Monday 17 August 2009

රහස් කියන්නෙ මෙහෙමයි...

කතා දෙකක් නෑ කොච්චර හොද දෙයක් උනත් පාවිච්විය අමාරු නම් ඉතින් අපිට ඉතින් වැඬි ආසාවක් ඇතිවෙන්නෙ නෑ නෙ කිසිම දේකට. නිවන් යන්නත් "පස්සෙ වෙලාවක නිවාඬු පාඬුව try එකක් දෙනවා, මේ වැඬ අස්සෙ ඕවට කොහෙද වෙලාවක්" කියල ඉන්න එකනෙ අපි කරනන්නෙ. ;) මේ කියන්න යන්නෙ ඒ වගේ බරපතල සීන් එකක් සරලව කරගන්න පුලුවන් සෙල්ලමක් ගැන. ඔයගොල්ලො හුගදෙනෙක් encryption ගැන අහලා ඇතුවට කිසිම සැකයක් නෑ. අපි හුගදෙනෙක් ඉතින් නමට බයයි නෙ. අපෝ ඕව අපිට තේරෙන්නෙ නෑ, අපි geekලා නෙමේ කියලා මග ඇරලා යනවා. සරලව වැඬේ කරගන්නෙ මෙන්න මෙහෙමයි.

මේක firefox plugin එකක්. මෙතනින් download කරගන්න පුලුවන්.(දන්නවනෙ ඉතින firefox plugin install කිරිල්ල කොව්චර ලේසිද කියලා. ඔක්කොටම default settings දෙන්න.) මේකෙන් කරලා දීලා තියෙන්නෙ GPG (gnu privacy guard) කියන encryption තාක්ශණය භාවිතය පහසු කරල දීලා තියන එක. GPG/PGP වලදි වෙන්නෙ ඔයාට keys දෙකක් දෙනවා. එකක් private key එක, ඒක දන්නෙ ඔයා විතරයි. ඒක password එකකිනුත් ආරක්ශිතයි. අනික public key එක. ඒක ඔයා එක්ක රහස් කියන්න ඕන අය අතරෙ බෙදාහරින්න පුලවන්. ඔය public key එක පාවිච්චි කරලා කෙනෙක් encrypt කරපු එකක් decrypt කරන්න පුලුවන් ඔයා ලග තියන private key එකයි password එකයි පාවිච්වි කරලා විතරයි. හරියට තැපැල් පෙට්ටියක් වගේ. ඕනා කෙනෙක්ට ලියුම් දාන්න පුලුවන්, නමුත් ලියුම් ගන්න පුලුවන් අයිතිකාරයට විතරයි. කතන්දරේ පැහැදිලිද?

plugin එක install කරගත්තට පස්සෙ තමන්ටම කියලා key එකක් හදාගන්න එපැයි. browser එකේ කොහෙ හරි right click කරලා බලන්න අලුත් menu item එකක් තියනවා නේද කියලා FireGPG කියලා? ඒකෙ තියන key manager කියන menu item එක click කරපුවම key manager කියලා dialog box එකක් දකින්න ලැබෙයි. ඒකෙ පල්ලෙහා වම් පැත්තට වෙන්න තියන new key කියන button එක click කරපුවම එන dialog box එකේ ඔයාලගෙ විස්තර දෙන්න.



ඔයා කැමති නම් the key never expires කියන check box එක select කරන්න පුලුවන්. මම නම් කලේ key එක අවුරුදු 5 කට වලන්ගු වෙන්න හදපු එක. Advanced options කියන check box එක click කලොත් ඔයාලට දකින්න පුලුවන් වෙයි 1024 විදියට තියන key length එක 4096 දක්වා වැඬි කරන්න පුලුවන් කියලා. වැඬිපුර security උචමනායි කියලා හිතෙනව නම් key length එක වැඬි කරන්න පුලුවන්. මතක තියාගන්න, key length එක ලොකු වෙන්න ලොකු වෙන්න encrypt, decrypt කරන්න ගතවෙන කාලයත් වෙනස් වැඬි වෙනවා. ආරක්ශාවත් වැඬි වෙනවා. generate key කියන button එක click කරපුවාව ටික වෙලාවකට මුලු browser එකම freeze වෙලා වගේ තියෙයි. key generated successfully කියලා message එක එනකන් ඉවසලා ඉන්න. අමාරු කොටස එච්චරයි.

දැන් තියෙන්නෙ පොඬි testing පාරක් දාල බලන්න. ඔයාගෙ gmail open කරගෙන අලුතෙන් ලියුමක් ලියන්න ගියපුවාම අලුතින් වැඬිපුර කෑලි ටිකක් එකතුවෙලා කියලා පෙනෙයි.


මුලින්ම ඔයාටම ලියමක් එවාගෙන බලමුකො. මොනව හරි ලියලා අර අලුත් වැඬකෑලි ගොඬේ තියන encrypt කියන icon එක click කරන්න. icon එකේ පාට වෙනස් උනා නේද? send button එක click කරපුවම මේ වගේ dialogue එකක් එයි.


දැනට ඉතින් key manager එකේ තියෙන්නෙ ඔයාගෙ නම විතරයි නෙ. ඒක select කරල ok කරන්නකො. (පස්සෙ ඔයා යාලුවන්ගෙ public keys add කරගත්තම ඒ ඔක්කොම මෙතන පෙන්නනවා. එතකොට කරන්න තියෙන්න ලියුම යවන එකකෙනාගෙ public key එක මෙතනින් select කරන්න)

ඊට පස්සෙ ඔයාගෙ gmail account එකේ password එක ඇහුවොත් ඒකත් දෙන්න. දැන් inbox එකට ගිහින් බලමුද?


open කරන්නකො ඔයාගෙ රහස.


ඔතන ඔයා දෙන්න ඕනා අර key එක හදද්දි දීපු password එක. මම කලින් කිව්ව වගේ ඕන කෙනෙක්ට ඔයාගෙ public key එකෙන් encrypt කරන්න පුලුවන් උනාට එහෙම encrypt කරපු එකක් decrypt කරන්න පුලුවන් private key එකයි password එකයි පාවිච්චි කරලා ඔයාට විතරයි.


ඔයා encrypt කරලා ඔයාම decrypt කරලා බලලා වැඬක් නෑ නේද? දැන් කරන්න ඕනා ඔයාගෙ public key එක යාලුවෝ අතෙර බෙදා හරින එක. ඒක කරන්නෙ මෙහෙමයි. යන්න key manager එකට(fireGPG->key manager). select කරන්න ඔයාගෙ key එක. තියනව නේද export to file කියලා button එකක්. ඒකෙ click කරපුවම save dialogue box එක එයි. කැමති නමකින් file එක save කරගෙන notepad එකෙන් open කරගන්නකො. පලෙලෙහයින් තියනව වගේ දෙයක් නේද තියෙන්නෙ? ඕක තමයි යාලුවන්ට යවන්න ඕනා. මේ තියෙන්නෙ මගෙ public key එක.

-----BEGIN PGP PUBLIC KEY BLOCK-----
Version: GnuPG v1.4.9 (GNU/Linux)

mQGiBEqIiYERBADuz/u8D5nMAiE2Zd5/eJ5eO5y3ESjErOwpWjwARLFxBv82UNlf
sxUiMwGS3l9R5WH+HanIoANZrsTfdq6zgSBJAJWKOfEvSp30Pb1P7aJM5p4ZwDZW
dfSAMsAXe+7lOF5F5M83MMOKbLp/ojkcDEM9JDXSptNQArANEmhlMwokAwCgxvAz
5vabrVK6t5WH86ogv6iJZKcEAMsZk6xT4PCwiE4o8e3oMqX17zSyUdrg9dQOimkD
dbAxFFKqtNBp9L73Zdhvjjxq58r0VGOX36LrkvN8qYZRX1dDErMfG5o10qhm6q33
uCrJGgt8u9TIipPXG3e/WdKgWiZPG4ugtdL+owSAXEYdYxr6v33mrtZUXH4MRPcS
9JQfBADix/l6Y8g/7M9kh4r/Ic7MNv/KPBNSTIT01EiDitt6SPgfL5Tq/YIW8fQq
LlJ/D4WosJKY5fYtIwwY/SKIBPHD4qUVZnwug3M9tcVfICLzss5xrIxRNMjNUzT3
GF/HusayLi4tZ/WU8L/unqoP/YKOjsW5Jw+nRcEe1j2H6fSeiLQdw6RudGhyw6RY
IDxhbnRocjZ4QGdtYWlsLmNvbT6IZgQTEQIAJgUCSoiJgQIbIwUJCWYBgAYLCQgH
AwIEFQIIAwQWAgMBAh4BAheAAAoJEBducqpKpO9Bo18An1cNA11XFhGl0HJaVLCq
YdqF15hvAKCtdRomT+VZVZvInRioqAqvKOJVl7kCDQRKiImBEAgAiQk8Ln0tOAIS
7y3YRNEnl3sGBcTtyFovVHmI1brBS1PHYGdbX7DMx29ZknXyXbVtVtMfDLZ//nsU
Le2MvLeWcphkbipzGJ0BRmTLMSmDecgsf8qXjYu5LPS+SKpoCI6Gf65cbkTLodHq
L/tAQLMlw7APVzLHe1A9INz78zBF7C1OCndTOts4l3kKGEjgWOwNYzlPSdNLR90l
x/fuaGCny2hHg4DqIlipP0TLhyBLQYil0+NZej88fh8czMHIwr2fiP1uJ1xaZdAJ
oQo5m+eJq0x2NxaZLM0Yxh8h67voLrF2Veb7sFxXRu7qyQmMQCm7RJzzP/gvSdLQ
ww7woLRY8wADBQf9G0wy7HoIOpbyt/kSLvc/uJNrA7pXrCMZ842oPHqL1+LQ9GRI
ljAv0rTy7ByrkfCsCSiWwmjVopJo/7pOuxtQiN1fJZQwdpIneAcvEOoWv4EOf1nN
EhWGf/msiFlyIK/X5wrj1QlUoWZBhAzo3r+nlcE2p9nGaYdnsN4SupnyiwoYq6mt
2vwDLQBl/g2zAMw/eojdrntFbsAmp6TLSfuJAHV9+Lx8qRkHvHRI+TgjnGkbqiRO
L2suzeYCSkfpKSPEkTsnx0vKNC69JXRLl1OnihW1vwTFveHq1Acm8yYhNNJSNuBE
I2ZnbtlI2pPnCc1ywU95N96Ua5ihO/kBDDnWEIhPBBgRAgAPBQJKiImBAhsMBQkJ
ZgGAAAoJEBducqpKpO9BDtsAoL6fpmNoSUgsGWc9hpjoTQbEtRVCAJ9UO4n/kooP
/0JEFneMH6vzNc359Q==
=qn7m
-----END PGP PUBLIC KEY BLOCK-----


ඔය කොටස select කරලා right click කරලා FirePGP->Import කියන option එක select කරන්නකො. '-----BEGIN' වල ඉදලා 'BLOCK-----' වෙනකන් මුලු කොටසම select කරන්න අමතක කරන්න එපා හොදද? දැන් ඔයා encrypt කරලා ලියුමක් යවන්න හදද්දි අර dialogue එකේ ඔයාගෙ key එකට අමතරව මගෙ public key එකත් තියනව නේද? (key manager dialogue එකට ගිහින් බලන්නකො). ඕන කුනුහරුපයක් ගහලා encrypt කරලා එවන්න. ඔයාටයි මටයි විතරයි පේන්නෙ. ඔයාගෙ public key එකත් එවන්න අමතක කරන්න එපා. එතකොට මටත් පුලුවන්නෙ ඔයාට encrypt කරලා reply එවන්න. ;). යාලුවන්ටත් ඔයාගෙ public key එක යවන්න අමතක කරන්න එපා. ප්‍රශ්ණ තිබ්බොත් අහන්නකො...

7 comments:

  1. [said]
    ඊට පස්සෙ ඔයාගෙ gmail account එකේ password එක ඇහුවොත් ඒකත් දෙන්න.
    [/said]
    හෆොයි ! විකාර කතා කරන්න එපා.. Google Account එකේ password එක නං මහරජාණෝටවත් දෙන්නෙ නෑ ! ඕක නැතිව වැඩේ කරගන්න විදියක් නැද්ද ?

    මේතත මම දැක්ක උබුන්ටු වලත් මේ PGP කෑල්ලක් තියනවා. කාම අල්ලලා බලන්න බැරි උනා. ඒක ගැනත් දන්නවනං ටාර් ගාලා - == දැන්ම - ලිපියක් දාන්න.

    ReplyDelete
  2. ඒ password එක ඉල්ලන්නෙ google site එකෙන්මයි බන්...

    ඒ GPG කතන්දරේ ලේසියෙන් කරගන්න තමයි මේ FireGPG තියෙන්නෙ.

    ReplyDelete
  3. පිස්සු කොර...
    හැබැයි අපේ ඉන්න උන්ගෙන් Public Key ගන්න වෙනම Course එකක් දෙන්න වෙනවා ෂුවර්... ;)

    ReplyDelete
  4. Asymmetric Key Cryptography -- මං දෙක වසරෙ සබ්ජෙක්ට් වලින් කස්ටියට කුප්පි දැම්මෙ ඕක ගැනම විතරයි.

    Gmail පාවිච්චි කරද්දි ඕකෙන් අමතර ආරක්ෂාවක් සැලසෙනවා. නමුත් දැන් Gmail වල SSL encryption දීලා තියෙනවා නේද? ඒ කියන්නෙ මගදි පැකට් හොරකම් කළාට වැඩක් නෑ... ලිහාගන්න බෑ.

    ReplyDelete
  5. හැබැම වටිනා ලිපියක්ග හොද දැනිමක් ලබා ගත්තා. ඒත් මේ ලිපි වලට ආගමික නායකයන් ගා ගන්න එක නම් නරකයි.

    නිවන් යන්න නම් නෙමයි, එහෙම සෙල්ලමක් දැම්මොත් බුදුහාමුදුරුවො ඉන්න තැනකින් ඇවිත් මගෙ බෙල්ලන් අල්ලලා අහයි, "උබට ඕක වේලාසනින් කියන්න බැරිඋනා මම අවුරුදු හයක් තිස්සෙ චාටර් කනකන් ඉන්නෙ නැතුව" කියලා.

    ලිපියේ වටිනාකම මේකෙන් නැතිවෙලා යනවා...

    ReplyDelete
  6. ගයන්ත,
    තැන්කූ වේවා.

    ශාකුන්තල,
    එල කොල්ලෙක් නෙ. Gmail වල SSL by default desable කරලා නේද එන්නේ? අනික SSL enable කරලා තියෙද්දිත් session hijack කරන්න පුලුවන් Gmail වල. වැඬි විස්තර නැතුව මෙහෙම කියන්නම් කො. gmail test account එකක් හදාගෙන ඒකෙන් log වෙලා කා එක්ක හරි chat කරන්න කියලා යාලුවෙක්ට user name එකයි password එකයි දෙන්න. එයා chat කරන අතරතුරේදිම ඔයත් log වෙලා බලන්න. ;)

    Anonymous,
    වැරැද්ද පෙන්නල දීපු එක ගැන ඉස්තූතී. වැඬියෙ හිතන්නෙ නැතුව ලිව්ව එක ගැන අවන්කවම කනගාටු වෙන අතරම සමාව ඉල්ලනවා.

    ReplyDelete