Monday 22 June 2009

software හොරකම අඞු කරමු (තුන්වෙනි කොටස)

anthrax ට අර කලින් ලිපියක කියපු ප්‍රසිද්ද IT institute එකේ ඉන්න කාලේ යාලුවෙක් හිටිය. ඔන්න එ කාලේ java ගෑන හෑමෝම හරි උනන්දු කාලේ. anthrax ටත් හරි කිචිය java ටිකක් ඉගනගන්න.(හරියට) වෑඩේට set වෙයි කියලා පොඩි potential එකක් හරි තිබ්බෙ අර ඉහත කී යාලුවා තමා. ඉතින් මම අහුවා බුවාගෙන් "ම්චෝ මට මෙහෙම අදහසක් තියනවා, මාත් එක්ක set වෙන්න කෑමතිද" කියලා. මූ කියපි "java කරලා වෑඩක් නෑ බන්, java වල operator overload කරන්න බෑ නේ. එක නිසා කරනව නම් c++ තමා කරන්නඕනා". ඔය නිසා ඉතින් තනියමම java කටුව කන්න උනා එ දවස් වල. (පස්සේ පස්සෙ c++ත් ඉගනගන්න උනා. එක වෙනම කතාවක්). කියන්න හෑදුවේ දෑන් අවුරුදු 3ක් තිස්සේ C++ එක්ක වෑඩ කරලත්(රස්සාව හෑටියට), antrax ට තාම operator එකක් overload කගන්න බෑරි උනා. (උවමනා උනේ නෑ). යාලුව කලාද කියලා දෑනගන්න විදියකුත් නෑ.



උදේ පාන්දර ඔය කතාව කියන්න තියාගත්තෙ අපේ අය FOSS මග අරින්න දෙන excuses ත් ඔය ජාතියෙම නේද කියල මතක් කරල දෙන්න.කවුරුහරි කියපු මොකක් හරි පොඩි දෙයක් අල්ලගන මෑරෙන්න යනව. නොකරන්න හේතු හොය හොය ඉන්නෙ නෑතුව කරල බලන්න. මේක හරියට දූරියන් වගේ. කාල බලනකන් ඉතින් තේරෙන්නෙ නෑ. කටට දාගන්නත් ඔන බල කරලා. ඊට පස්සේ..... හපෝයි තියන කරදරයක්.



අද මම කියන්න කතාකරන්න හිතුවෙ operating system වල security issues ගෑන. ඔන්න ඉතින් උදාහරනෙකින්ම වෑඩෙ පටන් ගම්මුකෝ. ඔන්න anthrax තාත්තා talk දෙන්න යන්නෙ. හිතන්නකො ඔයාට දුවෙක් ඉන්නව කියලා. ඔය ලමයව පන්සලකට පල්ලියකට යවන්නෙ නෑතුව, හොද නරක කියාදෙන්නෙ නෑතුව ඕන විදියකට හෑදියන් කියලා ලොකු වෙන්න ඈරිය කියමුකෝ.(ඈයි අම්මයි තාත්තයි දෙන්නම සල්ලි පස්සෙනේ -micros(ha)ft එක වගේ) ඔන්න 15, 16(හිතුවක්කාර වයස) වෙනකොට ඈහෑට කනට පේන්න ගන්නකොට, කොහොමත්ම පාලනය කරන්න අමාරුයි නේ. ඔන්න ඉතින් පන්ති යනව කියලා යනවා වියතක් විතර සායකුයි වියත් බාගයක් විතර හෑට්ටෙකුයි ඈදගෙන. ඔහොම වෙනකොට අම්මලා තාත්තලා කරන්නේ පුලුවන් තරම් මේ ලමයව ගෙට කරලා තියාගන්න. නීති තද කරලා, spam filter දාලා, firewall දාලා, virus guard දාලා එක කෙලියයි. ලමයටත් මේක හරි හිසරද් නේ. ඔන්න ඉතින් කොල්ලො ටික full try, unauthorized access එකක් දාගන්න. කොහොම කොහොම හරි කවුරුහරි එකෙක් firewall එකේ හරි spam filter එකේ හරි virus guard එකේ හරි vulnerability එකක් හොයාගන එක exploit කරන්න විදියක් හොයාගත්ත ගමන් කතාව ඉවරයි. ඈයි ලමයට සමාජ ආස්‍රයක් නෑ නෙ. අරූගෙ සුරන්ගනා කතාවලට අහුවෙලා මුලු os එකම compromise කරනවා.



ප්‍රායෝගිකව මේ ප්‍රශ්නෙ විසදන්න නම් කරන්න ඕනා ලමයව පන්සලකට පල්ලියකට යවලා, හොද නරක උගන්නලා, සමාජ ආස්‍රය පුරුදු කරලා, මිනිස්සුත් එක්ක ඔලුව බේරගන ඉන්න උගන්නන එක නේද? (foss වගේ)



"Microsoft Internet Explorer has encountered a problem and needs to close. We are sorry for the inconvenience." කියලා error report එක යවන්නද එපාද කියලා අහපුවම හා කියන කීදනෙක් ඉන්නවද? එක ඉතින් proprietary software පාවිච්චි කරන අයගෙ මානසිකත්වෙ. කතාකරලා බලන්න foss පාවිච්චි කරන යාලුවොත් එක්ක, මොකක් හරි bug එකක් දෑක්කොත් හරි අමුතු දෙයක් උනොත් හරි සිද්ද උනේ මොකද්ද කියලා දෑන දෑන මග අරින අය කීයෙන් කීදෙනාද ඉන්නෙ කියලා (micros(ha)ft එකට bug එකක් report කෙරුවත් හදන්න හත් අවුරුද්දක් යනවනේ). දෙකේ වෙනස හරියට අපේ දුවට කොල්ලෙක් talk කරද්දි ලග ඉන්න එකෙක් "මචන් සිරාවට නෙමේනම් කරන්නෙ ඕක කරන්න ඒපා, ඔය අපේ ගෙවල් ලග anthrax මාමගෙ දුව", කියන එකයි bill ගෙ දුවට talk කරද්දි "ඕන support එකක් දෙන්නම් මචන්, ඕක අපේ ගෙවල් ගාව" කියනව වගෙයි වෑඩක්.



වෑඩේ ඉතින් bill හොද නරක කියාදෙන්නෙ කොහොමද පොර රටේම තියන ජඩ වෑඩ කර කර. windows GUI එක apple ගෙන් හොරකම් කලා, networking part එක bsd ගෙ open source එකෙන් අරගන ගෑටයක් ගෑහුවා ...... තව නම් ඉතින් අම්බානයි ඔය වගේ වෑඩ.



programming ඉගනගන්න කට්ටිය කියන්න බලන්න code කරන්න අරගන කොච්චර කාලෙකට පස්සෙද ඔයාලා exception handle කරන්නපුරුදු උනේ කියල? මොකක් හරි risky වෑඩක් කරන්න යනකොට precaution ගන්න අමුතුවෙන් කියාදෙන්න ඕන නෑ නේද? පීනන්න බෑරි කෙනෙක් බෝට්ටුවකට නගින කොට life jacket එකක් හොයාගන්න ඕන නේද? bike එකකට නගිනකොට helmet එකක් දාගන්න ඕන නේද? ඔය වගේ පුන්චි දේවල් හදාගන වෑරදි වෙන්න තියන අවස්තා අඩු කරනවා වෙනුවට අපි කරන්නෙ වෑරෑද්ද උනාට පස්සෙ දාස් ගනන් වියදම් කරන එක. (කතාව පිට යනවා නෙමෙයි, සමහර විට ඔයාලා දෑනටමත් දන්නවා ඈති අර ඉහත කියපු message එක එන්නෙ properly handle නොකරපු exceptions නිසා.) ඔක කොහොමද security risk එකක් වෙන්නෙ කියලා කවුරුහරි අහනව නම් "ඈයි යෝදයෝ, denial of services attack එකක් කරන්න starting point එක ඕකනේ?". අලුත්මupdates දාලා තියන windows box එකක අර ඉහත කී message එක intentionally ගන්න පුලුවන් නම් ඔයත් ඉතින් පොරක් තමයි.



ඔච්චර බයිලා එක්ක වට වන්දනාවෙ එක්කන් ගියේ propitiatory software එකකට වඩා හුගක් ඉක්මනින් foss එකක bugs fix කෙරෙන බව පෑහෑදිලි කරන්න. පරක්කු වෙලා හරි හෑදෙන fixes අපිට ලෑබෙන්නෙ නෑ නේද අපි හොර software පාවිච්චි කරද්දි? කම්මෑලි කමට හෙට කරනව හෙට කරනව කිය කිය ඉද්දි වෙන්නෙ වෑඩේ මග ඈරෙන එකයි හොර බඩු වලට තව තවත් ඈබ්බහි වෙන එකයි විතරයි. සල්ලි තියන අය ඉතින් windows පාවිච්චි කරන්න ඕනම නම් එහෙම කරන්න. හොරෙන් හරි පාවිච්චි කරන්න ඕනම් අයත් එහෙම කරන්න. මම මෙ කතා කරන්නෙ ඔය දෙකොටසටම අයත් නෑති අයට. ඈස් දෙක පියාගන පලවෙනි වතාවට දූරියන් කෑල්ල කටේ දාගන්න උත්සහ කරන්න. ඈවිත් බලන්න proprietary ලෝකෙට වඩා open source ලෝකෙ කට්ටිය කොච්චර helpful ද කියලා. ඔයා තීරනය කරන්න ඔයා ජීවත් වෙන්න කෑමති සන්කර විදියට හෑදුනු, පරිස්සම් කරගන්න අමාරු hot wife කෙනෙක් එක්කද නෑතිනම් සමාජයත් එක්ක ඉන්න පුලුවන් විස්වාසය තියන්න පුලුවන් කෙනෙක් එක්කද කියල. (open source කතාව වෙන විදියකට හිතාගන නෑට්ට පාගගන්නව එහෙම නෙමෙයි, හොදද? )





අපේ දුව , bill සහ billගේ දුව මනකල්පිත චරිත බව සලකන්න



-änthräX

14 comments:

  1. කලින් ලිපි වගේම අනර්ඝයි! උදාහරණ ටිකත් අපූරුයි.

    ඇත්තෙන්ම මම කියවන්න බලාපොරොත්තු වෙලා හිටි ආකාරයෙ ලිපියක්. මොකද මම security ගැන ටිකක් උනන්දුයි. මම අළුතෙන් යමක් ඉගෙනගත්තා මෙයින්. :)

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. මම මුළුමනින්ම FOSS වුණේ මෑතකදි. කලින් මම C++ වලට IDE එකක් විධියට පාවිච්චි කළේ Microsoft Visual C++. ලිනක්ස් (Gnome හෝ KDE) එක්ක වැඩ කරන්න හොඳ IDE එක මොකක්ද? තාමත් මම gedit පාවිච්චි කරන්නේ... ඊට වඩා ලේසි එකක් තිබුණොත් හොඳා.

    ReplyDelete
  2. ලොක්කා පරක්කු වෙලා මේ අහන්නේ, මේ ලැපීට සුසේ කෑලලද Ubuntu කෑලලද මට සෙට් වෙන්නේ. මම නම් ඉතිං Computer Field එකේක කෙනෙක් නොවෙයි නෙව, නමුත් Grahic design and web design පැත්තත් කරනවා සහ අත්තරජාල කෙනෙක්ට භාවිතාවට හොඳ ලැපට හොඳ මොකැයි?Internet, Grahpics and Web design බහුලව භාවිතා කරන කෙනෙක්ට හොඳ මොකද්ද? මම නම් කලින් දෙකම භාවිතා කලා, සුසේ තමා වැඩි කලක් කලේ.
    Must be a Laptop friendly one.

    ReplyDelete
  3. @ශාකුන්තල

    ලිනක්ස් වලදී මම C++ සඳහා පාවිච්චි කරන්නේ Code::Blocks කියලා එකක්. ඒක සිරා.
    http://www.codeblocks.org/

    නැත්තං Netbeans උනත් හොඳා. ආ... ඇයි Anjuta ?

    ReplyDelete
  4. නියම ලිපියක්... මමත් යමක් ඉගෙනගත්තා කියලා හිතනවා මේක කියවලා... මම අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ... දිගටම ලියන්න... (උදාහරණ නම් මරු ආහ් :D )

    @ශාකුන්තල @ඉන්ද්‍රනාම
    Eclipse තියෙද්දි මොනවටැයි වෙන වෙන එව්වා හොයන්නෙ?

    ReplyDelete
  5. මාරම මාරයි කියන්න දෙයක් නෑ නියමෙට ලියලා තියනවා

    ReplyDelete
  6. ශාකුන්තල,
    ඉස්තුතී,
    ඔයාගෙ උනන්දුව ගෑන කියන්න තියෙන්නෙ "පතිරූප දේස වාසෝච" කියලා. practice කරන්න environment හද හදා වද වෙන්න ඔන නෑ නෙ. තාම අපේ රටේ නීති එහෙමත් නෑ නේද?
    මමත් visual studio තමා පාවිච්චි කරන්නෙ රස්සාව කරන තෑන. අනිත් development ඔක්කොටම වගේ පාවිච්චි කරන්නෙ netbeans. visual studio වල intellisense වගේ නෙමේ, netbeans වල auto list එක එහෙම හුගක් දියුනුයි.

    -බිன்ku-,
    ප්‍රශ්නෙ අහලා තියන විදියට මට නිකන් මගුල් කපුවෙක් වගේ හෑගීමක් ආව.;D. development වලට suse ගෙ වත් ubuntu ගෙ වත් වෙනසක් දකින්නෙ නෑ මම. KDE උඩ නම් වෑඩ කරන්නෙ Quanta පාවිච්චි කරන්න පුලුවන් web development වලට. මට නම් ඉතින් දිරෙව්වෙ kompozer තමා. photo editing වලට නම් gimp ත් photoshopවගේමයි(හුගක් දුරට).මම ඕව්ව පාවිච්චි කරන්නෙත් laptop එකේ.
    මම හිතනවා මම ඔයාගෙ ප්‍රශ්නෙ තේරුම්ගත්තා හරි කියලා. නෑ වගේනම් කියන්න.

    chathuraw,
    ඉස්තුතී,
    මට නම් Eclipse වලට වඩා netbeans අල්ලලා ගියා.

    දෙනියායේ චතුරංග නොහොත් වම්බොට්ටා,
    හෙන වස නම්ක් නෙ ඔයාට තියෙන්නෙ. ;). comment එකට ඉස්තුතී.

    comment දාද්දි මොකක් හරි අවුලක් තියනවද?

    ReplyDelete
  7. @änthräX,
    දැන් නීති තියෙනවා. පරිගණක අපරාධ පනතේ ඉංග්‍රීසි පිටපත මට කියවන්න ලැබුණා ටික කලකට කලින්. හැබැයි දැන් නම් ඒක හාඩ් ඩිස්ක් එකේ කොහේ දාලද දන්නෑ. :P

    මං දන්න එකම දේ දැන් අපේ රටෙත් නීති තදයි. හැබැයි සමහර බටහිර රටවල් තරම් නෑ. මගේ ජර්මන් යාළුවෙක් දවසක් කියනවා උන්ගෙ රටේ හිතේ හැටියට ටොරන්ට් බාන්නත් බැරිලු. අනිවාර්යයෙන් අහුවෙනවා සහ දඩ ගෙවන්න සිද්ධ වෙනවාලු.

    "පතිරූප දේස වාසෝච" කියන එක කොයි තරම් හරිද කියල හිතෙන්නේ සමහර රටවල් වල (මට මතක හැටියට කියුබාව) computer එකක් ගන්නත් ලයිසන් ඕන කියන එක සිහි වෙනකොට තමා.

    ඉතිං අපි එක අතකට බැලුවම කොයි තරම් වාසනාවන්තද? :D

    ---

    "comment දාද්දි මොකක් හරි අවුලක් තියනවද?"

    අවුලක් නම් නෑ... ඒත් තව විජට් දෙකතුනක් දාලා බ්ලොග් එක හැඩ කර ගත්තොත් හොඳා. :)

    ReplyDelete
  8. හපොයි ඔහොම නෙවෙයි... ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය දාලා කරුණු විධියට ලස්සනට පිළිවෙලකට තිබුණු එකක් ඒක. මුළු පනතම එතන තිබුණා. පිටු ගණනාවක්.

    ReplyDelete
  9. ඔයාගෙ copy එක දාපු තෑනකින් හම්බුනොත් මට ඉල්ලගන්න පුලුවන්ද?

    ReplyDelete
  10. මම හොයාගෙන එවන්නම්.

    ReplyDelete
  11. බුදුන් දෑක නිවන් දකින්ඩ පුලුවන් වෙන්ඩෝනෙ..

    ReplyDelete
  12. කතාව නම් ඇත්ත අපේ ගොඩක් අය FOSS පාවිච්චි නොකර අන්ධයා අලියා විස්තර කරනවා වගේ විකාර කියවනවා! හැබැයි ඔච්චර කෙස් පැළෙන තර්ක දෙන සමහර අය FOSS O/S එකක් ඇහැට දැකපු නැති අය වෙච්ච එකයි ලොකුම අවුල!
    laptop වලට නම් ඔනෙ disro එකක් වගේ වැඩ කරනවා මොකද kernel එකයි base tools ටිකයි හැම එකේම සමාන නිසා (සමහර වෙලාවට වෙනස්කම් තියෙනවා).Archlinux,kubuntu දෙකම හොඳයි, විශේෂයෙන් arch හොඳයි linux ඇතුලෙ වෙන සෙල්ලම් බලා ගන්න :D

    ReplyDelete