Friday, 11 June 2010

it බුවාලා සහ බයිලා

සමහරුන්ට නම් මේ මොන කුනුහරුපයක්ද කියලා හිතෙනවා ඇති. නමුත් it වල රහ ටික කාලයක් විදපු කෙනෙක් නම් අනිවාර්යයෙන් දන්නවා මේ දෙක එලකිරි සහ ජලය වගේ යාවජීව යුගලක් කියලා. it බුවාලා එක්ක බලද්දි 'ඇම්. ඇස්. ලා වොලී බැස්ටියන් ලා මොන බයිලා කාරයොද' කියලා හිතෙන එක අරුමයක් නෙමේ කියලා. කාලයක් තිස්සෙ හිතට වදදුන්න ලොකූ ප්‍රශ්ණයක් තමා ඇයි මේ මිනිස්සු අරුම පුදුම බයිලා ගහන්නෙ කියන එක. බුදුහාමුදුරුවොත් කිව්වනෙ සමහර ප්‍රශ්ණ වලට උත්තර හොයන්න උත්සහා කරලා කාලෙ නාස්ති කරන්න එපා කියලා. ඉතිං උත්තර හොයන එක පැත්තකට කරලා වෙච්ච සිද්ධියක් ටාර් ගාලා share කරගන්න බැලුවෙ.

ඔන්න කාලෙකට පස්සෙ අපේ administration වැඩ කරන (අපි එයාට Jo කියමුකො) නෝනා මහත්තයා එක්ක කතාවකට සෙට් උනා. මෙයා අපිත් එක්ක වැඩ කරන්නෙ part timer කෙනෙක් විදියට. තවත් තැනක මේ වගේම අර්ධ කාලීනව රැකියාව කරනවා. ආගිය කතා කිය කිය ඉද්දි මෙයා කියනවා 'පහුගිය සතියෙම මගෙ අනිත් වැඩ කරන තැන වැඩක් පලක් කරගන්න උනේ නෑ නෙ. අපේ IT වැඩ බාරව ඉනරන කෙනාට හරි වැඩේනෙ වෙලා තියෙන්නෙ'. Jo කියපු විදියටම උද්ධෘත පාථ ඇතුලෙ සිංහලෙං නැතුව මම කතාව කියන්නංකො. ඔය කියන අනිත් තැන network එක හුචස් වෙලා. එයාලට in house IT බුවෙක් නෙමේලු ඉන්නෙ. බුවාට කතාකරපුවම කියනවලු තව සතියකට එන්න වෙන්නෙ නෑ කියලා. හේතුව මොකද්ද දන්නව ද? පොරට MI6 එකෙන් (මහ රැජිනගෙ රහස් ඔත්තු සේවය, අර ජේමිස් බන්ඩාගෙ ඔපීසිය) කතාකරලා කියලලු පොරගෙ 'network වල security බොහොම වැඩිය, අපිට උවමනා උවමනා වෙලාවට උවමනා දේවල් බලන්න බැරිය, වහාම ඒවා පහත හෙලන්නය' කියලා. පොර කිව්වම හරි මම මගෙ හැම network එකටම admin usernmae/password දෙන්නම් කියලා, අරෙහෙං කිව්වලු එහෙම බෑ ය මේ මොහොතේම ආරක්ශක විධි විධාන පහත හෙලන්නය කියලා. ඉතිං ඔය පහත හෙලිල්ල එසේ මෙසේ කාරියක් නෙමේ හින්දා එන සතියටම හෙල්ලෙන්න වෙන්නෑ කිතලා තමා බුවා කියලා තියෙන්නෙ.

කතාව අහං ඉදලා මගෙ පශ්චාත් භාගයෙන් අමුතු සද්ද පිටවෙන්න ගත්තා, ආපාන වාත එහෙම නෙමේ... පශ්චාත් භාගයෙන් හිනා ගිහින්. ඔය විදියට අපිවත් දන්නැති මාතෘකා වලින් කොහොමට අන්දලා ඇත්ද කියලා අපි දන්න එකක් යෑ :P. වෙලාවක් ලැබුනම හරිහමන් ලිපියක් ලියන්නං. එතකං.. මං ගියා..

11 ක් දැක්වූ ප්‍රතිවාර:

  1. අහ්හ් මම හිතුවේ මේ මොකක් හරි රස කතාවක් කියන්න හදනවා කියලා

    ReplyDelete
  2. මටනම් හිතෙන්නෙ උඹත් ඔය වගේමයි කියලා බන්. මොකො මන්දා :P

    ReplyDelete
  3. දෙශපලුවොයි, සොෆ්ට් වෙයා කාරයොයි දෙගොල්ලම එකයි. AIG එකට සොෆ්ට්වෙයා එක ලියන්නෙ. සමූපෙටවත් දාන්න බෑ.

    බාලගිරි දෝශය නොම්මර එක...

    ReplyDelete
  4. මචන් පොඩි ඔය වගේ කතා කියන්න වෙනව ලංකාවේ අයට සොෆ්ට්වෙයාර් හදද්දි මොකද ලාංකිකයොන්ට ඕන AI systems හැබැයි මූ නම් ලෝක අන්ඩයෙක්..

    ReplyDelete
  5. එච්චරටම හයි සෙක්‍යුරිටි බුවෙක් හෑ? :P

    ReplyDelete
  6. හප්පා මම හිතුවේ සේල්ස් කාරයෝ කියලා ගොඩක්ම බයිලා කියන උන් . . ඒත් බලපුවාම අයි. ටී. කාරයෝ උන්ව පරාද කොරලා නොවැ ඔය කියන විදිහට හික් හික්

    ReplyDelete
  7. හි හි මරු ටෝක !!!

    ReplyDelete
  8. Dar[K]
    :)

    royly,
    උබට මම @#%$£"$%$£^%$

    මාතලන්,
    අනේද කියන්නෙ. මාත් ඔය ...කාරයෙක් තමා හැබැයි :P

    Naveen,
    ලාවට බයිලයක් ගහන්න ඕනෙමයි නේ එතකොට ;)

    budhajeewa,
    දැක්ක නේද හැබෑ වැඩකාරයෙක්ව :P

    දුකා,
    IT සේල්ස් කාරයො ගැන ඉතිං කියන්න ඕනෙ නෑ නෙ. :)

    හිඟන්නා,
    මේ බලන්න මෙයාගෙ ලොගෝ එක ;)

    Naya,
    :)

    ReplyDelete
  9. බුවාගෙ ෆැක්ස් නොම්බරේ නැද්ද? හදිස්සියකට ඊමේල් එකක් යවන්න.. ;)

    ReplyDelete
  10. චැහ්. මෙහෙඉන්නවා ඔයිට වැඩිය පොරවල්. ඕකුන් මොකුන්ද.මෙහෙනේ ඉන්නේ නියම බඩු බඩු.
    http://www.javaworldcongress.org/
    www.ijts.net/
    www.ccjpint.org/

    මෙන්න වැඩේ..

    http://ranarala.blogspot.com/

    ReplyDelete