"අද අපි කතා කරන්න යන්නෙ පරිගණක මෙහෙයුම් පද්ධති ගැන. පෟද්ගලික පරිගණක වලට බහුලවම භාවිතා කෙරෙන වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන හැටි තමයි අපි ඉගනගන්න යන්නෙ"
"සෑර්, මා ළග ගෙදර 98 නෙ තියෙන්නෙ"
"අනිත් දවසෙ එනකොට blank cd එකක් ගේන්නකො, මම හොද කොපියක් දෙන්නං"
කියනවා වගේම සෑර් දෙන්නේ "හොදම කොපියකි". මලයාසියාව, වීනය පැත්තේ දහස් දනනින් කොපි කල කොපියකින් පලු යන්නට සෑරුත් කොපි ගසා දෙයි. course description එකේ තියෙන්නේ Windows, MS Office, Visual Basic කියාය. ඉතිං ඉගැන්විය යුත්තේ ඒවාය. බොහොම අමාරුවෙන් පංති ගාස්තුව ගෙවන්න සල්ලි එකතුකර දෙන ළමයාගේ ගෙදර තියන පරිගණකයට දමන්නට ඕවා නියම මිල ගනන් ගෙවා මිලදීගත නොහැක. නමුත් පංතියේ දී??? පරිගණක ඩිප්ලෝමාවක ඉලක්කය නම් පරිගණකයක් යන්න පිලිබද දල අදහසක් ඇතිකරගෙන ඒය ඒදිනදා උවමනා ඒපාකම් සදහා පාවිච්චියට ගන්නා සැටි උගැන්වීමය. ඒතන වෙන්නේ පලමු මාසය පමන සෑර්ටත් හරිගැඩි වැටහමක් නැති ලමයින්ට නිදිමත හැදෙන තියරියක් ගැන කියවා පරිගණකයේ "කෑලි නම් කරන්නට" කියාදීමට සමගාමීව යලිත් වතාවක් ළමයින්ට නින්ද යනකන් "පරිගණකයේ වංශකතාව" කියාදුන් පසුව මෙහෙයුම් පද්ධතියේ සැරිසරන හැටි, folder එකක් හදාගන්න, තමන් හදන ලියවිල්ලක් ඒතන සුරකින්න, නැවත විවෘත කරන්න උගන්වා ලියුමක් ටයිප් කරන්න බෝල්ඩ් කරන්න, ඉටැලික් කරන්න align කරන්න්න කියාදී "word" කොටස ඉවරකල පසු Excel චලින් formula එකකින් එකතු කරන්න, table එකක් හදන්න, ඒකෙන් chart එකක් හදන්න කියාදීමෙන් Excel කෙරුවාව ඉවර වේ. ඉන්පසු එන්නේ presentation කෙරුවාවයි. slide එකෙන් එකට පියාබන්න properties හදා දී F5 ඔබා හෝ side show->view show කර ඒ කතංදරයද ඉවර වේ.
පාථමාලාවේ මුල සිටම ළමයින්ව බයකල හෙනම අමාරු programming එන්නේ ඊළගටය. VB6 භාවිතා කර "කාලකන්නි" විදියට code කිරීමට දල අදහසක් ලබා දුන් පසුව,HTML චුට්ටක් සමග Java වලිං හලෝ කියන්නට කියාදෙයි. මසකට කලිං programming කියා VB තොලකට ගෑ ළමයි ටික, එකෙක් නෑර "හප්පේ java අමාරුයි" කියයි. 80%කට වඩා සෑර්ලාද හරකා සේ ඔලුව වනා "java නං අමාරුයි තමයි" කියයි.
internet & e-mail කියා hotmail හෝ yahoo පාවිච්චි කරන්න කියාදීමෙන් "ඩිප්ලෝමා කෙරුවාව" අවසාන වේ.
ඩිප්ලොමාවට MS Office උගෙන්වීමට හේතුව Microsoft Office Specialist විභාගය සදහා පෙර සූදානම් කිරීමක් ලෙසත්, VB6 උගැන්වීමට හේතුව Microsoft Certified Solution Developer වෙත පුහුනු කිරීමක් ලෙසත් (VB6 සදහා තිබූ exam එක expire වී හත් අවුරුද්දක් ගෙවී ඇතත්) සාධාරණීකරනය කෙරේ. මම දන්නා තරමින් ඩිප්ලොමාවට සහභාගී වන ලමුන්ගෙන් 1%ක් වත් ඔය දෙක සදහා මුහුන නොදෙයි. එහෙම බව දැන දැන හොරා කෑ කොපි වලිං MS දේවල් පමණක්ම උගන්වන concept එක තේරුම් ගන්නට කල්පනා කරන්නට බිව්ව තරම දන්නේ anthraxම පමණී.
ඉහත විස්තර කල Office වැඩ ටික කරගැනීම open office වැනි මෘදුකාංක කට්ටලයකින් කල නොහැකි තරම් FOSS 'බලු' නැතිබව තේරුම් ගන්නට ඔතරම් අමාරුද? උවමනාව programming concept උගන්වන එකේ කොහොමටත් උගන්නන java පොඩ්ඩක බරකර උගන්වා VB අතඅරින්නට බැරි ඇයි? Windows promote කිරීමෙන් ඒ අයටවත් FOSS promote කිරීමෙන් අපටවත් ලැබෙන අලගෙඩියක් නැත. එසේ තිබියදී හොරාකන්නේ නැතුව නිදහස් මෘදුකාංග භාවිතා නොකිරීමට උනන්දු නොවෙනවා මදිවාට එය සාධාරණීකරනය කරන බුවාලාට IT වලින් කෙසේවෙතත් දේශපාලනයෙන් නම් සෑහෙන දුර ගමනක් යා හැකිය.
linux හා සැසදීමේදී Windows භාවිතය පහසුය. ඒ ගැන කතා කිරීමට දෙයක් නැත. පහසුව සහ ආරක්ෂාව තරාදියක තැටි දෙකට සමාන බව කවුරුත් දන්නා කතංදරයකි. "Windows වල linux එක්ක බලද්දි ආරක්ෂාව නං අඩුයි තමයි" කියා පොර ටෝක් දෙන එක අයියෙක්ට වත් "හොරාකෑ Windows කොපිය" කොතරම් අනාරක්ෂිතද කියා කිසිම හැගීමක් නැත. ඒ දුටුගැමුණු රජ සමයේ හැකර්ලා මෙන් අද ඉන්නවුන් 'හැක්' කල පලියට සද්ද බද්ද නොදමන නිසාය.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සමග තැලුනු පොඩිවුනු අපේ ළමයින්ට බහුතරයක් සල්ලිකාර යුරෝපා රටවල ලමයින්ට වඩා මොළයක් තිබෙන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එසේ තිබියදී අපේ ළමයින්ව උන්ගේ ගානට 'ගොං' සේ සලකා ගොං ලෙස උගැන්වීම නොකල යුතුය. හැමදාමත් කියන්නා සේ සල්ලි ඇති අය වියදම් කර proprietary පාවිච්චි කරනවාට විරුද්ධ නොවෙමි. කම්මැලිකම නිසා 'ශේප් එකේ හොරාකා' එය සාධාරනීකරණය කිරීමට උත්සහ දැරීම නොමනාය.
අන්තිම ඡේදය මුද්‍රණය කර කාට කාටත් තැපැල් කරන්න වටිනවා. (ඊ මේල් තියන්නෙ "මිතුරුකම" ගැන ලිපි හුවමාරු කරගන්න නොවැ). ;)
ReplyDeleteඔබේ ලිපිය පැති කීපයක් ගැනම පැන මතුකරනවා. ප්‍රධානම කාරණය තමයි හිටිවන තැන තැන මතුවන ඩිප්ලෝමා කඩ.
තාක්ෂණ අධ්‍යාපනය, විශේෂයෙන් පරිගණක අධාපනයට විධිමත් ප්රමිතිකරණයක් ඇති නොවුනොත් අමරුවෙන් හරි හම්බකරගන්න සොච්චමත් කාටහරි කෙනෙකුට දීල, කොහෙන් හරි ඩිප්ලෝමාවක් අරගෙන කාට කාටත් දත නියව නියව ඉන්න පරම්පරාවක් අපට ඉතුරුවෙයි. පහුගිය මාසය තිස්සෙ සමහර ප්‍රකට පාඨමාලා වල මහිමය මට ඇස් පනා පිට දකින්න ලැබුනා සම්මුඛ පරීක්ෂණ වගයක් පවත්වද්දී. සහතිකෙත් බලාපොරොත්තුත් අරන් ආපු සමහර අය ප්‍රායෝගික පරීක්ෂණ අවසානයේ සම්මුඛ පරීක්ෂණයටවත් නොඉඳ ආපහු හැරුනේ තමන් රැවටුනු බව කියමින්. :(
දැන්වත් මොනවාහරි නොකලොත්, අපේ රටෙත් ඉන්දියාවේ පරිගණක ඩිප්ලෝමාධරීන්ගේ වගේ තත්ත්වයක් ඇති වෙයි.
මේකනං මචෝ උඹේ කටේ (නෑ මේක ටයිප් කරපු අතේ) මසුරං දාන්න වටින ලිපියක් මටත් 100% වෙච්ච දේමයි මේ ලියලා තියෙන්නේ අම්මපා මේක මේ තියෙන්නේ රජයේ ආයතනවල (නම් කියන්න බෑ හම්මෝ) තාම උන් හිතාගෙන ඉන්නේ මේ 1998 කියලා ඒ සිලබස් තාම උගන්නනවා ඉගනගන්න අපි අමු හරක් ඇයි ඉතින් මෙව්වා තිබ්බා කියල මිසක් මෙව්වගෙන් වැඩ ගන්නවෑ දැං...
ReplyDeleteසිරාවට, ඔය MS ප්‍රමෝට් කරනවාට බිල් අයියා මුංට කීයක්වත් ගෙවන්නෙ නැති කොට, තමුන්ගෙ මහන්සියෙං බ්ල් අයියාගේ ගොඩ වැඩි කරන්නෙ නැතිව දේශිය කොස් පොළොස් වගේ "අපේ" කියල (නිකමට හරි) කියන්න පුළුවන් FOSS ප්‍රමෝට් කළා නං නරකද?? :O
ReplyDeleteඔව් අපි FOSS ප්‍රමෝට් කරමු.
ReplyDeleteමමත් FOSS
අපේ කැම්පස් එකේනම් එලිපිටම MS promote කරනව. හැබැයි ඔක්කොම කිරි කිරි අලුත්ම දේවල්. අපිට ඉතින් බිල් ගොයියා ඔරිජිනල් නිකන් දෙනවනෙ.
ReplyDeleteගිය අවුරුද්දේ අතින් කයිට් කරගෙන FOSS-Conference එකක් තිබ්බ අපි. අපි ඉතින් අපට පුලුවන් විදියට කරනව.
නියමයි. මටත් මේක සෑහෙන කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. අපේ උනුත් ඉතින් DICS කරනවා කිය කිය වලින් පස්සේ මේ හරක් පන්ති පස්සේ දුවනවා නේ. මෙහෙම Pirated copies බෙදන එකට Microsoft එකත් කැමති ඇති. මොකද ඊට පස්සේ මුන් වැඩ කරන්න ගියාම Office එකෙනුත් ඉල්ලන්නේ Windows, MS Office නේ.
ReplyDeleteඒත් තමන්ගේ ගෙදර computer එකක් තියනවා නම් හරි නැණ සල කට ගිහින් හරි, cyber cafe එකකට ගිහින් හරි මේ ටික නැතුව තනියෙන් ඉගෙන ගත්තෑකිනේ එක එකා සල්ලි පුදන්නේ නැතුව.
පොඩි අදහසක් සිංහල බ්ලොග් අවකාශයේ FOSS ලොලීන්ටත්. පුලුවන් නම් ඔය diploma course එක FOSS මෘදුකාංග පාවිච්චි කරලා උගන්නන එකක් ලියමු. ඊට පස්සේ video tutorials කරන්න පුලුවන්නම් වඩා හොඳයි.
ICTA එක හරි අධ්‍යාපන අමාත්‍යංශය හරි මැදිහත් හැමොටම ලියන්න පුළුවන් විදියේ පිළිගත් විභාගයක් හදුන්වලා දුන්නා නම් හරි. ඒක theory විතරක් නොවී ඕන මෘදුකාංගයක් භාවිතා කරලා කරන්න පුළුවන් ප්‍රායෝගික පරීක්ෂණයක් සමඟ කරනවා නම් තමා හොඳ.
ඈ බොල උඹ කියන්නේ එතකොට දහ පහලොස් දාහක් අරන් කොරන ඩිප්ලෝමාවට දන්න සේරම උගන්නන්න කියලද? එතකොට හයර් ඩිප්ලෝමා ඇඩ්වාන්ස් ඩිප්ලෝමා කියලා උගන්නන්නේ උඹේ ජාතකේ ගැනද?
ReplyDeleteඑහෙම බැහැ බන්. මේක ඇවිල්ල බිස්නස් එකක් මිසක් සමාජ සේවයක් නෙමෙයි.
ඔයාට ජාවා ඕනේ නම් එන්න අපේ ඇඩ්වාන්ස් ප්‍රොග්‍රැමින්ග් කෝස් එකට, මේක ඉන්ට්‍රඩක්ශන් එකක්. ඕනේ නම් ෆන්ඩා මැන්ටල් ප්රොග්රැමින්ග්නුත් තියෙනවා.
එතකොට වර්ඩ්. බිල් ගේට්ස් දන්නෙත් ඔච්චරයි ඔය ටික දැන ගත්තම වැඩිත් එක්ක. අනික ඔයිට වඩා මොනාද පාවිච්චි වෙන්නේ?
:-p
"බිල් ගේට්ස් දන්නෙත් ඔච්චටයි" ඒකෙ නං පොඩි අවුලක් තියෙනව. සිරා කියනවනම් බිලා පාවිච්චි කරන os එක කවුරුත් දන්නෙ නේ. පොර windows හැදුවෙ ස්ටීව් ජොබා වැඩ කරන හැටි බලං ඉදල.
Deleteadvanced diploma in basic computing
ReplyDeleteGaveen,
ReplyDeleteමිතුරුකම :P
ඔය ලංකාවෙ ලොකු ආයතනයක දෙන 'ජාත්‍යන්තරව පිලිගත් Btech' සහතිකේ ගැන UK වල Btech එක දන්නෙවත් නෑ. සහතිකේ කෙසේ වෙතත් පරිගනකය පාවිච්චි කරල වැඩක් කරන්නවත් හරියට කියාදෙනවනම් ගෙවන සල්ලියෙ නම්බුව තියලා.
සහන්,
රජයේ ආයතන වල නම් කියන්නැත්තෙ වෑන් වලට බයේ වෙන්ඩැ.
budhajeewa,
ඒහෙම බැලුනෙ නොදන්න foss වලට වඩා දන්න windows හොදාලුනෙ හොරට හරි.
චානක,
ඔය තියෙන්නෙ
තරිඳු,
කැම්පස් වලට නිකනුයි ඉගනගන්න අයට ලාබෙටයි දෙන්නෙ ඔතන ඕකට පුරුදු වෙලා එලියට ගිය ගමන් සල්ලි වලට ගන්න පෙර පුහුනුවක් විදියට නෙ ;)
~yg,
වටින අදහසක්. බලධාරීන් කොහොම උනත් හරි හමන් video tutorial ටිකක් සිංහලෙන් කලා නම් මරු.
ම,
hire Diploma නෙ හැමතැනම තියෙන්නෙ higher එකක් හොයාගන්න නැති තරම්. ඇඩ්වාන්ස් ප්‍රොග්‍රැමින්ග් කෝස් වලත් ෆන්ඩ කෙසේවෙතත් මැන්ටල් ප්‍රොග්‍රැමින් තමා උගන්නන්නෙ.
තිලිණ,
;)
අනේ බං උබටත් අර අහිංසකට ගාව ගන්නෙ නැතිව පෝස්ට එකක් ලියන්නම බෑ නේද??
ReplyDeleteබිල් මාමට කෙල වුනොත් අපිත් කොට උඩනෙ ඕයි.
හොඳ ලියමනක්. ඒත් ඉතින් අපි අපි මේව කතා කළාට ඔය පංති කරන උන්නැහේලවත් ඒවට යන අසරණ ළමයින්වත් ඕව ගැන දැන ගන්නෙ නෑ. පංති කාරයො දැන ගත්තත් ඉතිං පොකට් එකට තට්ටු වෙනවට කවුද කැමති?.
ReplyDeleteමේ පණිවුඩය බිම් මට්මට ගෙන යන්න පුළුවන් මාධ්‍ය වන විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය කරන ඒව දැක්කම පස් කන්න හිතෙන්නෙ. මතකනෙ පහු ගිය දාක මෘදුකාංගයක් ක්‍රැක් කරන්න කියල දුන්න අපූරුව ස්වාධීන රූපවාහිනියෙ?.
මම හිතන්නෙ මේව ටියුෂන් කඩ වලට වඩා පාසල් වලින් වෙන්න ඕන වැඩ කියල. ඒත් ඉතිං අධ්‍යාපනේ බල්ලත් අත ඇරල. (අධ්‍යාපනේ බල්ලට ගියේ කලකට ඉස්සර)
කොහොම වුනත් රටට යන කල බලල අඬ අඬ ඉන්නවට වඩා කොහොම කොහොම හරි, එකා දෙන්න ගානෙ හරි දැනුවත් කරන එක තමයි කරන්න ඕන.
අනේ එහෙම කියන්න එපා අයියො.. අපිත් දෙයියනේ කියලා කාලා ඇඳලා කාට හරි වලක් කපාගෙන ජීවත් වෙන්නේ බිල් මාමට පිංසිද්ද වෙන්ඩ නේ...
ReplyDeleteවිහිළුවක් කළේ මචෝ. කතන්දරේ කිව යුතු විදියට කියල තියෙනවා. අපේ තියෙන ඇඟේ අමාරුවට දහදුක් විඳලා ඉගෙන ගත්තා මිසක් java විතරක් නෙමේ බං කෝක උනත් ඔච්චර තමා.ඉගැන්නිල්ලක් නෑ..ඉගනගැනිල්ලක් තමා තියෙන්නේ.
මං නං ඉතිං බිල් මාමාගේ os එකේ තියෙන පාට පාට ලෝකෙට රැවටිලා ඉන්නේ.අනික් උන්වත් නීත්‍යානුකූල විදියට පාවිච්චි කරන්න FOSS භාවිතයට හුරු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නං. වෙන මක් කොරන්ඩද ?
- ජය
@~yg:
ReplyDelete"ICTA එක හරි අධ්‍යාපන අමාත්‍යංශය හරි මැදිහත් හැමොටම ලියන්න පුළුවන් විදියේ පිළිගත් විභාගයක් හදුන්වලා දුන්නා නම් හරි"
හික් හික් නැගිටපන් නැගිටපන් හීන දැක්කා ඇති......
(ඕක කියන්න ඕන මචෝ උඹේ ළමයිට උංගෙ ළමයිට කියන්න කියලා)
Pahala words tika nam elama tama... godak thenwala karanne oka tama....
ReplyDelete"internet & e-mail කියා hotmail හෝ yahoo පාවිච්චි කරන්න කියාදීමෙන් "ඩිප්ලෝමා කෙරුවාව" අවසාන වේ."