Tuesday 16 June 2009

software හොරකම අඞු කරමු.

Tech කතා pod cast එක අහද්දි පොඞඞක් ලැජ්ජ හිතෙන දෙයක් ගැන කතා උනා. ලෝකේ තුන්වෙනි තැනට හොර software පාවිච්චි කරන්නෙ දර්මද්වීපෙ කට්ටිය ලු. උදේ හවස අදින්නා දානා කියන අපිට අපූරැ නම්බු නාමෙ නේද? කාලෙක ඉදල open source fan කෙනෙක් වෙලා හිටපු නිසා නිකන් ලැබෙන හොද දේවල් ගැන සිංහලෙන් යමක් ලියන්න හිතුවා.

windows කියන්නෙ හරියට ඉස්කෝලෙ කාලෙ යාලු වෙච්ච ගෑනු ලමය වගේ. පෙනුමට යාලු වෙනවා. එතන ඉදලා යාලුවන්ට වලි වලට අඞගහලා ඉවරයක් නෑ. හැමදාම මොකක් හරි අවුලක. windowsත් එහෙම නේ. එක එක ජාතියේ error message එ මදිවට අම්බානක security loophole. වෙන කොල්ලෙක් එක්ක අතේ එල්ලිලා ගිහින් අතේ මාට්ටූ උනාම 'එ අපේ අය්ය කෙනෙක්' කියනවා.බොරැද කියලා ගෙදරින් අහන්න යෑ.( this is not a valid copy of windows කියයි, එ විතරක් නම් මදෑ, අම්බානක නෙලලා ගෙදරටත් කියයි.) අපි ඉතින් updates ගන්නත් ඔන හොරට. bugs fix කලාට පස්සෙ දාන updates කියවනවා නම්, ලංකාවෙ ලොකුයි කියන සමාගම් වලින් 90% ක network වලට කිසිම කරදරයක් නැතුව රිංගන්න පුලුවන්. (තියපු back-door එක ගැන හිතන්නෙත් ඉතිං'එ windowsගෙ අය්ය කෙනෙක්' කියලා.) ලොකුයි කියන IT institute වල තියෙන්නෙත් හොර බඞු නේ. ජිවිතේට Martini නොබිපු මම වගේ අහිංසකයෙක් ලොකු හෝටලේකින් ලස්සන වීදුරැවක දොඞම් ලෙල්ලක් එක්ක දාලා දෙන කසිප්පූ shot එක Martini නෙමේ කියල අදුරගන්නේ කොහොමද? O/L, A/L ඉවර වෙලා computer ඉගනගන්න යන අපේ ලමයින්ට වෙන්නෙත් ඔය ටිකම තමා.එ අහිංසකයො ගෙදර අවිත් practise කරන්න කරන්නෙත් ලස්සන විදුරැවක දාගන කසිප්පු බොන එක. (කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් එහෙම පුරැදු වෙච්ච කෙනෙක්ට අත්තටම Martini බොන එක simple කියලා. ඔයත් එහෙම හිතනව නම් මේ article එකෙන් ඔයාට සත පහක වැඞක් නෑ.)

ඔන්න ඉතිං ඔය විදියට ඉස්කෝලෙ කාලෙ love එකයි windows පාවිච්චියයි නැගලා ගියා කියමුකෝ. ඔන්න අපිට ටික ටික අමුතු දේවල් ගැන අහෙන්න ගන්නවා. fedora කියයි, mint කියයි, debian කියයි, BSD කියයි ... බෝලේ මෙච්චර කල් ඔව තිබ්බෙ කොහෙද? එ මදිවට එව free ලු. (අපිට ඉතිං windows ත් free නේ) ඔන්න ඉතිං ඔයින් ලස්සන interface තියන එකක් install කරලා දවසක් විතර එහෙට මෙහෙට කර කර ඉන්නවා. වැඞේ හරියන්නැ. මොකද windows වලටනේ පුරැදු. ඉතිං අයෙත් windows දාගන්නවා. windows ලේසි නිසා නෙමේ. අපි සම්පුර්නයෙන් අලුත් දේකට යන්න තියන බය මුසු කම්මැලිකම නිසා. මට මතකයි XP අපු අලුත තිබිචච කරදරයක්. නම සදහන් කරන්න අකමැති, ලොකුයි කියන IT Institute එකක මම volunteer කරනවා බයියෙක් (newbie) විදියට එ කාලේ. (එයාල ලග තිබ්බෙත් කසිප්පු තමා). hardware specification මදි නිසා lab එකෙන් බාගයක් pc වලට විතරයි xp දැම්මෙ. practical කරන්න එන කට්ටිය පොර කනවා 98 machine එකක් අල්ල ගන්න. කොච්චර උත්සහ කලත් මට පුලුවන් උනේ නෑ බහුතරයකට තේරැම් ගන්නවන්න word practical කරන්න OS එකේ බලපැමක් නෑ කියලා. මට ජිවිතේ තියන සතුටුම දවස් වලින් එකක් තමා, 98 ඉල්ලලා මැරෙන්න ගිය පොරක් xp install කරලා තිබ්බ pc එකක අපූරැවට පැය 2 තිස්සේ practical කරපු දවස. අනික් සතියෙ මු 98 machine එකක් ඉල්ලද්දි මම අහුවා ඔයා ගිය සතියෙ xp එකක නේද practical කලේ කියල. පොර නෑ ලු. ඉතිං තව මොන කතා ද?

98 එලියට දාන presentation එකේදි windows crash වෙනවා පෙනි පෙනි මනිස්සු windows 98 ගත්ත තරම කොච්චරද කියනව නම් Bill මහත්තයාට ලෝකේ ලෝකුම සල්ලිකාරය වෙන්න පුලුවන් උනා. මම පොර එක්ක ඉරිසියා නැ. එත් මනිහ සල්ලි හොයන්නෙ ලාවට අටවපු ජරාව ගොඞකට ලස්සනට සව් කොල අලවල නේ. ජරාව කියල දැන දැන අපිත් එ්කෙ එල්ලිලා ඉන්නවා. අපිට ඉස්සරට වඞා වැඞිපුර security ගැන හිතන්න වෙලා තියනවා මොකද දැන් ADSL ලාබ නිසා හුගක් අය ට ADSL තියනවා. ඉතින් ඔයාගේ හොර කොපියක් දාපු insecure windows pc එක තිස්සෙම internet එකට attached. network security ඉගන ගන්න කෙනෙක්ට practice කරන්න ලංකාව වගේ තවත් තැනක් නැ.

මිලින්ද මහත්තයට පිං සිද්ද වෙන්න අපි Microsoft product සල්ලි වලට ගන්නව නම් අමරිකාවෙ ගනන් ම ගෙවන්න එපෑ. නිකන් ලැබෙන හොද දේවල් පාවිචචි කරන්න පුරැදු වෙන්න බැරි එකම හේතුව අපේ බය. මම නෙමේ බුදු හාමුදුරැවො කිව්වත් 'හරි අද ඉදල අපි open source පාවිව්චි කරමු' කියලා වැඞේ එකපාර වෙන්නෙ නෑ. අපි ටික ටික වෙනස් වෙන්න උත්සහ ගමු. virtual machine එකක් විදියට linux කරන්නැතුව, linux වල virtual machine එකක් විදියට windows හොර copy එක දාගන්න. එතකොට ඔයාට හොර බඞු පාවිච්චි කරන්න වෙන්නේ නැතිවම බැරිනම් විතරයි. මේ විදිය practical නෑ කියන්න බෑ. මොකද මම මේක සෑහෙන කාලයක් තිස්සේ කරනවා. (මම වැඞ කරන තැන development සිද්ද වෙන්නේ MS visual studio 8 වලින්[එයාලා කසිප්පු නෙමේ බොන්නේ]. මෙ වෙනකන් අවුලක් නැතුව වැඞ කරනවා.) කලින් මම solaris පාවිච්චි කලේ base os විදියට. දැන් මාසයකට විතර උඞදි ubuntu පාවිචචි කරන්න ගත්තා. විස්වාස කරන්න. යකා කියන තරම් කලු නෑ. linux කියන තරම් අමාරැත් නෑ. MS Office වෙනුවට Open Office පාවිච්චි කරන්න, photoshop වෙනුවට gimp පාවිච්චි කරන්න, dreamweaverවෙනුවට komposer පාවිච්චි කරන්න. බැරිම අවස්තාවකට windows VM එක පාවිච්චි කරන්න. මාසයක් දෙකක් යනකොට වෙනස තේරෙයි. මගෙ laptop එක vista business එක්ක අවේ. එත් linux වලට පුරැදු උනාට පස්සෙ සීනී බෝල දීරවන්නැතුව ගියා. කම්මැලි හොරෙක් වෙන්නැතිව නිකන් ලැබෙන හොද දේවල් ගැන හොයල බලන්න. ඉලග ලිපියෙන් opensource alternatives ගැන කතා කරමු.

(මගේ බාසාවෙ අඞු පාඞු වලට සමාව දෙන්න)

-änthräX

10 comments:

  1. පිස්සු හැදිලා ආපහු පාරක් පිස්සු හැදෙන බ්ලොග් පෝස්ට් එකක්... මං නිකන් කියවාගෙන කියවාගෙන ගියා සිං සිං ගාලා... මට මතක් වුනේ කවුද දන්නවද ඔබතුමාගේ මේ ටෝක්ස් ටිකට?? ඉස්සර අපේ පැත්තේ පොළ දවසට එනව මිනිහෙක් තෙල් බෙහෙත් විකුණන්න.. මිනිහා තෙල් විකුණනවා නිකන් පෙට්‍රල් වගේ.. හැබැයි බෙහෙතෙ බලේට නෙමේ ඒවා සිං සිං ගාලා විකිනෙන්නේ... මිනිහාගේ කටේ බලේට...

    අනේ මං ඔබතුමාට අපහාසයක් නෙමේ කලේ.. කියන්න තියෙන දේ කෙලින්ම සරළව සිත් ඇද ගන්නා විදිහට කිව්වාට උදාහරණයක් පෙන්නන්න.. මට මේක කියැව්වාට පස්සේ පුදුම ආසාවක් හිතෙන්නේ ඕපන් සෝස් පාවිච්චි කරන්න.. එත් මේ පොඩි එකා තාම බයයි... හෙට අනිද්දට බය නැති වෙයි ඔබතුමා තව මේ වගේ පෝස්ට් එකක් දැම්මාම...

    ජයවේවා...

    Ane me word Verification eka ain karandoo...

    ReplyDelete
  2. නියමයිනේ කතාව. ඔන්න ඔය වගේ පොඩි තල්ලුවක් තියෙනවනම් FOSS වර්ධනය තව වැඩි වෙයි.

    හැබැයි කසිප්පු බොන එකේ වාසි ගොඩක් තියෙනවා. හිතන්න මායා ගැන. මායා වලින් වැඩ කරන තැන් නීතියේ බ‍ලේට original දාගත්තා කියමු. හැබැයි එතන වැඩ කරන්න එන මිනිහා ගෙදර කසිප්පුනේ දාගෙන ඉන්නේ. මිනිහට හැකියාව වර්ධනය කරගන්න පුලුවන් එකම ක්‍රමය ඒක.

    ඔය ව‍ගේ තමයි අනිත් දේවලුත්. ඒක නිසා නීති තද කරන්න කලින් gradually වෙනස් වුනොත් හොඳයි.

    ReplyDelete
  3. ඉස්තුති දෙන්නටම. වෙලාවක් ලැබුනම ඉතුරැ ටික ලියන්නම්.

    ReplyDelete
  4. එළ එළ.
    අපිත් බභිමු open Source Software වලට.
    මාත් කාලයක් Ubuntu පාවිච්චි කලා.
    ඇත්තටම හොඳයි. එතකොටයි තේරෙන්නේ OS එකට යටත් වෙන්නෙ නැතිව, අපිට ඕන විදිහට OS එකෙන් වැඩ ගන්න පුලුවන් කියල.
    මතක් කරපු එක හොඳයි.ස්තුතියි.
    ආයේ සැරයක් බහින්න ඕනේ ubuntu එකට.

    Meeta Nuwan

    ReplyDelete
  5. ඇත්තටම ඉතා වටිනා දැනුවත් කිරීමක් සරල සුගම විනෝදාස්වාදජනක ආකාරයෙන් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි

    ReplyDelete
  6. ලියල තියන විදියට මටත් හිතුනා linuxකරන්න. මම් හිතාගෙන හිටියේ මේ නිවාඩු කාලායේ VM එකට linux දාගෙන බලනවා කියලා. හේතුව තම බය. modem එක ගන්නේ නෑ කියල ගොඩක් අය කියන නිසා තම එහෙම කරන්න හිතුනේ...බලමුකෝ

    ReplyDelete
  7. Anonymous,
    හොද ලමය.

    Astrology for All,
    ;)

    deeps,
    comment එක දෑක්කෙ දෑනුයි, modem එකේ model එකබලලා google කරන්නකො.

    ReplyDelete
  8. චින්තන29 June 2009 at 02:34

    කාලීන වැදගත් අදහස් දිගටම ලියන්න

    ReplyDelete
  9. අපි නම් ඉතින් ඔය පවෙන් ඈත් වෙලා ටික කලක් වෙනවා. මමත් මුල් කාලේදී ජනෙල් 7 එක්ක Ubuntu dual boot කලා. පස්සේ මටත් තේරුනා යකා කියන තරම් කලු නෑ කියලා. ඊට පස්සේ ජනෙල් 7 අයින් කලා.
    ඒත් එකම අවුල තමා Phone එකේ අවුලක් ගියාම ඒක Flash කරගන්න ක්‍රමයක් තාම හොයාගන්න බැරි වුන එක.ජනෙල් 7 ට නම් ඉතින් Pheonix දාලා වැඩේ කරගන්න පුලුවන්.

    ReplyDelete
  10. මම මේ බ්ලොග් එක අහම්බෙන් වගේ දැක්කෙ අදයි.
    මම කියවලා තියන අනිත් බ්ලොග් වගෙ නෙමෙය් මේක කම්මැලි නැතිව කියවන්න පුලුවන්.
    බාසාවෙ අඩු පාඩු ගැන කියනවනම්, සමාවදුන්න. බාසාව නියමයි Bro !!!

    මම ඔයත් එක්ක 200% ම එකඟ වෙනවා "Windows" ගැන,
    XP නම් ඉන්ස්ටොල්කරල එකදිගට මාසයක් (දෙක්ක්) වත් run කරන්න බෑ
    කරදරයක් නැතිව, ඊට පස්සෙ ලෙඩ කෝටියි. format කරල අලුතෙන් දාන්නම වෙනවා.
    95, 98, etc... ගැන මොනකතාද.
    "Windows 7" නම් ඊටවඩා ටිකක් හොඳයි (නැතුවට). මේක කියෙව්වට පස්සෙ මටත්
    හිතෙනවා "Ubuntu" වලට හරි "Linux" වලට හරි මාරුවෙන්න.
    අදම try කරලා බලනවා. සහයට VM නුත් තියනවනෙ.
    කොහොම උනත් බ්ලොග් ඒක නම් නියමයි, දිගටම ලියන්න Thankz............

    ReplyDelete