Showing posts with label FOSS. Show all posts
Showing posts with label FOSS. Show all posts

Friday, 16 July 2010

මෘදුකාංග නිර්මාණය

මොට්ටසෝරියට යන කාලයේ a,b,c කියවන විට තිබුන ලොකුම බලාපොරොත්තුව නම් මොන ගේමක් දී හෝ z වෙනකම් කියවා ගැනීමටය. හැකි ඉක්මනින් ඔය 'ඉංගිරිසි ටික' ඉගගෙන සුද්දා වාගේ ඉන්නටය. දනි පනි ගා z වෙනකම් කියවූ විට 'ඉස්පෙලිං' කියා ජාතියක් ඉගනගතයුතු යැයි කියැවෙයි. ඉස්පෙලිං කෙලිය බාගෙට යනවිට grammar, idioms, cockney rhyming slang ආදී මේකී නොකී කතංදර අම්බානක් ගැන අහන්න දකින්න සිදුවෙයි. කාලයත් සමග ඔය කතංදර සියල්ල ගැන ටික ටික ඉගනගත් පසු 'සුද්දා සේ ඉංගිරිසි දැනගන්නට' නම් අහවල් අහවල් විභාග කලයුතු බව කටකතාව ඇසෙන්නට වෙයි. කතාවේ හොදම හරිය පටං ගන්නෙ සුද්දා සමග කඩු හරඹ පටන් ගත් විටය. අපිට පස්සා පැත්ත උන්ගෙන් එකෙක්ට 'ආස්' වනවිට තවෙකෙක්ට 'ඈස්' ය. එලකියුෂන් කියා දාස් ගනන් දී කටවල් උල් කරනහැටි පුරුදු වෙන්නට පංති ගියවුන් පවා කියන දේ තේරුම් ගන්නේ හත් අට සැරයක් 'ඈහ්' හෝ 'beg your pardon' කියාය.

කම්පීතර කෙරුවාවෙත් මේ හා සමානය. මුලින්ම උවමනා හසුරවන හැටි ඉගන ගන්ටය.ඊට පසු office පාවිච්චි කරන්ටය. ඊටත් පසු graphic design හෝ programming ය. ඔය ආදි වශයෙන් ඉගනගැනීමට කෙරවලක් නැති බව අපි කව්රුත් වටහාගත යුතුය. විශය කුමක් වුවත් අපි කොපමන නොදන්නවාද යන්න දෙනෙන්නේ එය ඉගෙනගන්නා තරමටය. වැරදි තැන්වලට යාම නිසා හෝ වැරදි කටකතා සිරාවට ගැනීම නිසා වැරදි මග යන්නන් බොහෝය.

අනිත් විශයන් කෙසේ වෙතත් IT සම්බන්ධව ප්‍රශ්ණයක් වෙතොත් එකම දේ අඩුම තරමේ තුන් හතර දෙනෙකුගෙන් වත් ඇසීම නුවනට හුරුය. හේතුව නම් මෙසේය. අප හුග දෙනෙක් මේ IT කෙරුවාව ඉගනගන්නේ අතපත ගෑමෙනි. ටියරිය සමග පැට්ටිකල් වලට අස්ප ගනං ගෙවන්නට ගෙවල් වලට කරදර කිරීම කල නොහැක්කකි. (මමද ඔය කී ගනයට අයත් එකෙක් මි). නමුත් ඔතන ඇති අලය නම් කෙසේ හෝ අටවා වැඩේ ගොඩදාගත් පසු (OS එකක් ස්ථාපණය කිරීමක් ගැන හිතන්න) ඒ විෂය සම්බන්ධයෙන් මහාවාර්ය හැගීම් පහල වන්නට පටන් ගැනීමය. ඉන් පසු හිතට එන එන පට්ටපල් කෙබර, තියරි ලෙස අනුන්ට කියාදෙන්නට පටන්ගැනීමය. ඒවා අසා වාදාරණ අහිසකයන්ට ඉතින් තුණුරුවන්ගේම සරණය. තටම තටමා හෙන අමාරුවෙන් යමක් ගොඩදාගත් පසු ඇතිවන සතුට නොදන්නෙක් සෙවීම අපහසුය. නමුත් වැඩේට පෙර user manual හෝ documentation හෝ README කියා දී ඇති අකුරු කන්දරාව කියවූයේ නම් වැඩේ සෑහෙන ලේසියෙන් ගොඩදැමියහැකි බව දැන දැන තමන්ට ඕනෑ විදියට වැඩ කරන්නට මිනිස්සුන්ට හිතෙන එක මහා අරුමයකි.

පහුගිය දිනවල දිගට දිගටම ඇසුනු ඔය ජාතියේ ලොකුම විහිලුව VB ය. හරියටම විස්තර සහිතව කිවහොත් vb6 ය. Mycrapsoft සමාගමෙන් අනාගත developer පරම්පරාව කාලකන්නින් කිරීමේ පරම පිවිතුරු වේතනාවෙන් දුටුගැමුනු රජ සමයේ හදුන්වාදුන් මේ පරිගණක භාෂාව ඉගනගන්න තටමන අලුත් බයියන් (newbie ලා) ට කතාව පැහැදිලිකරන්නට පටන්ගන්නා සංවාද හැමෙකක්ම ඉවරවන්නේ ඇන්ටාට යකා යන්නට මල පැනීමෙනි. vb6 outdated කියා කියාදෙන්නට තැනූ කල එකෙක් මට දුන් උත්තරය 'ඉතිං C පටට පරණයි නෙ' යන්නය. ඇති අයෙක් වෙතොත් VB6 ඉගෙනගෙන දියුනුකරගත් skill set එක ගැන පහදාදෙන්නේ නම් අතිශය ඉස්තූතිවන්න වෙමි. vb වලින් programming ඉගෙනගෙන හරිහමන් මෘදුකාංග සංවර්ධන රැකියාවකට ගොස්, ගලේ පැහැරූ බළලාට වූ හරිය සිදුනොවූ අයෙක් වෙතොත් ඌ හෝ ඈ ට දන ප්‍රසිද්ධියේ දන නමා වදින්නට ඇනටා සූදානම්ය. සංවර්ධන කටයුතු වලට vb6 ගෑවුනු අපි කවුරුත් දන්නා මෙහෙයුම් පද්ධතියේ features මේ ආකාර බව දැක නැත්තෙකු වෙතොත් අරුමයකි.



ඉරිදා දහම්පාසල් ගොස් ප්‍රශ්ණයකට පිලියම් කල යුත්තේ එහි මතුපිටට නොව හරයට යැයි පටිච්ච සමුප්පාදය ඉගෙනගගන්නා ඈයන් හෙනහුරාදා කංපීතර පන්තියට ගොස් inventory එකක් හදන්න පටන්ගන්නේ user interface design කිරීමෙනි. හරය ක්‍රියාකලයුතු ආකාරය ගැන අලගෙඩියක් නොදැන, පරිශීලකයා මෙහෙම මෙහෙම කලාම මෙහෙම වෙන්ට ඕනෑ යයි සිතන්න පුරුදු කිරීම අනාගතයට හැබෑ දක්ෂයන් හුරුකල හැකි හොදම මගය. error handling කියා කියාදෙන්නේ පිටුවේ උඩටම 'on error resume next' කියන්නටය. හිංගලෙන් කීවොත් 'අවුලක් උනොත් ගනං ගන්නැතුව දිගටම යන්න' කියාය. උදාහරණයක් ලෙස පුටාර් එකක් පැදියහැකි රොබෝ කටුවක් සදහා vb6 වලිං ලියන කේතයක් ගැන හිතමු. කේතය ලිවිය යුත්තේ රොබෝ බුවාට වම, දකුන, වම කර කර ඉන්නටය. programmer ට සිතීමට අමතක උනු මොකක් හෝ නොසිතූ විරූ නස්පැත්තියක් සිදුවුවහොත් (ඇණයක් බුරුල් වී රෝදයක් ගැලවී යාම, චේන් එක පැනීම, පාර මැද අඹ ගෙඩියක් තිබීම, පාරේ වෙනත් ඇස්සිඩොං ඒකක් සිදුවී තිබීම ආදී) කේතයේ පරිදි රොබෝ කල යුත්තේ එය පඩයකට මායිම් නොකර තමා ගේ වම, දකුන, වම instructions පිලිපැදීමය. එවන් අවස්ථාවක සිදුවන හරිය ඔබට සිතාගන්නට ඉඩහරිමි.

ශ්‍රම විභජනය යැයි එකක් ගැන දහය වසර සමාජ අධ්‍යනයට අපි අසා ඇත්තෙමු. එතනදී කියාදුන් උදාහරණය නම් ඇගලුම් කර්මාන්තයේ දී සිදුවන 'අත මහන්න පලපුරුද්ද', 'පිට මහන්න පලපුරුද්ද', 'කර මහන්න පලපුරුද්ද' ආදී වෙනස් වෙනස් කොටස් මහන්න වෙනස් වෙනස් පුද්ගලයන් පුරුදු කිරීමය. ඒ ආකාරයට අදාල කොටස වේගවත්ව සිදුකලහැකි ශ්‍රමිකයන් පිරිසක් තුලින් final product එක නිමවීමට යන කාලය අවම කරගත හැක. නමුත් ශ්‍රමිකයාගේ කෝණයෙන් බැලූ කල 'අත මහන්න' දන්නා එකා ඒ හැර වෙන අලගෙඩියක් කිරීමට කිසිදු අවබෝධයක් නැත. කර මසන ඒකාගේ කතාවද එසේමය. ඔබත් දැනටමත් වෘත්තීමය මෘදුකාංග ශිල්පියෙකු නම්, මෘදුකාංග නිර්මාණයේදීත් මේ ආකාරයට අත, කර මැස්සවීම සිදුවෙන බව මදක් සිතාබැලුවහොත් වැටහෙනු ඇති. එසේ නම් මේ කෙලිය දිගටම කලහොත් කවදා හෝ දවසක තමාගේම කියා ටේලර් සාප්පුවක් දමාගැනීම සිහිනයක් පමනක් බව විශේෂයෙන් කියාදීමේ උවමනාවක් නැත. කියවූ කෙනෙක්ට Mycrapsoft හී COM, .net හැර වෙනස් වෙනස් තාක්ෂණයන් ගැන සොයා බලා ඉගෙනගෙන 'තනියමම shirt එකක් මහන්න' ඉගනගන්න හිතක් පහලවේවා කියා පතමින් මෙසේ ලියා තබමි.

Friday, 2 July 2010

විරෝධය පලකිරීමක්

ලියන්නට හරිහමන් දෙයක් කම්පනාවට නොආ නිසා සහ බී.සී. වී සහ busy වී සිටි නිසා සෑහෙන කාලයකට ලිපියක් නොලිවීම ගැන පසුතැවෙමින් සිටියෙමි. ඒ අතර lunch hour එකේ හප හපා(දිවා ආහාරය) කොට කොටා(keyboard එකට) සිටි මට කොහේන් හෝ පාත්වුනු ලිංක් එකක කික් කර ඒ ලිපිය කියවාගෙන මග දුරක් යනවිට ඔලුවට බස බස ගා කුනුහරප ගලා එන්නට විය. ලිපිය අගටම කියවූ පසු ඇතිවූ හැකය නිසා පුංචි search පාරක් දැමූ විට මේ ලිපිය ඇස ගැටුනෙන් ඉහත කී ගලා ඒම දෙගුන තෙගුන වී වචන ලෙසද පිටවන්නට විය.

ලිපියේ අන්තර්ගතය ගැන හෝ එහි ප්‍රායෝගිකත්වය ගැන රචකයාට මී බෙට්ටක තරම් වත් අවබෝධයක් නැත. එය තනිකරම ඉංගිරිසි වාක්‍යය හිංගලට පරිවර්තනය කිරීමක් පමනි. ඒ හැරුනුකොට නිසැකවම රචකයාට foss promote කරන්නට කිසිම රුදාවක් ඇත්තේද නැත. original ලිපියේ පවා පියවර දක්වා ඇත්තේ මුලින් GUI එක භාවිතා කරන ආකාරය සහ පසුව command line එක භාවිතා කරන ආකාරය ය. එසේ තිබියදී තමන්ගේ ලිපියේ මුලට command line instructions දී ඇත්තේ, "linux අමාරුයි, පාවිච්චි කරන්න එපා" කියන්නා සේ ය. screenshots පවා original ලිපියෙන් කිසිම හිරිකිතක් නැතිව ගෙඩිය පිටින් කොපි කරගෙන තමන්ගේ පෝස්ට් එකට ඔබ්බවාගෙන original ලිපිය ගැන කිසිදු හාවක් හූවක් නැතිව ඉංගිරිසි ටික සිංහලට හරවා එය 'තමන්ගේ ලිපියක්' කරගෙන සැටි හැබෑවටම අපූරුය. අඩුම තරමේ ඉංගිරිසි ලිපියේ පියවර පිලිපදිමින් තමන්ගේ පරිගණකයෙන් screenshots ගන්නවත් බැරි ඇයිද යන පැණයට මට නම් හිතට එන්නේ එකම එක පිලිතරකි. ඒ රචකයා ubuntu හෝ වෙනත් linux බෙදාහැරීමක් පාවිච්චි කරන්නෙක් නොවේ යන්නය.

IT සිංහලෙන් කියාදෙන පරිගණක සගරාවක ලිපිවල ගුණාත්මක භාවයේ තරම ඔහොමය.

Thursday, 1 April 2010

nmap වලට සිංහලෙන් හැදින්වීමක්

networking සම්බන්ධව වැඩ කරන අයට නම් ඉතින් ඉස්කුරුප්පු ණියන තරම් හුරුපුරුදු ටූල් එකක්නෙ මේ nmap කියන්නෙ. හා හා පුරා කියලා screen-cast එකක් කලා nmap මූලිකව පාවිච්චිකරනහැටි විස්තර කරලා. වැඩේ පටන්ගත්තෙ නම් සිංගලෙන් කොටනව වගේද රෙකෝඩ් කරගෙන යන එක කියලා. හපොයි ඒක ලියනවට වඩා කරදරයි නොවැ. ඔන්න ඉතිං දහ දොලොස් පාරක් වැඩේ re-startකර කර ඉදලා යංතං ඉවරකලා. ඔය 'පිලිං චූටිං' කිරිල්ල කොච්චර අමාරු ඇද්ද හැබෑට කියල අදයි තේරුනේ. වැඩකට ඇති දෙයක්ද කියලා බලන්නකො.

තවත් දෙයක්, මේ දේවල් පුහුනුනීම් කරන්න රාජකාරී ආයතනයේ network එක පාවිච්චි කරන්න එපා. vmware player, හරි virtualbox හරි වගේ virtualization tool එකක් පාවිච්චි කරන්න.



අනලනම් ඇති අම්බානට. වැරදි එහෙම තිබ්බොත් කියන්න.

Wednesday, 10 March 2010

කංපීතර් ඩිප්පෝමා කෙරුවාව

"අද අපි කතා කරන්න යන්නෙ පරිගණක මෙහෙයුම් පද්ධති ගැන. පෟද්ගලික පරිගණක වලට බහුලවම භාවිතා කෙරෙන වින්ඩෝස් XP මෙහෙයුම් පද්ධතිය පාවිච්චි කරන හැටි තමයි අපි ඉගනගන්න යන්නෙ"
"සෑර්, මා ළග ගෙදර 98 නෙ තියෙන්නෙ"
"අනිත් දවසෙ එනකොට blank cd එකක් ගේන්නකො, මම හොද කොපියක් දෙන්නං"

කියනවා වගේම සෑර් දෙන්නේ "හොදම කොපියකි". මලයාසියාව, වීනය පැත්තේ දහස් දනනින් කොපි කල කොපියකින් පලු යන්නට සෑරුත් කොපි ගසා දෙයි. course description එකේ තියෙන්නේ Windows, MS Office, Visual Basic කියාය. ඉතිං ඉගැන්විය යුත්තේ ඒවාය. බොහොම අමාරුවෙන් පංති ගාස්තුව ගෙවන්න සල්ලි එකතුකර දෙන ළමයාගේ ගෙදර තියන පරිගණකයට දමන්නට ඕවා නියම මිල ගනන් ගෙවා මිලදීගත නොහැක. නමුත් පංතියේ දී??? පරිගණක ඩිප්ලෝමාවක ඉලක්කය නම් පරිගණකයක් යන්න පිලිබද දල අදහසක් ඇතිකරගෙන ඒය ඒදිනදා උවමනා ඒපාකම් සදහා පාවිච්චියට ගන්නා සැටි උගැන්වීමය. ඒතන වෙන්නේ පලමු මාසය පමන සෑර්ටත් හරිගැඩි වැටහමක් නැති ලමයින්ට නිදිමත හැදෙන තියරියක් ගැන කියවා පරිගණකයේ "කෑලි නම් කරන්නට" කියාදීමට සමගාමීව යලිත් වතාවක් ළමයින්ට නින්ද යනකන් "පරිගණකයේ වංශකතාව" කියාදුන් පසුව මෙහෙයුම් පද්ධතියේ සැරිසරන හැටි, folder එකක් හදාගන්න, තමන් හදන ලියවිල්ලක් ඒතන සුරකින්න, නැවත විවෘත කරන්න උගන්වා ලියුමක් ටයිප් කරන්න බෝල්ඩ් කරන්න, ඉටැලික් කරන්න align කරන්න්න කියාදී "word" කොටස ඉවරකල පසු Excel චලින් formula එකකින් එකතු කරන්න, table එකක් හදන්න, ඒකෙන් chart එකක් හදන්න කියාදීමෙන් Excel කෙරුවාව ඉවර වේ. ඉන්පසු එන්නේ presentation කෙරුවාවයි. slide එකෙන් එකට පියාබන්න properties හදා දී F5 ඔබා හෝ side show->view show කර ඒ කතංදරයද ඉවර වේ.

පාථමාලාවේ මුල සිටම ළමයින්ව බයකල හෙනම අමාරු programming එන්නේ ඊළගටය. VB6 භාවිතා කර "කාලකන්නි" විදියට code කිරීමට දල අදහසක් ලබා දුන් පසුව,HTML චුට්ටක් සමග Java වලිං හලෝ කියන්නට කියාදෙයි. මසකට කලිං programming කියා VB තොලකට ගෑ ළමයි ටික, එකෙක් නෑර "හප්පේ java අමාරුයි" කියයි. 80%කට වඩා සෑර්ලාද හරකා සේ ඔලුව වනා "java නං අමාරුයි තමයි" කියයි.

internet & e-mail කියා hotmail හෝ yahoo පාවිච්චි කරන්න කියාදීමෙන් "ඩිප්ලෝමා කෙරුවාව" අවසාන වේ.

ඩිප්ලොමාවට MS Office උගෙන්වීමට හේතුව Microsoft Office Specialist විභාගය සදහා පෙර සූදානම් කිරීමක් ලෙසත්, VB6 උගැන්වීමට හේතුව Microsoft Certified Solution Developer වෙත පුහුනු කිරීමක් ලෙසත් (VB6 සදහා තිබූ exam එක expire වී හත් අවුරුද්දක් ගෙවී ඇතත්) සාධාරණීකරනය කෙරේ. මම දන්නා තරමින් ඩිප්ලොමාවට සහභාගී වන ලමුන්ගෙන් 1%ක් වත් ඔය දෙක සදහා මුහුන නොදෙයි. එහෙම බව දැන දැන හොරා කෑ කොපි වලිං MS දේවල් පමණක්ම උගන්වන concept එක තේරුම් ගන්නට කල්පනා කරන්නට බිව්ව තරම දන්නේ anthraxම පමණී.

ඉහත විස්තර කල Office වැඩ ටික කරගැනීම open office වැනි මෘදුකාංක කට්ටලයකින් කල නොහැකි තරම් FOSS 'බලු' නැතිබව තේරුම් ගන්නට ඔතරම් අමාරුද? උවමනාව programming concept උගන්වන එකේ කොහොමටත් උගන්නන java පොඩ්ඩක බරකර උගන්වා VB අතඅරින්නට බැරි ඇයි? Windows promote කිරීමෙන් ඒ අයටවත් FOSS promote කිරීමෙන් අපටවත් ලැබෙන අලගෙඩියක් නැත. එසේ තිබියදී හොරාකන්නේ නැතුව නිදහස් මෘදුකාංග භාවිතා නොකිරීමට උනන්දු නොවෙනවා මදිවාට එය සාධාරණීකරනය කරන බුවාලාට IT වලින් කෙසේවෙතත් දේශපාලනයෙන් නම් සෑහෙන දුර ගමනක් යා හැකිය.

linux හා සැසදීමේදී Windows භාවිතය පහසුය. ඒ ගැන කතා කිරීමට දෙයක් නැත. පහසුව සහ ආරක්ෂාව තරාදියක තැටි දෙකට සමාන බව කවුරුත් දන්නා කතංදරයකි. "Windows වල linux එක්ක බලද්දි ආරක්ෂාව නං අඩුයි තමයි" කියා පොර ටෝක් දෙන එක අයියෙක්ට වත් "හොරාකෑ Windows කොපිය" කොතරම් අනාරක්ෂිතද කියා කිසිම හැගීමක් නැත. ඒ දුටුගැමුණු රජ සමයේ හැකර්ලා මෙන් අද ඉන්නවුන් 'හැක්' කල පලියට සද්ද බද්ද නොදමන නිසාය.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සමග තැලුනු පොඩිවුනු අපේ ළමයින්ට බහුතරයක් සල්ලිකාර යුරෝපා රටවල ලමයින්ට වඩා මොළයක් තිබෙන බව අමුතුවෙන් කිවයුත්තක් නොවේ. එසේ තිබියදී අපේ ළමයින්ව උන්ගේ ගානට 'ගොං' සේ සලකා ගොං ලෙස උගැන්වීම නොකල යුතුය. හැමදාමත් කියන්නා සේ සල්ලි ඇති අය වියදම් කර proprietary පාවිච්චි කරනවාට විරුද්ධ නොවෙමි. කම්මැලිකම නිසා 'ශේප් එකේ හොරාකා' එය සාධාරනීකරණය කිරීමට උත්සහ දැරීම නොමනාය.

Monday, 13 July 2009

දේශීයකරණය දේශද්‍රෝහියෙකුගේ ඈසින්...

änthräXගේ A/L පන්තියේ සිටි බුවාලා පුදුමාකාර ලෙස අවන්කය. මේ කථාවට හේතුව නම් කාගේ හෝ සුලු වරදක් නිසා පන්සිල් පෙලේ සුරාමේරය පදයට කලින් මුසාවාදා යෙදී තිබීමය. සීන් එක නම් මෙසේය. අපේ set එකේ උපදේශකයාට (පොර ගේ නම මෙතන සදහන් කිරීම නුසුදුසු යයි සිතමි) අනුව වෑරදීමකින් සිල් පදයක් බිදුනොත් නෑවත පන්සිල් සමාදන් වී එය ශේප් කරගත හෑක. එහෙත් පන්සිල් ගත් සෑනින් (ඉවර වෙන්නත් කලින්) එකක් බිදීම බරපතල පාප කර්මයකි. අනිවාර්යයෙන්ම අපායේ චාටර් කන්නට වෙන සීන් එකකි. එ අනුව මුසාවාදා කියා හුස්මක් ඈරීමටත් පෙර සුරාමේරය කියා මුසාවාදා කඩ කිරීම කිසි සේත්ම නිකල යුතු නොහොබිනා ක්‍රියාවකි. මෙ හේතුව නිසා මුල් පද හතර යටිගිරියෙන් කෑ ගසා අන්තිම පදයට "පුල් සයිලන්ස්" සිටි අපේ බුවාලා ගෑන änthräXට තිබුනේ අප්‍රමාන භක්තියකි. මක් නිසාද යත් දිනපතා එකෙක් නෑර දෙකක් දාගත් නමුත් අනිත් සිල්පද ඔක්කොම රෑක්ක බෑවිනි.

නමුත් දෑන් එය හීනවීගන යමින් පවතී. ඒ ඊට වඩා සිරාම සිරා සෙට් එකක් ගෑන භක්තිය වර්දනය වීම නිසාවෙනි. "පයිරට් කොපියන් භාවිතන් වේරමනී සික්කා පදන් සමාදියාමී" කියා එකක් දස සිල් වලත් නෑති නිසා මේ අලුත් සෙට් එක ඉන්නේ පුදුමාකාර ප්‍රීතියකිනි. මුලින් කී set එක 15කට සීමා වුනද අලුත් set එකේ ඉන්න ගනන ගෑන änthräXට අවබෝධයක් නෑත. නිසෑකවම එක 15කට නම් වෑඩිය. මෙ බුවාලාට office 2003 සිට 2007 වල ribbon interfaceඑකට පුරුදුවීම එතරම් අවුලක් නොවේ. නමුත් office 2003 සිට open office වලට හුරුවීම මහා අමාරු සෙල්ලමකි. office 2007 වල file->save as ගොස් docx වෙනුවට doc එකක් ලෙස save කිරීමට පුලුවන. නමුත් open office වල odt වෙනුවට docලෙස saveකිරීම උතුර දකුන පෑටලෙන සීන් එකකි. තමන්ගේ සිහින රෑකියාව සදහා නෑතිවම බෑරි software හොරට පාව්චි කරන්නන් ගෑන änthräXට කිසිම තරහක් නෑත. නමුත් pirated softwareවලට අපේ ආන්ඩුව ටොපිය දෙන කාලය වෑඩි ඈතක නොවන බවද මතක තබාගත යුතුය.

änthräX කලිසමේ චු කරගන්නා කාලයේ ගෙවල් ලග සිටි කෑම්පස් බුවෙක් පරිගනකයේ සින්හල අතුරුමුහුනත් භාවිතා කලා මතකය.(මුල් අවධියේ) එච්චර කාලයක් තිස්සේ මේ set එකට නිකන් දුන් linux වලට වඩා හොරෙන් ගත් windows සිරා විය.එ හොරකම් කිරීමෙන් ලෑබෙන කික් එක නිසා විය යුතුය. windowsගන්නට වියදම් කරන්නට සල්ලි ඈති අය ගෑන änthräXට කතාවක් නෑත. änthräXගේ යකාට මල පනින්නේ පොදු ජනතාව ගෝනිබිල්ලන් සන්කල්පයට බයේ linux භාවිතයෙන් ඈත්වීමය. මොකද änthräX කෑවේත් එ ටොපියම බෑවිනි. කලින් ලිපියක සදහන් කල ප්‍රසිද්ධ it institute එකට පින් සිද්ධ වෙන්නට එ කාලයේ änthräXට linuxගෑන තිබුනේ පට්ට බයකි.

බිල් කාරයා සිරාම පොරකි. එ එ බනිස් වලට ගෑලපෙන එ එ කෙසෙල්ගෙඩි දෙන්නට බුවා තරම් සූරයෙක් තවත් නෑත.(නෑත්තම් ලෝකෙ ලොකුම සල්ලිකාරයෙක් වෙයි යෑ)බුවා බනිස් නිකන් දෙනවිට කෙසල් වලට charge කරයි. කෙසෙල් නිකන් දෙනවිට බනිස් වලට charge කරයි. කොහොම කරත් නිකන් දෙන පාට් පෙන්නුවාට බුවා අබ ඈටයක් වත් නිකන් නම් දෙන්නේ නෑත. කොච්චර කීවත් änthräXගේ අලුත් set එකට ඕක මතක හිටින්නේද නෑත. (ඒ ඈයෝ චන්දය දෙන විට කරන්නේද ඔය කෙලියමය). බිල් බුවාගේ ඉගෑන්වීම් වලට අනුව "නාගීනා"ට ඩ්‍රම් සෙට් ගසා හරියන්නේ නෑත, මයිකල් ජෑක්සන්ට නලා පිඹ හරියන්නේද නෑත. ඔය සීන් එක änthräX කියන බූරුවාට තේරෙන්නේද නෑත. එකා කොනකට වී වෙලාවකට ඩ්‍රම් සෙට් ගසයි, තවත් වෙලාවකට නලා පිඹී. පොරගේ කරුමක්කාර කමේ මහත කියනවා නම් ඌ ඩ්‍රම් ගසද්දී එතනින් යන්නේ නාගීනාලා ය. නලා පිඹිද්දී ජෑක්සන්ලා ය. කොහොම කලත් පොර ඉන්නේ "lose lose situation"එකකය. මෙ අතරතුර නාගීනලා මෙන්ම මයිකල්ලා ද බිල්ගේ ඈමවල් බොක්කටම ගිලිති. එ කොක්කේ ගෑසූ පනුවාගේ චොකලට් දවටා ඈති නිසාද නෑත්නම් änthräXඑක්ක ඈති තරහ+බිල්ට ඈති ආදරය නිසාද යනවග änthräXට කකුලේ නියපොතු හප හපා කල්පනා කලත් මෙ වනතුරු තේරුමක් නම් නෑත.

änthräXගේ අදහස නම් ශාකුන්තල, ඩනිෂ්ක, රනා, ප්‍රවීන් වෑනි තමන්ගේ පාඩුවේ තමන්ගේ වෑඩක් පලක් කරගෙන ඉන්නේ නෑතිව FOSS ගෑන දේශනා පවත්වමින් ඈවිදින කුරුස යුද්ධකාරයන්ට සරොන් අන්දවා, ලිප්ටන් වටරවුමේ ඔලුවෙන් සිටවා මඩුවලිගයෙන් පහරදියයුතු බවයි. ඒත් මදිනම් ජීවිතකාලයටම පරිහනකයකට අඩි දෙකකට වඩා ලන්වීම හෝ වෙන අයෙක් පරිගනකයක් භාවිතා කරන තෑනක සිටීමද තහනම් කල යුතුය. එතකොට නම් කට්ටියටම අර ප්‍රසිද්ධ ඉන්ග්‍රිසි පොතක ඈති කවියක විස්තර කෙරෙන ආකාරයට වතුර නටනකන් කරදරයක් නෑතිව බිල්ගේ හෑලියේ බල්ටි ගහන්නට පුලුවන් වෙනු ඈත. (හරි ෂෝක් pool එක නේද මචන්. හෑඩේ තමයි පොඩ්ඩක් වෙනස්. අවුලක් නෑ, පස්සෙ හරියයි.) මේ ගොන් අලින්ට (වෑරදුනා, කකුලුවන්ට) නොතේරෙන කාරනාව නම් පස්සේ වෙනස් වෙන්නේ මුට්ටියේ හෑඩය නොව උන්ගේ හෑඩය යන වගය.

කොහෙදෝ තිබී කඩා පාත්වූ කිචියක් නිසා මාසයක හමාරක සිටන් මෙහෙයුම් පද්දතිය සින්හලෙන් දාගන, firefox සින්හල එක දාගන බෑරි බෑරි ගාතේ යුනිකෝඩ් එසෑනින් පරිවර්තකයෙන් කොටන änthräXව දෑන් යාලුවන්ට දේශ ද්‍රෝහියෙකි. මේ ලිපියෙන් පසු සන්සදයෙ බාගයක් විතරත් තරහා වෙනවාද සුවර් ය. අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නෑති වූ පලවෙනි වතාව මේක නෙමේය. කොටින්ම කිව්වොත් "ඕවා නෝමල්"ය. änthräX ට අම්මා කියාදී ඈති ආකාරයට හෑමෝවම සතුටු කල නොහෑක. කල යුත්තේ හිතට එකගව හරි දේ කර, කල දේ ගෑන තමා සතුටු වීමය. එක නිසා කියන්නට ඈති දේ බොක්කේ ඉදලාම මෙසේ එලියට දමමි...

Monday, 22 June 2009

software හොරකම අඞු කරමු (තුන්වෙනි කොටස)

anthrax ට අර කලින් ලිපියක කියපු ප්‍රසිද්ද IT institute එකේ ඉන්න කාලේ යාලුවෙක් හිටිය. ඔන්න එ කාලේ java ගෑන හෑමෝම හරි උනන්දු කාලේ. anthrax ටත් හරි කිචිය java ටිකක් ඉගනගන්න.(හරියට) වෑඩේට set වෙයි කියලා පොඩි potential එකක් හරි තිබ්බෙ අර ඉහත කී යාලුවා තමා. ඉතින් මම අහුවා බුවාගෙන් "ම්චෝ මට මෙහෙම අදහසක් තියනවා, මාත් එක්ක set වෙන්න කෑමතිද" කියලා. මූ කියපි "java කරලා වෑඩක් නෑ බන්, java වල operator overload කරන්න බෑ නේ. එක නිසා කරනව නම් c++ තමා කරන්නඕනා". ඔය නිසා ඉතින් තනියමම java කටුව කන්න උනා එ දවස් වල. (පස්සේ පස්සෙ c++ත් ඉගනගන්න උනා. එක වෙනම කතාවක්). කියන්න හෑදුවේ දෑන් අවුරුදු 3ක් තිස්සේ C++ එක්ක වෑඩ කරලත්(රස්සාව හෑටියට), antrax ට තාම operator එකක් overload කගන්න බෑරි උනා. (උවමනා උනේ නෑ). යාලුව කලාද කියලා දෑනගන්න විදියකුත් නෑ.



උදේ පාන්දර ඔය කතාව කියන්න තියාගත්තෙ අපේ අය FOSS මග අරින්න දෙන excuses ත් ඔය ජාතියෙම නේද කියල මතක් කරල දෙන්න.කවුරුහරි කියපු මොකක් හරි පොඩි දෙයක් අල්ලගන මෑරෙන්න යනව. නොකරන්න හේතු හොය හොය ඉන්නෙ නෑතුව කරල බලන්න. මේක හරියට දූරියන් වගේ. කාල බලනකන් ඉතින් තේරෙන්නෙ නෑ. කටට දාගන්නත් ඔන බල කරලා. ඊට පස්සේ..... හපෝයි තියන කරදරයක්.



අද මම කියන්න කතාකරන්න හිතුවෙ operating system වල security issues ගෑන. ඔන්න ඉතින් උදාහරනෙකින්ම වෑඩෙ පටන් ගම්මුකෝ. ඔන්න anthrax තාත්තා talk දෙන්න යන්නෙ. හිතන්නකො ඔයාට දුවෙක් ඉන්නව කියලා. ඔය ලමයව පන්සලකට පල්ලියකට යවන්නෙ නෑතුව, හොද නරක කියාදෙන්නෙ නෑතුව ඕන විදියකට හෑදියන් කියලා ලොකු වෙන්න ඈරිය කියමුකෝ.(ඈයි අම්මයි තාත්තයි දෙන්නම සල්ලි පස්සෙනේ -micros(ha)ft එක වගේ) ඔන්න 15, 16(හිතුවක්කාර වයස) වෙනකොට ඈහෑට කනට පේන්න ගන්නකොට, කොහොමත්ම පාලනය කරන්න අමාරුයි නේ. ඔන්න ඉතින් පන්ති යනව කියලා යනවා වියතක් විතර සායකුයි වියත් බාගයක් විතර හෑට්ටෙකුයි ඈදගෙන. ඔහොම වෙනකොට අම්මලා තාත්තලා කරන්නේ පුලුවන් තරම් මේ ලමයව ගෙට කරලා තියාගන්න. නීති තද කරලා, spam filter දාලා, firewall දාලා, virus guard දාලා එක කෙලියයි. ලමයටත් මේක හරි හිසරද් නේ. ඔන්න ඉතින් කොල්ලො ටික full try, unauthorized access එකක් දාගන්න. කොහොම කොහොම හරි කවුරුහරි එකෙක් firewall එකේ හරි spam filter එකේ හරි virus guard එකේ හරි vulnerability එකක් හොයාගන එක exploit කරන්න විදියක් හොයාගත්ත ගමන් කතාව ඉවරයි. ඈයි ලමයට සමාජ ආස්‍රයක් නෑ නෙ. අරූගෙ සුරන්ගනා කතාවලට අහුවෙලා මුලු os එකම compromise කරනවා.



ප්‍රායෝගිකව මේ ප්‍රශ්නෙ විසදන්න නම් කරන්න ඕනා ලමයව පන්සලකට පල්ලියකට යවලා, හොද නරක උගන්නලා, සමාජ ආස්‍රය පුරුදු කරලා, මිනිස්සුත් එක්ක ඔලුව බේරගන ඉන්න උගන්නන එක නේද? (foss වගේ)



"Microsoft Internet Explorer has encountered a problem and needs to close. We are sorry for the inconvenience." කියලා error report එක යවන්නද එපාද කියලා අහපුවම හා කියන කීදනෙක් ඉන්නවද? එක ඉතින් proprietary software පාවිච්චි කරන අයගෙ මානසිකත්වෙ. කතාකරලා බලන්න foss පාවිච්චි කරන යාලුවොත් එක්ක, මොකක් හරි bug එකක් දෑක්කොත් හරි අමුතු දෙයක් උනොත් හරි සිද්ද උනේ මොකද්ද කියලා දෑන දෑන මග අරින අය කීයෙන් කීදෙනාද ඉන්නෙ කියලා (micros(ha)ft එකට bug එකක් report කෙරුවත් හදන්න හත් අවුරුද්දක් යනවනේ). දෙකේ වෙනස හරියට අපේ දුවට කොල්ලෙක් talk කරද්දි ලග ඉන්න එකෙක් "මචන් සිරාවට නෙමේනම් කරන්නෙ ඕක කරන්න ඒපා, ඔය අපේ ගෙවල් ලග anthrax මාමගෙ දුව", කියන එකයි bill ගෙ දුවට talk කරද්දි "ඕන support එකක් දෙන්නම් මචන්, ඕක අපේ ගෙවල් ගාව" කියනව වගෙයි වෑඩක්.



වෑඩේ ඉතින් bill හොද නරක කියාදෙන්නෙ කොහොමද පොර රටේම තියන ජඩ වෑඩ කර කර. windows GUI එක apple ගෙන් හොරකම් කලා, networking part එක bsd ගෙ open source එකෙන් අරගන ගෑටයක් ගෑහුවා ...... තව නම් ඉතින් අම්බානයි ඔය වගේ වෑඩ.



programming ඉගනගන්න කට්ටිය කියන්න බලන්න code කරන්න අරගන කොච්චර කාලෙකට පස්සෙද ඔයාලා exception handle කරන්නපුරුදු උනේ කියල? මොකක් හරි risky වෑඩක් කරන්න යනකොට precaution ගන්න අමුතුවෙන් කියාදෙන්න ඕන නෑ නේද? පීනන්න බෑරි කෙනෙක් බෝට්ටුවකට නගින කොට life jacket එකක් හොයාගන්න ඕන නේද? bike එකකට නගිනකොට helmet එකක් දාගන්න ඕන නේද? ඔය වගේ පුන්චි දේවල් හදාගන වෑරදි වෙන්න තියන අවස්තා අඩු කරනවා වෙනුවට අපි කරන්නෙ වෑරෑද්ද උනාට පස්සෙ දාස් ගනන් වියදම් කරන එක. (කතාව පිට යනවා නෙමෙයි, සමහර විට ඔයාලා දෑනටමත් දන්නවා ඈති අර ඉහත කියපු message එක එන්නෙ properly handle නොකරපු exceptions නිසා.) ඔක කොහොමද security risk එකක් වෙන්නෙ කියලා කවුරුහරි අහනව නම් "ඈයි යෝදයෝ, denial of services attack එකක් කරන්න starting point එක ඕකනේ?". අලුත්මupdates දාලා තියන windows box එකක අර ඉහත කී message එක intentionally ගන්න පුලුවන් නම් ඔයත් ඉතින් පොරක් තමයි.



ඔච්චර බයිලා එක්ක වට වන්දනාවෙ එක්කන් ගියේ propitiatory software එකකට වඩා හුගක් ඉක්මනින් foss එකක bugs fix කෙරෙන බව පෑහෑදිලි කරන්න. පරක්කු වෙලා හරි හෑදෙන fixes අපිට ලෑබෙන්නෙ නෑ නේද අපි හොර software පාවිච්චි කරද්දි? කම්මෑලි කමට හෙට කරනව හෙට කරනව කිය කිය ඉද්දි වෙන්නෙ වෑඩේ මග ඈරෙන එකයි හොර බඩු වලට තව තවත් ඈබ්බහි වෙන එකයි විතරයි. සල්ලි තියන අය ඉතින් windows පාවිච්චි කරන්න ඕනම නම් එහෙම කරන්න. හොරෙන් හරි පාවිච්චි කරන්න ඕනම් අයත් එහෙම කරන්න. මම මෙ කතා කරන්නෙ ඔය දෙකොටසටම අයත් නෑති අයට. ඈස් දෙක පියාගන පලවෙනි වතාවට දූරියන් කෑල්ල කටේ දාගන්න උත්සහ කරන්න. ඈවිත් බලන්න proprietary ලෝකෙට වඩා open source ලෝකෙ කට්ටිය කොච්චර helpful ද කියලා. ඔයා තීරනය කරන්න ඔයා ජීවත් වෙන්න කෑමති සන්කර විදියට හෑදුනු, පරිස්සම් කරගන්න අමාරු hot wife කෙනෙක් එක්කද නෑතිනම් සමාජයත් එක්ක ඉන්න පුලුවන් විස්වාසය තියන්න පුලුවන් කෙනෙක් එක්කද කියල. (open source කතාව වෙන විදියකට හිතාගන නෑට්ට පාගගන්නව එහෙම නෙමෙයි, හොදද? )





අපේ දුව , bill සහ billගේ දුව මනකල්පිත චරිත බව සලකන්න



-änthräX

Thursday, 18 June 2009

software හොරකම අඞු කරමු (දෙවනි කොටස)

ඔන්න ඉතින් පොරොන්ඩු වෙච්ච විදියට මම දෙව්නි කොටසත් ලියන්න ගත්තා. සමහර අය දෑනටමත් මම ගෑන micros(ha)ft එකේ ලොකු මහත්තයට විරුද්ද කුරුස යුද්ද කාරයෙක් විදියට හිතනව අති. අනෙ මගෙ කිසිම තරහක් නෑ එයා එක්ක. එත් පොර ගෙයි කුඩු මුදලාලි කෙනෙක් ගෙයි වෙනසක් නෑ නේද? දෙන්නම විකුනන්නෙ සිරා ජරාව. පටන් ගත්තු ගමන් "අම්මට උඩු, සිරා නේ", ඊට පස්සෙ බඩුම තමා. ඉන්න තෑනක් ගෑන තෙරුමක් නෑ, තමන් ට තමන් ව පාලනයක් නෑ, එ මදිවට හිතෙන්නෙ මම තරම් පොරක් තවත් නෑ කියල. අහල පහල ඉන්න අයට හරි ප්‍රශ්නෙ "මු මොකද්ද මේ හෙලුවෙන් කරන්නෙ" කියල. එ විතරක් නම් මදෑ, ඊට පස්සෙ එකටම අබ්බෑහි වෙලා නෑතිවෙලාම යනවා. (දෑන් බයිලා ගෑහුවට මමත් ඔය සෙල්ලම තමා කලේ, XP ආපුවම උඩ දාගන එක දෑම්මා, longhorn alpha version දාගන හොදටම නාගත්තා. දෙය්යොම බලල longhorn project එක alpha testing වලින්ම ඉවර උනා, නෑත්තම් මමත් තාම පාට පාට සීනි බෝල ලොකේ). කොහොම කොහොම හරි වෑඩේ තෙරිලා, "my name is anthrax, i am an addict" කිය කිය counseling session වලට නොකඩවා සහබාගි වෙලා නරක පුරුද්ද අත ඈරගන්න පුලුවන් උනා.

open source වලට ඔලුව දාලා බලමුද මොනවද අපිට තියන options කියලා?

මුලින්ම, linux කියන්නෙ operating system එකක් නෙමෙයි. (ඔය ඉතින්, දෑන්නම් එපා වෙන්නයි යන්නෙ.) නෑ නෑ, සිරාවටම, linux කියන්නෙ හරියට කදක්(body) නෑති සිරා මොලයක්(super brain) වගේ. සුද්ද සින්හලෙන් කිව්වොත් linux කියන්නෙ kernel එක විතරයි. ඔය ජාති ජාති linux distribution තියෙන්නෙ එ එ අවශ්යතා අනුව කද, බඩ, අත්, කකුල්, ... ආදිය හයි කරලා. linux කියන්නෙ robot කෙනෙක් ගෙ මොලේ කියලා හිතන්නකො. ඔන්න car race යන්න robot කෙනෙක්ව හදන්න රෝද හයි කරල එකට එක නමක් කියනව. පතල් හාරන්න robot කෙනෙක්ව හදන්න drill එකක් හයි කරලා තව නමක් කියනවා. හදට යවන්න තව මොනා මොනා හරි හයි කරල තව නමක් කියනවා. (එකම වඩේ කරන්න වෙන වෙන නම් වලින් හදපුව නතුවත් නෙම්යි) ඔය කතන්දර කිව්වෙ මම පොර කියල පෙන්නන්න නෙමෙයි, එදිනදා පාවිච්චියට මම කියන්න යන option ටික සාදාරනීකරනය කරන්න. වෑඩේ නෑගල යනකොට තමන්ට ඔන මොන මොන වෑඩ කෑලිද කියල තේරෙයි නේ. එතකොට බෑරියෑ distribution නතුව කෙලින්ම kernel එක අරගන ඔයාගෙම linux distribution එකක් හදාගන්න. (මාත් වෑඩේට අත ගෑහුව, එති පොඩි අවුලක් උන නිසා අත්හෑරලා දෑම්මා. එකත් කියන්නම් කො එහෙනම්. නම දාන්න ගිහින් තමා අවුල සිද්ද උනේ. අර පුන්සිරියි කමලාවතීයි බස් එකට නම දෑම්ම වගේ anthrax යි linux යි එකතු කරලා liryx කියල තමා distribution එක කරන්න හෑදුවෙ. සින්දු වල වචන හොයන පොරවල් ගෙන් බේරෙන්න බරි තෑන වෑඩේ පටන් ගත්තු තෑනම නවත්තුවා.)

මෙන්න options ටික
1. Ubuntu
obvious නෙද? බහුතරයක් සාමාන්ය ජනයා පාවිච්චි කරන, එ නිසාම ඉක්මනට ප්‍රශ්නයකට විසදුම් හොයාගන්න පුලුවන් distribution එක. හෑබෑයි එක දෙයක් තියනවා. ubuntu වල firewall එක default එන්නේ disable කරලා. මහ දෙයක් නෙමේ ඔක හදාගන්න එක. terminal එකේ sudo ufw enable ගහලා enter කරන්න. password එක ඉල්ලපුවම එකත් ගහල enter කරන්න. password එක type කරද්දි typeකරන එක පේන්නෙ නෑ කියල වද වෙන්න එපා. හොදද?

2. open suse
novel netware සමාගමේ පින් තකා edition එක. මම fedora වලට කලින් open suse දෑම්මෙ ඔයාලා ත් මම වගේ අති කියල හිතලා. මොකද, fedora වලට වඩා suse, multimedia වලට support කරනවා.

3. fedora
ප්‍රසිද්ද red hat සමාගමේ පින් තකා edition එක.එදිනදා කාර්යාල පාවිච්චියට එල. (මම පාවිච්චි කලේ 10. දෑන් 11ත් එලියේ. තාම try කලේ නෑ. කොහෙද වෙලාවක් මෙ ලමයින්ගෙ ජර මර අස්සෙ. ලොකු කෙලී කොල්ලෙක් එක්ක හුට පටයක්. ලොකු කොලුවව ඉස්කෝලෙන් suspend කරලා මොක්ද්ද කෙලියකට. නිවුන්නු ඩබල ග් පුරා දන ගානව, තව එකෙක් මග)

mint සිරා කියලා පාවිච්චි කරපු අය කියනව. මටනම් තාම බලන්න බෑරි උනා ඉහත කී හේතු නිසා.

හොදම කොටස තමයි මේ එකක් වත් install නොකර try කරන්න පුලුවන් එක. දෑන් එන් බොහොමයක් operating system එන්නෙ live cd/dvd විදියට. live cd එකෙන් boot කරල පොඩි රවුමක් දාල බලන්න පුලුවන් කෝකටද හිත යන්නෙ කියලා. හෑබෑයි ඉතින් එහෙම කරනකොට බඩු හිමින් තමයි වෑඩ. unetbootin වලින් usb key එකකට දාගත්තොත් ටිකක් fast එක කරන්න හෑබෑයි ඔයාගේ motherboard එකේ boot from external device functionality එක තියෙන්න ඔනා. BIOS ගිහින් බලන්න CD/DVD ROMත් නෑතුව HDDත් නෑතුව boot from networkත් නෑතුව external device එකක් boot deviceඑක විදියට දෙන්න පුලුවන්ද කියල. unetbootin කියන්නේ live cd වලින් live usb හදාගන්න පුලුවන් tool එකක්. linux වල වගේම windows වලත් වෑඩ (ඉහත සදහන් කරපු distributions ගෑන මම කිව්වෙ live disk වලින් try කරල නෙමේ හොදද?) තවත් කතාවක් තියනවා. මම අර මුලින් කියපු ඔලුවට අත පය හයි කරන කතාව. linux වලට ප්‍රසිද්දම මුනු දෙකක් තියනව. එකකට කියන්නේ GNU desktop කියල. අනික KDE desktop. KDE පොඩ්ඩක් windows වගේ. මම නම් හිතන්නේ මුලින්ම GNU Desktop දාගන බෑලුවොත් හොදයි. කලබල වෙන්න එපා එක් කරගන්නේ කොහොමද කියලා. installation process එකේදි අහනව ඔයාට ඔනා කෝකද කියල. live cd එක download කරගනිද්දිත් තොරගන්න පුලුවන් kde ද gnu ද ඔනා කියලා. (දෙකම දාගන්න කිසිම තහනමක් නෑ. login screen එකේදි select කරන්න පුලුවන් කොයි මූනද ඔන කියල. superman වගේ, පියාබද්දි නිල් කලිසමට උඩින් ජොකා අදිනවා. පයින් යද්දි කලු කලිසමට යටින් ජොකා අදිනවා. අදුම් දෙකටම යටින් තියෙන්නේ එකම පන්චස්කන්දය)

install කිරිල්ල මහ දෙයක් නෙමේ. සුපුරුදු next->next->next->finish. windows වල තියෙන ලෑජ්ජ හිතෙන කොටස linux වල නෑ. ( අර product key එක අහන කොටස. එක අතකින් මූන වහගෙන අගිලි අස්සෙන් හොරෙන් බල බල key එක type කරන්න ඔන වෙන්නෙ නෑ )

කියල තියන එව්ව අපබ්‍රන්ස වගේ නම් කටට එන කුනු හරුප දත් වලින් තද කරගන ප්‍රශ්න පත්තරයක් හරි අහන්න. බනින්න එපා, මොකද මට ඉක්මනට අඩෙනවා.

-änthräX

Tuesday, 16 June 2009

software හොරකම අඞු කරමු.

Tech කතා pod cast එක අහද්දි පොඞඞක් ලැජ්ජ හිතෙන දෙයක් ගැන කතා උනා. ලෝකේ තුන්වෙනි තැනට හොර software පාවිච්චි කරන්නෙ දර්මද්වීපෙ කට්ටිය ලු. උදේ හවස අදින්නා දානා කියන අපිට අපූරැ නම්බු නාමෙ නේද? කාලෙක ඉදල open source fan කෙනෙක් වෙලා හිටපු නිසා නිකන් ලැබෙන හොද දේවල් ගැන සිංහලෙන් යමක් ලියන්න හිතුවා.

windows කියන්නෙ හරියට ඉස්කෝලෙ කාලෙ යාලු වෙච්ච ගෑනු ලමය වගේ. පෙනුමට යාලු වෙනවා. එතන ඉදලා යාලුවන්ට වලි වලට අඞගහලා ඉවරයක් නෑ. හැමදාම මොකක් හරි අවුලක. windowsත් එහෙම නේ. එක එක ජාතියේ error message එ මදිවට අම්බානක security loophole. වෙන කොල්ලෙක් එක්ක අතේ එල්ලිලා ගිහින් අතේ මාට්ටූ උනාම 'එ අපේ අය්ය කෙනෙක්' කියනවා.බොරැද කියලා ගෙදරින් අහන්න යෑ.( this is not a valid copy of windows කියයි, එ විතරක් නම් මදෑ, අම්බානක නෙලලා ගෙදරටත් කියයි.) අපි ඉතින් updates ගන්නත් ඔන හොරට. bugs fix කලාට පස්සෙ දාන updates කියවනවා නම්, ලංකාවෙ ලොකුයි කියන සමාගම් වලින් 90% ක network වලට කිසිම කරදරයක් නැතුව රිංගන්න පුලුවන්. (තියපු back-door එක ගැන හිතන්නෙත් ඉතිං'එ windowsගෙ අය්ය කෙනෙක්' කියලා.) ලොකුයි කියන IT institute වල තියෙන්නෙත් හොර බඞු නේ. ජිවිතේට Martini නොබිපු මම වගේ අහිංසකයෙක් ලොකු හෝටලේකින් ලස්සන වීදුරැවක දොඞම් ලෙල්ලක් එක්ක දාලා දෙන කසිප්පූ shot එක Martini නෙමේ කියල අදුරගන්නේ කොහොමද? O/L, A/L ඉවර වෙලා computer ඉගනගන්න යන අපේ ලමයින්ට වෙන්නෙත් ඔය ටිකම තමා.එ අහිංසකයො ගෙදර අවිත් practise කරන්න කරන්නෙත් ලස්සන විදුරැවක දාගන කසිප්පු බොන එක. (කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් එහෙම පුරැදු වෙච්ච කෙනෙක්ට අත්තටම Martini බොන එක simple කියලා. ඔයත් එහෙම හිතනව නම් මේ article එකෙන් ඔයාට සත පහක වැඞක් නෑ.)

ඔන්න ඉතිං ඔය විදියට ඉස්කෝලෙ කාලෙ love එකයි windows පාවිච්චියයි නැගලා ගියා කියමුකෝ. ඔන්න අපිට ටික ටික අමුතු දේවල් ගැන අහෙන්න ගන්නවා. fedora කියයි, mint කියයි, debian කියයි, BSD කියයි ... බෝලේ මෙච්චර කල් ඔව තිබ්බෙ කොහෙද? එ මදිවට එව free ලු. (අපිට ඉතිං windows ත් free නේ) ඔන්න ඉතිං ඔයින් ලස්සන interface තියන එකක් install කරලා දවසක් විතර එහෙට මෙහෙට කර කර ඉන්නවා. වැඞේ හරියන්නැ. මොකද windows වලටනේ පුරැදු. ඉතිං අයෙත් windows දාගන්නවා. windows ලේසි නිසා නෙමේ. අපි සම්පුර්නයෙන් අලුත් දේකට යන්න තියන බය මුසු කම්මැලිකම නිසා. මට මතකයි XP අපු අලුත තිබිචච කරදරයක්. නම සදහන් කරන්න අකමැති, ලොකුයි කියන IT Institute එකක මම volunteer කරනවා බයියෙක් (newbie) විදියට එ කාලේ. (එයාල ලග තිබ්බෙත් කසිප්පු තමා). hardware specification මදි නිසා lab එකෙන් බාගයක් pc වලට විතරයි xp දැම්මෙ. practical කරන්න එන කට්ටිය පොර කනවා 98 machine එකක් අල්ල ගන්න. කොච්චර උත්සහ කලත් මට පුලුවන් උනේ නෑ බහුතරයකට තේරැම් ගන්නවන්න word practical කරන්න OS එකේ බලපැමක් නෑ කියලා. මට ජිවිතේ තියන සතුටුම දවස් වලින් එකක් තමා, 98 ඉල්ලලා මැරෙන්න ගිය පොරක් xp install කරලා තිබ්බ pc එකක අපූරැවට පැය 2 තිස්සේ practical කරපු දවස. අනික් සතියෙ මු 98 machine එකක් ඉල්ලද්දි මම අහුවා ඔයා ගිය සතියෙ xp එකක නේද practical කලේ කියල. පොර නෑ ලු. ඉතිං තව මොන කතා ද?

98 එලියට දාන presentation එකේදි windows crash වෙනවා පෙනි පෙනි මනිස්සු windows 98 ගත්ත තරම කොච්චරද කියනව නම් Bill මහත්තයාට ලෝකේ ලෝකුම සල්ලිකාරය වෙන්න පුලුවන් උනා. මම පොර එක්ක ඉරිසියා නැ. එත් මනිහ සල්ලි හොයන්නෙ ලාවට අටවපු ජරාව ගොඞකට ලස්සනට සව් කොල අලවල නේ. ජරාව කියල දැන දැන අපිත් එ්කෙ එල්ලිලා ඉන්නවා. අපිට ඉස්සරට වඞා වැඞිපුර security ගැන හිතන්න වෙලා තියනවා මොකද දැන් ADSL ලාබ නිසා හුගක් අය ට ADSL තියනවා. ඉතින් ඔයාගේ හොර කොපියක් දාපු insecure windows pc එක තිස්සෙම internet එකට attached. network security ඉගන ගන්න කෙනෙක්ට practice කරන්න ලංකාව වගේ තවත් තැනක් නැ.

මිලින්ද මහත්තයට පිං සිද්ද වෙන්න අපි Microsoft product සල්ලි වලට ගන්නව නම් අමරිකාවෙ ගනන් ම ගෙවන්න එපෑ. නිකන් ලැබෙන හොද දේවල් පාවිචචි කරන්න පුරැදු වෙන්න බැරි එකම හේතුව අපේ බය. මම නෙමේ බුදු හාමුදුරැවො කිව්වත් 'හරි අද ඉදල අපි open source පාවිව්චි කරමු' කියලා වැඞේ එකපාර වෙන්නෙ නෑ. අපි ටික ටික වෙනස් වෙන්න උත්සහ ගමු. virtual machine එකක් විදියට linux කරන්නැතුව, linux වල virtual machine එකක් විදියට windows හොර copy එක දාගන්න. එතකොට ඔයාට හොර බඞු පාවිච්චි කරන්න වෙන්නේ නැතිවම බැරිනම් විතරයි. මේ විදිය practical නෑ කියන්න බෑ. මොකද මම මේක සෑහෙන කාලයක් තිස්සේ කරනවා. (මම වැඞ කරන තැන development සිද්ද වෙන්නේ MS visual studio 8 වලින්[එයාලා කසිප්පු නෙමේ බොන්නේ]. මෙ වෙනකන් අවුලක් නැතුව වැඞ කරනවා.) කලින් මම solaris පාවිච්චි කලේ base os විදියට. දැන් මාසයකට විතර උඞදි ubuntu පාවිචචි කරන්න ගත්තා. විස්වාස කරන්න. යකා කියන තරම් කලු නෑ. linux කියන තරම් අමාරැත් නෑ. MS Office වෙනුවට Open Office පාවිච්චි කරන්න, photoshop වෙනුවට gimp පාවිච්චි කරන්න, dreamweaverවෙනුවට komposer පාවිච්චි කරන්න. බැරිම අවස්තාවකට windows VM එක පාවිච්චි කරන්න. මාසයක් දෙකක් යනකොට වෙනස තේරෙයි. මගෙ laptop එක vista business එක්ක අවේ. එත් linux වලට පුරැදු උනාට පස්සෙ සීනී බෝල දීරවන්නැතුව ගියා. කම්මැලි හොරෙක් වෙන්නැතිව නිකන් ලැබෙන හොද දේවල් ගැන හොයල බලන්න. ඉලග ලිපියෙන් opensource alternatives ගැන කතා කරමු.

(මගේ බාසාවෙ අඞු පාඞු වලට සමාව දෙන්න)

-änthräX