Tuesday 11 May 2010

සිල්වා අංකල්ගේ කතා වස්තුව

කාලෙකිං අනං මනං මුකුත් ලියන්න බැරිඋනානෙ. ඕං ඒ අඩුපාඩුව පුරවන්නයි යන්නෙ.

හැංගිමුත්තා
ඔන්න AL පන්තියෙ ඉතාමත් හොද හැසිරීම නිසා ඉස්කෝලෙන් පඩි සහිත නිවාඩු (සිංහලෙන් suspend ද මොකද්ද කියන්නෙ, අන්න ඒක) ලබාදුන්නා සතියකට. මම ඉතින් හරි දුකෙන් උන්නෙ ඉස්කලෙ යන්න බැරි අප්සට් එකෙන් :P ඔන්න හැන්දෑවෙ 2.30 - 3.00 විතර වෙනකොට කොහෙදෝ ගිහිං උන්නු අම්මා ගෙදර ආවා. ආපු වෙලේ ඉදලා අම්මගෙ ලොකූ වෙනසක් තියනවා. කියන කියන දේට හරහට කතාව. 'ළමයි නෙමේ උබලා ලමා තාත්තලා' ආදී හතරබීරි කමෙන්ට් දානවා. මේ මොකද මේ වෙන්නෙ කියලා මට හෙන ප්‍රශ්නෙ. අනවශ්‍ය ප්‍රශ්ණ අහලා බොරුවට කනේ පාර කන්න ඕනෙ නෑ නෙ. ඉතිං මාත් පුලුවන් තරම් මගඇරලා හිටියා.

ඔන්න ඊලග සතියෙ ඉස්කෝලෙ ගියපුවාම මගෙ මිත්තරයෙක් අහනවා 'උබලෑ අම්ම මුකුත් කිව්වද මම ගැන' කියලා? මූ හරි හොද එකා. දගලන්නෙ කරන්නෙ නෑ. අවුරුදු දෙකක් තිස්සෙ සිරාම ලව් එකක් කලත් තාම කෙල්ලගෙ අතින් අල්ලලවත් නැති බුවා. වෙන තරමක් කරදර සිද්දවෙන්නෙත් මූට. මට අර පරණ සීන් එක මතක් උනේම නෑ. (කොහොමත් ටියුබ් ලයිට් නෙ). 'නෑ ඇයි'. 'මේකයි බං, මමයි ###යි ස්ටේශන් එකේ කතා කර කර ඉන්නකොට උබලෑ අම්මා ආවනෙ'.(## කිව්වෙ මගෙ මිත්තරයගෙ (ඉ)ලඋ එක හරිද) ඔන්න ලාවට මටත් ගිය සතියෙ අම්මගෙ හැසිරීම මතක් වෙන්න ගත්තා. ඒත් මූ කෙල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා දැක්ක කියන එක මහ දෙයක් යෑ. (අනික මූ සාමාන්‍යෙන් කෙල්ල එක්ක කතාකරන්නෙ අඩි 5ක විතර පරතරයක් තියාගෙන. එහෙව් එකේ මොන අවුල් ද) ඉතිං මොකද උනේ කියපංකො. 'මම ## එක්ක කතා කර කර හිටිය කෝච්චිය එනකං, උබලෑ අම්මා ෆ්ලැට්ෆෝම් එකේ ඈත කෙරවලෙ හිටියෙ. අම්මා අපි ඉන්න පැත්තට එනව දැකලා අපි හැංගුනා. ඒ කියන්නෙ එයා දැකලා නෑ අපිව' මූට හරි සතුටුයි.

ඕං මාත් ගෙදර ගිහිං කට පියාගෙන ඉන්න බැරි කමට අම්මගෙං ඇහුවා ඔයා ගිය සතියෙ %%ව දැක්කද ඉට්ටේසමේ කියලා. හප්පට ශ්‍රී, මේං කාලි මාතාව වගේ බනිනවා බනිනවා //////// ඉවරයක් නැ. 'ඉතිං දැක්කද කියන්නකො බැනලා ඉවරනං' 'දැක්ක නේන්නං ** ගෙ දුවත් එක්ක පදුරක් අස්සෙ රිංගගෙන ඉන්නවා. මුංට ඉස්කෝලෙ ඇදුමටවත් ගරුසරුවක් තියනවද'. අම්ම දන්නවයෑ මූ 'genuinely අහිසකයි' කියලා. දැකලා තියෙන්නෙ පොර කෙල්ල එක්ක පදුර අස්සෙ හැංගිච්ච කොටස විතරනෙ. ඒකත් එයාට බයේ. ඕව විස්තර කරන්න ගිහිං මම ගුටිකන්න ඕනායෑ, මාත් ඉතිං සද්ද නැතිව හිටියා. ඊට පහුවෙනිදා ඕං කොල්ලො මූට කෑ ගහන්න තියාගත්තලු "හැංගිමුත්තො හැංගියෝ" කියල. ඔන්න මම නම් දන්නෑ මොකුත් එහෙම උනේ ඇයි කියලා.


සිල්වා අංකල්
අම්මගෙ 'හොද ලිස්ට්' එකේ ඉන්නෙ එකෙක්ව එහෙම බිල්ලට දීලා යාලුවො එකතු වෙලා රෑට පාඩම් කරන්න අවසර ලබාගත්තා. කරන වැඩක් පිලිවෙලට කරන්නෙපෑ කියලා ඔන්න කාලසටහනක් හදමු කියලා කතාඋනා මුලින්ම. 10.30 ඉදලා 4.00 වෙනකං කාලසටහන් හදලා හොදටම මහන්සී කට්ටියට. අම්ම හදල දීපු කෝපි එහෙමත් ඉවරයි. කට්ටියම unanimously කියනවා කුරුම්බා ගෙඩියක් බොන්නම ඕනා කියලා. යමල්ලා අපේ වත්ත පල්ලෙහාට කිව්වම මුන් බෑ ලු. හොරෙන් කැඩුවෙ නැතිනම් කුරුම්බ රස නෑලු. වටේටම ඉන්නෙ නෑදෑයො, ඒ ගෙවල් වලිං හොරෙං කඩලා නිකං චාටර් වෙන්නත් බෑ. මුං කියන දෙයක් අහන්නෙත් නෑ. කාට කියන්නද මේ දුක ඔබට මිස කියල කට්ටියත් එක්ක එලියට බැස්සා. අපේ ගෙදරට අල්ලපු ගෙදරට අල්ලපු වත්තෙ තමා කනත්ත තියෙන්නෙ.

ඔන්න කට්ටිය එක්ක පාරට බැහැලා කනත්ත මැද්දෙන් එක්කං ගිහිල්ලා %%මාමලෑ වත්තෙං පැනල ලස්සනට රවුං කරලා සෙට් එකව ආයෙ අපේ වත්ත පිටිපස්සටම එක්කං ආවා ඇති වෙනකං කඩං කුරුම්බා බීපල්ලා කියලා. කට්ටිය ඉතිං දුක සේ කෝටුවලින් ඇනලා කුරුම්බ ගෙඩි හිල් කරගෙන බිව්වා. ආපු පාරෙංම ගෙනියන්න එපෑ සෙට් එකව අනිත් දවසෙත් කුරුම්බ ඉල්ලුවොත්. ඕං ආපු රවුමෙන්ම ආපහු එක්කං ගියා ආපහු.

කනත්තෙන් පාරට එනකොටම ඒකෙක්ගෙ තාත්තා එනවා ඈතිං. කට්ටිය දඩබඩ ගාලා ගැංගුනා. තාත්තා එන එකාට වැඩේ මිටර් නෑ. පොර ආආආආතල් එකේ ඇවිදං යනවා. මා එක්ක හිටපු එකා අරූට රහසිං කෑගැහුවා "සිල්වා..., සිල්වා... යකෝ සිල්වො" ඒ එක්කම වෙන එකක් සිල්වව ගෙට්ටු කනුව පිටිපස්සට ඇදලා හංග ගත්තා. සිල්වව ගෙට්ටු කනුව පිටිපස්සට මුවා වෙනවත් එක්කම සිල්වලෑ තාත්තා ගේට්ටුව ඉස්සරහ. "කව්ද යකෝ.." අංකල් කෑ ගැහුවා. මට පිටිපස්සෙ හිටපු ගොනාගෙ හිතේ මේ සිල්වයි කව්ද යකෝ කියල ඇහුවෙ කියලා. මූ හෙන හයියෙං කෑ ගහපි "තොගෙ තාත්තා £කෝ" කියලා. අංකලා තප්පරේකට සීරුවෙන් හිටගත්තා. ඊට පස්සෙ අර හා හා හරි හාවා වගේ දෙපාරක් වටපිට බැලුවා. මේං පොර දුවනවා කුසන්තිකාට ඇප නැතිවෙන්න. විනාඩියකට අපිට හිතාගන්න බැරිඋනා මොකද උනේ කියලා. ඊලග මොහොතෙ සෙට් එක හිනාවෙන්න තියාගත්තා හුස්මගන්න බැරි වෙනකං, අංකල් දුවපු හැටි පෙන්න පෙන්න. අනේ ඉතිං ඊලග සතියෙ ඉදලා සිල්වා පාඩං කරන්න එන්න බෑ කිව්වනෙ අපිත් එක්ක.
ප.ලි.
සිල්ව ලෑ සීයව වලලලා තියෙන්නෙත් අපේ කනත්තෙමයි කියන්නෙ.

19 comments:

  1. සිල්වගේ කතාව නම් එල.

    ReplyDelete
  2. අඩේ අප්පා...
    උඹනං කොහොමත් ඇම්ඩ කියල දැනගෙන හිටියා..
    ඒත් මං හිතුවේ ඉස්කෝලේ යන කාලෙවත් ටිකක් පිළිවෙලකට ඉන්ඩ ඇති කියලා. කොහෙද ..
    අර කිව්වත් වගේ සිල්ව අංකල්ට "තොගෙ තාත්තා යකෝ" කියලා කිව්වාම මරු පේන්ඩ ඇති බං..
    එළ කතාව..


    -ජය

    ReplyDelete
  3. ආහ්... මේ කියලා තියෙන්නේ කතා, ඇෂ්ටි හැලෙන්නම.. අර හිම උඩ නිදා ගත්තු කතාවකුත් තියෙනවා නේද? ඒක ඊලඟ සැරේ කියමු මස්සිනා..

    ReplyDelete
  4. දවසක් මරණ ගෙයක තනි රකින්න ගියාම කොඩි ගහන්න ලී කපන්න යන්න කතා කරපි. ඉතින් නිකන් කෝපි බිබී ඉඳලා හරි යන්නෙ නැති නිසා මමත් ගියා. ඉතින් දෙවියනේ ඔය වෙලාවට මහන්සියට කුරුම්බා තිබ්බ නම් පංකාදු පහයි නොවැ. ඉතින් කට්ටියම වත්තකට ඇල්ලුවා කියමුකො. ඒ වත්තේ තිබ්බේ අලුත් ප්‍රභේදයක කොට පොල් ගස්.(පොල් පර්යේෂණාගාරය කිට්ටුව ඉතින් ඕවා සාමාන්‍යයයිනේ ) අනේ සෙට් එකේ උන්නා ඔය වගේ ගමන් යන්නෙ නැති හරිම අහිංසක බුවෙක්. ඔන්න ඉතින් එකෙක් නැගලා කියපි "අඩෝ මේවා කුරුම්බද මන්දා පේන්නේ නෑනේ" කියලා. අර අහිංසකයා අතේ තමා ටෝච් එක තිබුනේ. මේ යකා ගැහුවෙ නැතෑ ඒක ගහ උඩ ඉන්න එකාට කුරුම්බා තෝරන්න. ගහ උඩ හිටපු එකා පැන්නා පැන්නමයි ඌ පණ කඩාගෙන දුවන්න ගත්තා. :P ඔන්න ලී කැපීමේ කතා වස්තුව.

    @ යෝගි,
    මමත් හිතුවෙ එහෙම තමා බන් බලන් ගියාම මූ පොඩි කාලෙත් අද වගේමනේ ඉඳලා තියෙන්නෙ.

    @ පිස්සා,
    ඔන්න මම නම් දන්නෙ නෑ ඒ කතාව :P

    ReplyDelete
  5. අඩේ තාමත් මට හිනා යනවා බන්...

    ඔය වගේ කතා නම් ගොඩාරියයි....
    ඇන්තෝ,පස්සේ සෙට් වෙලා ඒවා කියමුකෝ අපි...

    ReplyDelete
  6. සිල්වා කතන්දරේට නං හිනා කාලා පණ යනවා. :D

    ReplyDelete
  7. එළ කතාව.. :D

    ReplyDelete
  8. හුහ්, මම ඒ දිව්වෙ බයට නොවෙයි බොල. මට එකපාරට පොඩි බඩේ අජීර්ණයක් ඇල්ලුවා නෙව, එකයි. අනික් මම නොදන්නවැයි, ඔහොම අලුගුත්තෙරු වැඩක් කෙරුවොත් තොපිම තමයි කියලා. අර හාවා වගේ දෙපැත්ත බැලුවෙ නං, දුවන්න පාර සුද්ධයිද බලන්නයි.

    -සිල්වා අංකල්-

    ReplyDelete
  9. බඩුම තමයි .......

    ReplyDelete
  10. ම,
    :D

    යෝගි,
    මේ.. මම අහිංසකයි. අභූත චෝදනා කරන්න එපා..

    පිස්සා,
    ඔය ඉරිසියාකාරයො පතුරවන කටකතා බං

    රොයිලි,
    ඕකනෙ ඉතිං උදව් ගන්න දන්නැති මිනිස්සු බයඋනා කියලා පිවිතුරු ච චේතනාවෙන් ටෝච් එක ගහපු එකා පලි යෑ.

    චමිදේවා,
    එල එල, සෙට්වෙම ඉස්කයිප්පුවෙන් ;)

    ශාකුන්තල,
    අංකලා හෙන වසයිත් එක්ක

    Siribiris,
    අංකල් ගේ පැත්තට නෙමේනෙ දිව්වෙ, ස්ටේශන් එක පැත්තටනෙ :P

    මාතලන්,
    :D

    ReplyDelete
  11. ROFL. සිල්වා. තාත්තා සිල්වා සහ සීයා සිල්වා.. :D

    ReplyDelete
  12. මැක්සා... හෙහ් හෙහ් හෙහ්....

    ReplyDelete
  13. මරේ මරු ෴෴
    හිනාවේ පණ නැහැ ෴

    ReplyDelete
  14. "තොගෙ තාත්තා #කෝ" පට්ටම සීන් එක!
    හිනා වෙලා පණ යනවා!!

    ReplyDelete
  15. sameerausa,
    :D

    ගයන්ත,
    හැබැට එතකොට මගෙ පොඩි එකත් ඇන්ටා වෙනවා නේ ;)

    තිස්ස,
    ආහ්.. තිස්ස අයියත් මේ පැත්තෙ ඇවිත් නෙ. තැංකූ කිව්ව

    wath,
    :D

    nadeesthoughts,
    ඒ අකුර බලධාරියා විසින් කපාදැම්මා නෙ

    ReplyDelete
  16. හෙහ් හෙහ් හෙහ්...අනෙ අම්මෙ මගෙ බඩ රිදෙනවා *beep*කෝ :P :D

    ReplyDelete
  17. එළ කතාව. තව දෙන්න

    ReplyDelete