Wednesday 5 August 2009

මයෙ මැණික් කැටේ..

අපෝ ආයෙත් කතන්දරයක් කියන්න ද ලෑස්ති වෙන්නෙ? අනේ නෑ. ආ.. මුලින්ම පොඬි ඕපදූපයක් තියනවා කියන්න. änthräX ව මූණුපොතෙන් එලෙව්වනේ. fake names වලින් accounts තියාගන්න බෑලු. multiple accounts තියාගන්නත් බෑලු. එ ඔක්කොම විස්තරේ terms and conditionsවල තියනවලු. විහිලුවට වගේ අහන්නෙ. facebook account එක හදාගනිද්දි ඔයාලා කවුරු හරි ඔය t&c හෑල්ල කියෙව්වද හැබෑටම? ලොකූයි කියන්න තරම් අවුලක් නෑ. මොකද යාලුවො කියලා හිටියෙත් දෙන්නයි. හිකස්..

කලුවරට බැන බැන ඉන්නව විතරයි බලුප් එකක් වත් දානනෙ නෑ කියල පැමිනිල්ලකුත් තිබ්බනෙ. ඉතින් änthräX කල්පනා කෙරුවා පොඬි L.E.D එකක් දාන්න. එකම කතන්දරේ වෙන වෙන අයගෙන් අහගන්න ඕනෙ නෑ නෙ? වෙන අය ලියලා තියන එවා ආයෙ ආයෙ ලියන්නෙ නැතුව මුලින්ම ඔයාලගෙන් අහලා බලන්න හිතුවා. änthräXත් ලාවට වගේ ඔය programming languages දෙකතුනක් කටේ තොලේ ගාලා තියනවා. ඉතින් පොඬි getting started පාරක් ලියන්නයි කල්පනාව. Javaගැන දෙතුන්පොලකම දෑක්කා. කල්පනා කලේ Ruby වලට පොඬි beginners guide එකක් දෙන්න. වෙන කවුරු හරි "මයෙ මැණික් කැටේ"(Ruby)ගැන ගැන ලියලා තියනවද? පන දාගෙන කෝ කෝ කිය කිය type කරන එකේ වැඬක් තියෙන්න එපැයි. ඔයාලා මොකද හිතන්නෙ කියලා කියනවද?

16 comments:

  1. මමත් ඔය මූනු පොතේ ඉන්න වෙලාව ටිකක් අඩු කරල හිතුව .නෙට් ගැන පොඩ්ඩක් ලියන්න කියල. අපේ තාක්ෂණික පුවරුවෙ තියෙන්නෙ එව්ව තමයි.

    ReplyDelete
  2. ඒක කරන්න පුළුවන් නම් ලොකුම ලොකු උදව්වක්. ඇන්ත්‍රැක්ස් අයියට ජය වේවා!

    ReplyDelete
  3. එලකිරි වැඩක්නේ අයියා.. නියමෙට දෙන්න...

    ReplyDelete
  4. එළ එළ...

    අපිත් ඉන්නවා පංතියෙ එහෙනම්.. :)

    ජය-ශ්‍රී..!!

    ReplyDelete
  5. නියමයි! මාත් මේ මැණික් කැටේට අත තියන්න හිත හිත හිටියෙ.

    ReplyDelete
  6. එලනේ ...වැඩේ පටන් ගමු එහෙනම්..

    ReplyDelete
  7. Ruby කියන්නෙ ඉතින් මගෙත් කැමතිම බාසාවනෙ. ඒ නිසා ඔය කරන්න හිතන් ඉන්න වැඩේට මම එක පයින් support.

    මම දන්න තරමින් කවුරුත් හරිහැටි සිංහලෙන් Ruby ගැන ලියල නෑ.

    ගිය අවුරුද්දෙ Ruby Advent බලොග් එක කලේ ලංකාවෙ කෙනෙක්: ලක්ෂාන්. ඔහු diGIT සඟරාවට ලියපු beginning Ruby ලිපි කීපයක් හබ් එකේ (GitHub) දාල තියනවා. මීට අමතරව මොහොමඩ් අස්ලම් Ruby on Rails ස්ථාපනය කරන ආකාරය ගැන screencast කීපයක් කරල තියනවා. මමත් හිතුනම Ruby ගැන බලොග් එකේ ලියනවා. Twitter එකෙත් ඉන්නවා Ruby පාවිච්චි කරන ලංකාවෙ කීපදෙනෙක්. හැබැයි අපේ කවුරුත් තාම හොඳ getting started guide එකක් ලියල නෑ.

    කොහොම වුනත් ලියන්න. ජය වේවා!

    ReplyDelete
  8. එළ අයියේ එළ....
    පිං අයිතිවේවා...!!!

    ReplyDelete
  9. එළ එළ
    Python ගැන එහෙම දන්නේ නැද්ද?

    ReplyDelete
  10. FB තියා මොකේවත් මම T & C තාම කියවලා නැහැ
    මගෙත් තියෙනවා Accounts දෙකක් එකක් (මගේ මරණය)කියලා තියෙන්නේ උන්ට සිංහල බැරි නිස්ස තව ටික කාලයක් ඉන්න පුළුවන් වෙයි නේ
    :-D

    ReplyDelete
  11. තැන් දෙක තුනකම මේ Ruby කියන නම දැක්කා. සිරාවට මොකක්ද මේ ? ලියන්න ලියන්න.

    හැබැයි පොඩි අදහසක් තියනවා. මේක ලිපි එක දෙකකින ්නවත්තන්නෙ නැතිව දිගටම ලියන්න අදහසක් තියනවා නං, පෞද්ගලික බ්ලොගයේ ලියන්නෙ නැතිව වෙන එකක ලියන්න ("බයිස්කෝප් සිංහලෙන්" එක වගේ.).

    ReplyDelete
  12. අපි වගේ පරිඝනක හාඩ්වෙයාර් ගැන වැඩිපුර දැනීමක් නැති අය ගැන හිතල . . . වෙනස් විදිහේ දේවලුත් ලියන්න . . . අර කලින් ලිව්ව පිස්සු ඒවා වගේ . . . !

    ReplyDelete
  13. Gayan, ශාකුන්තල, chamara, ගයන්ත, තමීර, panhida, හසී,
    ඉස්තූතී ප්‍රතිචාර දක්වලා දීපු සහයෝගෙට. ඉක්මනට පලවෙනි කොටස ලියන්නම්. දන්නවනෙ ඉතින් මගෙ සිංහල type කිරිල්ල කෝ කෝ නෙ.

    Gaveen,
    ගින්දර. install කරන හැටි ලියන්න වදවෙන්න ඕනෙ නැ. මොහොමඬ් අස්ලම් ගෙ post එකට link එකක් දානවා.

    ම,
    ලාවට තමයි ඉතින්..

    Supun,
    cross platform programming වලට තියන ඉටිකිරිස් භානඬයක්. java, PHP වලට එහෙම හුරු කට්ටියට ලේසියන්ම දුම්මල වරම ගන්න පුලුවන් language එකක්.

    දුකා,
    තැන්කූ මචෝ. මගෙ blog එක ඉතින් මම වගේම තමා. නැති දේකුත් නෑ ඇති දේකුත් නෑ. ;)

    ReplyDelete
  14. එල කිරි !

    ReplyDelete
  15. @änthräX:
    හම්.. මට PHP නං පොඩ්ඩක් පුළුවන්. එහෙනං වැඩේ පටං ගන්න ලේසි වෙයි වගේ.

    ReplyDelete
  16. Hеllo to all, sincе I am genuinely keen of readіng this
    blog's post to be updated regularly. It consists of fastidious stuff.

    Here is my website letuslearn.in

    ReplyDelete