry ekama deserayak Post karata. Kalin eke Mata Nama Liyanda Beri una

    Ow OW Mamath Oyage Katawata Ekagay. Ela Post ekakne Oya Dala Tiyenne.
    Mama Asa ne VB walata. Ekedi apata Godak dewal maga erenawa. mama Asa C++ walata. ewage ekak igena gattama apata serama denuma hodata lebenawa. VB wala api karanne mokak hari kalin hadapu command button ekak wage ekak eragena ekata monawa hari command poddak liyana ekane.
    Mama ewata asa ne. mokada mama tawama Igena Ganna nisa mata One Hema deyakma Coding walin liyala Purudu wenda. Mata one Command Button ekak unath Coding walin ma liyala Igena Ganda.

    Ela Ela Post Eka.

    Thanks

    ReplyDelete
  14. අතුරු කතාවක්:

    වැඩකට නැති වෙයි කියල හිතපු VB6 අද මට ගොඩක් ප්‍රයෝජනවත් වුණා. ඒ MS Access database එකකින් MySQL database එකකට data migrate කරන වැඩකදි. :-)

    ReplyDelete
  15. blog ලියන එක නතරකරා දො ???????
    ඉක්මනට ආය පටාං ගන්ඩෝ !!!!!!!!

    ReplyDelete
  16. බුදු අම්මෙ.. VB6 ගැන නම් මං වචනයක් කතා කරන්නැ.. ඔව්වා සම්බන්දයෙන් කතාකරලා ගුටිබැට හුවමාරු පවා ඇතිවෙන්න බැරි කමක් නැ :D

    ReplyDelete