networking සම්බන්ධව වැඩ කරන අයට නම් ඉතින් ඉස්කුරුප්පු ණියන තරම් හුරුපුරුදු ටූල් එකක්නෙ මේ nmap කියන්නෙ. හා හා පුරා කියලා screen-cast එකක් කලා nmap මූලිකව පාවිච්චිකරනහැටි විස්තර කරලා. වැඩේ පටන්ගත්තෙ නම් සිංගලෙන් කොටනව වගේද රෙකෝඩ් කරගෙන යන එක කියලා. හපොයි ඒක ලියනවට වඩා කරදරයි නොවැ. ඔන්න ඉතිං දහ දොලොස් පාරක් වැඩේ re-startකර කර ඉදලා යංතං ඉවරකලා. ඔය 'පිලිං චූටිං' කිරිල්ල කොච්චර අමාරු ඇද්ද හැබෑට කියල අදයි තේරුනේ. වැඩකට ඇති දෙයක්ද කියලා බලන්නකො.
තවත් දෙයක්, මේ දේවල් පුහුනුනීම් කරන්න රාජකාරී ආයතනයේ network එක පාවිච්චි කරන්න එපා. vmware player, හරි virtualbox හරි වගේ virtualization tool එකක් පාවිච්චි කරන්න.
අනලනම් ඇති අම්බානට. වැරදි එහෙම තිබ්බොත් කියන්න.
ela ela ..
ReplyDeletewade sahenna watinawa
මේක මරු item එකක් නේ.. තැංකූ වේවා..
ReplyDeleteScreen Cast වැඩේ උපරිමයි.. :)
මැට්රික්ස් රීලෝඩඩ්.... මතකද මුළු ටවුන් එකේම විදුලිය ඇණහිටවන සීන් එක?
ReplyDeleteඑළම එළ වැඩක්. හැබැයි අර ලියන කොට පාවිච්චි කරන භාෂාව කථා කරන කොටත් පාවිච්චි කරානම් තවත් එළ
ReplyDeleteඑළ..
ReplyDeleteසෑහෙන්න කට්ටක් කාලා කොරලා තියෙනවා. ඇහැකිනම් වීඩියෝව කොහෙ හරි අප්ලෝඩ් කරන්න.
ඉතුරු ටික ලියුමකින් කියන්නම්.
ජය වේවා...
හොඳ වැඩක්. Open Source security tools ලෝකයේ සිනමා තාරකාව තමයි Nmap. :) දිගටම කරගෙන යං. ඉස්සරහට NSE එහෙමත් අමතක කරන්න එපා.
ReplyDeleteඋඹ නං මාර පොරක්නේ බං.. තව ටික දවසකිං රඟපාන්ඩ එහෙමත් යයිද මංදා..
ReplyDeleteඋඹේ ලිවිල්ල වගේම තමා කියවිල්ලත්.වැඩේ නං සිරාවටම තියෙනවා , දන්න නොදන්න ඕන කෙනෙකුට වදින විදියට.ගොඩක් මහන්සි වෙලා වුනත් හොඳ product එකක් නේ.මහන්සිය අපතේ ගිහිං නෑ..
ඉදිරියටත් බොලොග් ලියනවට වඩා මෙහෙම කියනවනං හොඳා වගේ..
-ජය
ඒ පට්ට බන්ස්. නියමයි. මමනම් කියන්නේ ලිඛිත භාෂාවෙන් කරනවට වඩා මෙහෙම සරලව කරන එක සොදයි
ReplyDeleteනියමයි! දිගටම කරන්න.
ReplyDeleteඋන්ගේ හිතුමනාපෙට ප්රතිපත්ති වෙනස් කරන ඩයලොග් ටැලිකොං පී ඇල් සී කස්ටියට රුපියල් 11000 ටත් වඩා වැඩි තඩි පොලු රාජයෙක් තියලා මම SLT ADSL වලට මාරු වුණා. යන එන මගට එයාර්ටෙල්. ඉතිං ස්ට්රීමිං වලිං තොරව සතියක දෙකක විතර ගන්ධබ්බ කාලෙකුත් තිබුණ කියමුකෝ... ඔන්න දැං තමයි වීඩියෝ එක බලන්නේ සහ බාන්නේ.
ReplyDeleteහොඳට කරල තියෙනවා. හැබැයි සද්දේ නම් මදි. මම ලැප්ටොප් එකේ 150% වෙනකම් සද්දේ වැඩි කරගෙන ඉන්නෙ. ඒත් ඇහෙනව අඩුයි. :(
එල එල අයියා , දිගටම මෙහෙම කරනවා නම් මල් 7යි !!! මමත් screen record කරන කොට මාර කටු කනවා , මොනා කරන්නද ..... ; හොද දෙයක් ලබන්න ටිකක් කට්ට කන්න වෙනවා තමා!!!!
ReplyDeleteඇත්තටම සිරා මම මේක අද බැලුවේ ඒත් කමෙන්ට් එකක් නොදා යන එක අසාධාරණයි ඒ හින්ද ඔන්න මාත් කමෙන්ට් එකක් දැම්මා
ReplyDeleteNice work man
ReplyDelete